Pages

Sunday, August 15, 2010

A/L ද? කැම්පස් ද?

කාලෙකින් මොකුත් ලියන්න බැරි උනා...

ඒත් අද ලැබිල තිබුන පණිවිඩයක් නිසා සටහනක් තියන්න ඕනෙ කියල හිතුනා..

මම දන්න කෙනෙක් මගෙන් අදහසක් ඉල්ලුවා...

එයා එවපු පණ්විඩයෙ මෙහෙම සටහන් වෙලා තිබුනා...

" මට ඔයාගෙන් උදව්වක් ඕනෙ. මගේ නංගි මේ පාර දෙවෙනි පාරට A/L කරනවා. commerce වලින්.
දැන් සබ්ජෙක්ට් දෙකකුත් ඉවරයි. එයාට ඊයෙ රජරට යුනිවර්සිටි එකේ ICT එකට අඟහරුවාදට කලින් රෙජිස්ටර් වෙන්න කියල ලියුමක් ආව. දැන් එයා ලොකු ප්‍රශ්නෙක ඉන්නෙ"



ජීවිතයේ වැදගත්ම විභාගයක් කරනකොට මෙහෙම ලියුමක් ආවම එකපාරටම තීරනයක් ගන්න කාටවත් පුලුවන් කමක් නෑ...


විශේෂයෙන්ම විභාගය පැවැත්වෙන අතරතුරදි. විභාගය ලියනකෙනාටත් ඒ වගේම ගෙදර ඉන්න අයත් ලොකු ප්‍රශ්නයකට මැදි වෙනවා. 



ලංකාවෙ තියෙන Z ලකුණු ක්‍රමය අනුව ඉතින් සමහර අයට A 3ක් ගත්තත් කැම්පස් යන්න බැරි වෙනවනෙ. එහෙම සලකල බැලුවම ඉතින් විභාගය ලියන ළමයට ඒක දමාගහල යන්න කියල කියන්න තමා දෙමවිපියන්ට හිතෙන්නෙ.
ඒත් ඉතින් අනෙක් අතට එහෙම කියන්නත් බෑ...
හොදින් සූදානම් වුන ලමයෙකුට ඉතින් විභාගය අතරතුර දාල යන්න කියන්න බෑ නෙ.



මේව ඉතින් අධ්‍යාපන බලධාරීන්ගෙ අවදානය යොමුවෙන්න ඕනේ තැන්...

ඒක්කෝ මේ බඳවා ගැනීම් විභාගයට කලින් හෝ විභාගයට පස්සෙ කරන්න ඕනේ.


විභාගයක් අතරතුර මේවගේ බඳවාගැනීම් කරන එක අසාධාරණ්යි කියලයි 'සුළඟ'ගේ නම් අදහස...

Tuesday, June 22, 2010

දාන්න නමකුත් නෑ...

පහුගිය කාලය පුරාවටම අලුතින් යමක් ලියන්න බැරි උනා... හේතුව නම් ඉතින් මීට කලින් දාපු ලිපියෙ තියෙනවා... ආයෙ මොකට කියන්නෙයි නේ? (ටයිප් කරන්න කම්මැලියි ) ඒත් මොන වැඩ තිබුනත් ඉතින් සින්ඩි අතරෙ යන එක නම් සක්කරයගෙ පුතා වයිමට වත් නවත්තන්න බැරි උනා... :)
අපරාදේ කියන්නබෑ... ලස්සන කතන්දර , ගඩොල්, ආදර කතා, නැණ පමණින්, ඉබ්බලගෙ කතා එහෙමත් ඉතින් ඔක්කොම වගේ කියෙව්වා...

කොහොමින් කොහොමහරි ඉතින් අපිටමනෙ වෙන්නෙ... ඉදල ඉදල ජoගම පරිඝණකයක් නොහොත් ලැප් එකක් ගත්තා... ම්ම් ඒක ඉතින් ACER 5740 එකක්... ACER ඉතින් දුප්පතාගෙ හිතවතානෙ... අරගෙන සතියක් නෑ මෙන්න අපේ රජතුමා බදු අඩුකලා... අනේ මගේ දුප්පත් අහින්සක අසරන සල්ලි.... කාට කියන්නේයි නේ?? :(

දැන්නම් මේ කොන්වර්ටරේ ටයිප් කොරන හැටි මතකත් නෑ වගේ...

පහුගිය ටිකේ එකතු උන දේවල් තමයි මේ...

මේක නම් ඉතින් බොහොම අවාසනාවන්ත සිදුවීමක්...
හදිසි උවමනාවකට ඉතින් බොඩිමේ ඉදන් ගෙදර යන්න මම 190කට නැග්ගා.

පනාගොඩ කෑම්ප් එකත් පහු උනාට පස්සෙ හොදින් ඇද පැලද ගත්තු සීය කෙනෙක් බස් එකට ගොඩ වුනා... සාමාන්‍යයෙන් ඉතින් අන්තිම ටික නිසා 190 පයිලට්ල පාගල යනව... ඒත් ඉතින් මම ගිය යානාවෙ කෙනානම් ලෑල්ලටම පාගලා ගියා...

කොන්දොස්තර මල්ලිත් ඉතින් සල්ලි ගන්න කියන එකමනෙ වැඩේ...
අර සීයට වාඩිවෙන්න වේලාවක් තිබුනේ නෑ... සීයත් ලඟම තිබුන සීට් එකේ වාඩි වෙන්නේ නැතුව ටිකක් ඉස්සරහ තිබුන සීට් එකක වාඩි වෙන්න ගියා... පයිලට් අන්කල් ගහපු බ්‍රේක් පාරට සීයව වැටිල නැවතුනේ පයිලට්ට ටිකක් විතර ලගින්...
ඒ මදිවට තුවාලත් වෙලා... අන්තිමේදි ඉතින් ගොඩගම හන්දියේදි තමයි සීය බැස්සේ... ඒ වෙලාවෙ කොන්දොස්තර ලමයත් ඉතින් බැහැල සීයට බෙහෙත් දාන්න එක්කගෙන ගියා...

සීයව නිකන්ම බස්සවල යන්නෙ නැතුව බෙහෙත් දාන්න එක්කගෙන ගිය එක නම් වටිනවා...
ඒත් ඉතින් ජේෂ්ඨ පුර වැසියන්ට ගමන් බිමන් යන්න මීට වඩා විධිමත් ක්‍රමයක් තිබුන නම් හොදා කියලත් ඉතින් සුළඟට නොහිතුනාම නෙමේ...

***************************************


මේකනම් ඊයෙ පෙරේදා ගෙදර ගිය වෙලාවෙ අහපු දැකපු කතාවක්...

අර ස්වර්ණවාහිනියෙ යන්නෙ "ජීවිතය ලස්සනයි" කියල වැඩ සටහනක්...
මම බලපු දවසෙ ඇවිත් හිටියෙ ප්‍රවීණ නැටුම් ගුරුවරු යුවලක් වන, කුලසිරි බුදවත්තයන් සහ එම මහත්මිය...

සාකච්චාවෙ අවසාන මොහොතෙදි බුදවත්ත මහත්මය අපූරු කතාවක් කිවුවා... මේක දැකපු අහපු අයත් ඇති මගෙ හිතේ...

ඒක කියපු ගමන්ම නම් ඉතින් හිනාවක් ආවත් මොහොතකින් අඩන්නයි හිතුනෙ...

"මෙදාපාර ක්‍රිකට් මැච් එකේ ගහන හයේ හතරෙ පාරවල් වලට නටන්නෙ වෙස් නැට්ටුවොනෙ... ඊලග පාර තරගෙට හාමුදුරුවරු පස් හය නමක් ගෙන්නල හයේ හතරෙ ඒවා ගහන වෙලාවට පිරිත් කියවන්නයි වෙන්නේ..."

උඩරට නැටුම් සම්ප්‍රදායේ මුදුන් මල්කඩ විදියට තමා වෙස් නැටුම හැදින් වෙන්නේ.. ඉතින් ඒවගේ වටිනා දෙයකට හානියක් වෙනකොට ඉතින් මෙහෙම නොකියත් බෑ...

දැඩි විරෝධය නිසා නැටිල්ල නම් දැන් නවත්වලා... ඒත් ඉතින් වෙන්න ඕන හානිය වෙලා ඉවරයි මගෙ හිතේ...
************************************************


හ්ම්ම්.... ඉතිරිය පසුවට....

Sunday, May 9, 2010

20න් පස්සෙ

පහුගිය අප්‍රේල් 20න් පස්සෙ ඔන්න අද තමා ලියන්න වෙලාවක් ලැබුනේ...
මොන විභාග තිබුනත් ඉතින් "සිoහල බ්ලොග් කියවනයෙයි", "ලාoකීය සිතුවිලි" වලයි අලුතින් දාන ලිපි උඩින් පල්ලෙන් හරි කියෙව්වා...

පහුගිය කාලයෙ එකතුවුන සිදුවීම් කීපයකුත් තියෙනවා... ඒවත් "දේදුනු පාළම" වියුනු සටහනට ඇතුලත් කරන්න හිතාගෙන ඉන්නවා...

ඒ අතරෙම ඉතින් මේ දවස් වල හැමෝම කතාවෙන්නෙ ඉතින් "කවි මඩුව"යි "ටී20 තරඟ" ගැනයි නේ...
කවි කියවන්න පුලුවන් වුනාට ලියන්න බෑ...
ඒත් ඉතින් අප්පොඩ්යක් තලල පොඩි හූ කෑල්ලක් කියල යන්න එනව...


ඒ අතරෙම ඉතින් අවසන් වසරේ ව්‍යාපෘතිය විදිහට කරන දේ ගැනත් මේ අවකාශය තුල සටහනක් තියන්න හිතාගෙන ඉන්නවා...
දැනට ඉතින් ඒකෙ නම විතරක් මෙතන ලියල තියන්නම්... "Computational Model for Fabric Inspection-(CMFI)" නම වගේම තමා ඉතින් කාරනාවත් ටිකක් විතර සoකීර්ණයි...

එහෙනම් ඉතින් අලුත් ලිපියකින් හමුවෙමු....

Tuesday, April 20, 2010

සුබ නව වසරක්...!

සියලුම දෙනාට සුබ අළුත් අවුරුද්දක් වේවා...
ප්‍රමාදය පිළිබද සමාවන්න...

අප්‍රේල් 7ට පස්සෙ අද තමා මේ පැත්තට ආවෙ... ඒ කියන්නෙ බෝඩිමටත්,බ්ලොග් අඩවියටත්,සිoහල බ්ලොග් කියවනයටත්,ලාoකීය සිතුවිලි වලටත්....


"නදීශා"මගේ කතාවට කොමෙන්ටු දාපු අයටත් කියවපු හැමෝටමත් ස්තූති කරන්න බැරි උන නිසා... මේ විදියට පෝස්ට් එකකින් ස්තූති කරන්න හිතුවා...


වෙන් වෙන් වශයෙන් පිලිතුරු ලබා දීමට නොහැකිවීම ගැන සමාවන්න... 

සෙමෙස්තර පරීක්ෂණය නිසා කාරිය බහුලවී ඇත...


සුබ අළුත් අවුරුද්දක් වේවා.!

Tuesday, April 6, 2010

"නදීශා" අවසානයට පසු...

"නදීශා"...මා ආදරය කල ඇය..

නදීශා 12

නදීශා 11
සියලු දේ සිදුවී හමාරය....
නමුත් එක වරම ඇය මෙසේ වෙනස් වීමට නම් හේතුවක් තිබිය යුතුය...


නැවත දිනෙක  මාගේ වද කිරීම මත, ඇය මුණ ගැසීමට මට  හැකිවිය...

පුරුදු ලෙසම නොවූවත් ඇයත් සමග ටික වේලාවක් ගතකිරීමට හැකිවිය...

"අපි යමුද අපි මුලින්ම මුණ  ගැහුනු තැනට?"

'ම්.. ඉක්මනින් ගෙදර යන්න නම් ඕනේ...
කමක් නෑ.... යමු... ඒත් ටික වෙලාවයි..'

"ඔව් ඔයාව ඉක්මනින් මම යවන්නම්...."

ස්ථානය: "රස" නිවස
වේලාව: සවස 2.30ට පමණ.

"ඔයා මොනවද බොන්නේ?"
'කැමති දෙයක්'

ම්... අපිට ගේන්න ස්මැක් චොක්ලට් එකයි, ජින්ජ බ්යර් එකයි...
ඇගේ කැමතිම පානය ස්මැක් චොක්ලට් විය...

"නදීශා...
මට ඔයාට දෙයක් කියන්න තියෙනවා"

'මොකක්ද?'
"මම දන්නෙ නෑ ඔයා මේක අහල සතුටු වෙයිද අඩයි ද කියලා... ඒත් ...මේක මම මගේ ජීවිතයේ ගන්න අමාරුම තීරණය...."

'මම දැන් මට කියන්න තියෙන දේවල් කියල ඉවරයි...' 
මීට පෙර හමුවීමේ දී ඈ කීවාය....

කෙනෙකු බලෙන් මාවෙත රදවාගෙන ආදරය කිරීමේ හැකියාවක් නැත...

"අපි මේ විදිහට මුණ ගැහෙන අන්තිම දවස අද"

ඒ මොහොතේ ඇගේ මුහුණේ ඇදුනේ දුක් සහිත බවක්ද නැතහොත් සතුටක් ද යන්න මම අදටත් නොදනිමි...



නමුත් ඇයට ආදරය කල බව පමණක් දනිමි....

~නදීශා අවසානය~

Thursday, April 1, 2010

නදීශා 11

නදීශා 10 මෙතන 

නිලූෂිගේ නිවසට ලගාවන තුරු පසුගිය දින කීපය තුල කතා කිරීමට නොහැකි වූ සියලු දේ ගැන කතාකරමින් පැමිණියෙමු..

යහලුවාගේ නිවසට යාමට ටිකදුරක් පාගමනින් යාමටද සිදුවින..

"මේ අපි දෙන්න හෙමින් යමු.. අර දෙන්නට ඉක්මනට යන්න කියමු..."
මම ඇයට කීවෙමි...

'ඔව් අනේ.. මේ යන විදිහට මට නම් ගෙදරට ගියගමන් මොනවහරි බොන්න ඕනෙ'

"ඔයා දන්නවද අද ගෙදරදි වුන දේ?"
'නෑ නෙ ඉතින්.. කියන්නකෝ...'

මම සිදුවූ සියල්ල ඇයට පැවසීමි...
'ඔයා හරි ලමයෙක් නෙ!.. ඇති ගුටි නොකා බේරුනා...'

"ඉතින් ලමයො මම ඇත්තම කිවුවා... මේක ඉතින් අද කිවුවත් එකයි පස්සෙ කිවුවත් එකයි නේ..."
ඇය ඒ ගැන තවදුරටත් කිසිත් නොකීවාය,...


කෙමෙන් කෙමෙන් අපි නිලූෂිගේ නිවසට ලගා වුනෙමු..

ඇගේ මව ඉතා හොදින් අප පිළිගත් අතර, අපට සoග්‍රහයක් කිරීමටද ඕ අමතක නොකලාය...

'දැන් ඇතිනේ මහන්සි නිවාගත්තා,... අපි යමුද පන්සලට?'

ස්ථානය:  ............පන්සල
වෙලාව: උදෑසන 11.00 ට පමණ


ඇයටත් මටත් ඉඩ හැර යහලුවන් දෙදෙනා... මදක් ඈතට වූහ...
මා ඇය හා ගෙවූ වසර දෙකක පමණ කාලය තුල එදින මම ඇගේ විශේෂත්වයක් දුටිමි...

"මම අදයි දැක්කෙ ඔයා ජින්ස් ඇදල ඉන්නවා... ඇයි කලින් ඇන්දෙ නැත්තේ?" මම ඇසීමි..

ඔයා කැමති නැතුව ඇති කියල මම හිතුවා... ඒකයි...

"ඉතින් මම කලින් එහෙම කියල තියෙනවද?"
නෑ.. ඒත් මම හිතුවා... 

'ඒක නෙමේ,.. මට දෙයක් අහන්න තියෙනවා...'
"ඉතින් අහන්න.... මම උත්තර දේන්නම්"

මේ මොහොතේ මා උත්තර සැපයීමට සූදානම් වන්නේ ජීව්තයේ අසීරුම ප්‍රශ්ණාවලියකට යැයි මොහොතකට වත් මම නොසිතීමි...

'මට කියන්න රoග මේකෙ අවසානය මොකක්ද කියලා...'
ඔයා මොනවද මේ අහන්නේ?

"ඇයි මම පටන් ගන්න කොටම කිවුවේ අපි මැරි කරනව කියලා... ඇයි ඉතින් මේ ආයෙත් අහන්නේ?"

'ඒඋනාට මට නම් එහෙම හිතෙන්නේ නෑ...රoග'
"මොකක්?" මම වික්ෂිප්ත වීමි... ඇයගෙන් මෙවන් වදන් පෙලක් මා කිසිවිටෙකත් අපේක්ෂා නොකලෙමි...

'ඔයා දන්නව නේද අර ..... සර්ව?'

"ඔව්... ඒ මොකද?"

'එයා මැරි කරල තියෙන්නෙ අපේ .... කෙනෙක්ව.'

'ඒත් ඒ කෙනාට කලින් වෙනත් boy කෙනෙක් හිටියා...
මැරි කරල උනත් තාමත් ඒ ...... එයාත් එක්ක අෆෙයා එක තියාගෙන ඉන්නවා'

ඇයට කතා කිරීමට ඉඩ හැර මම නිහඩ වීමි....

'මට වුනත් ඔයාට වුනත්, අපි මැරිකරල ඉන්න කොට ඒවගේ කැමති කෙනෙක් හම්බ උනොත් මොකද කරන්නේ? '

"මට තේරුනේ නෑ නදීශා..."

'අපි දෙන්න මැරි කලාට පස්සෙ,... ඔයාට වෙනත් කෙනෙකුට හිත ගියොත්?'
"නෑ කීයට වත් එහෙම වෙන්නේ නෑ..." මම පිලිවදන් සැපයීමි..

'මට වුනොත්' 

"මොනවද මේ කියවන්නේ?"
'නෑ මම ඇත්ත කියන්නේ..'

ඒ මොහොතේ  කෙනෙකු, තම පෙම්වතියගෙන් හෝ පෙම්වතාගෙන් තමන්ට ඇසිය හැකි කෲරතම සහ අසoවරම දෙය මම අසමින් සිටියෙමි... 

මම ආදරය කල, මගේ ජීවිතය යයි සැලකූ ඇය,
මේ මොහොතේ මගේ සියලු සිහින, පැතුම් සුනු විසුනු කරමින් මගෙන් මිදීමට උත්සහ කරයි....

මා වෙනුවට වෙනත් අයකු එම ස්ථානයේ සිටියේ නම්, මීට වඩා බොහෝ වෙනස් අයුරකින් ඇයට ප්‍රතිචාර දක්වනු ඇත...
'අපි දෙන්නට යාලුවෝ විදිහට ඉන්න පුළුවන්...'
රoග ඔයා ඇයි කතා කරන්නේ නැත්තේ?

නදීශ, ඔයත් එක්ක යාළුවෙක් විදිහට ඉන්න ඕනෙ නම්, මම මෙහෙම ඔයාගෙ පස්සෙන් ඇවිත් යාළු වෙන්නේ නෑ නෙ..
අනික මට දැන් කතා කරන්න දෙයක් ඉතිරි වෙලා නෑ...

'නෑ රoග, ඔයා මට ඔයාව තේරුම් ගන්න දුන්නේ නෑ...'
ඔයා මොකක්ද මේ තේරුම් ගන්න දුන්නේ නෑ කියන්නේ...
මොනවද එහෙනම් ඔයා මගේ ගැන මෙච්චර කල් හිතාගෙන හිටියේ...

'ඔයාට ඒක තේරෙන්නෙ නෑ...'
'මම දැන් මට කියන්න තියෙන දේවල් කියල ඉවරයි...'
අවසානයේ ඇය පැවසුවාය...

එසේ කියමින්... අවසානයේ සියල්ලම, නැවත  මා වෙත යොමු කලාය...


මගේ ආත්මය, ජීවිතය, ආදරය, මැවූ සිහින, සියල්ලක්ම එකින් එක මාගේ දෑස් ඉදිරිපිට බොද වෙමින් පවතී...

Wednesday, March 31, 2010

නදීශා 10

නදීශා 9 මෙතන 

ඇයගෙන් ඇමතුමක් ලැබෙන තුරු බලා සිටිනවා හැර කරන්නට කිසිත් ඉතිරි නොවින...

මේ අයුරින් දින කීපයක් ගත වින..
දිනක්...

'අයියේ ඔයාට කෝල් එකක්...'
"කවුද?"
'මම දන්නේ නෑ... මේ ගෑනු ළමයෙක් කතා කරන්නේ...'
එයා...  මගෙ සිත මිමිනීය...

'හෙලෝ... රoග, මම චින්තා...'

"ආ ඔව් කියන්න..."
'ඔයාට හෙට 10ට ටවුමට එන්න කියන්න කියල නදීශා කිවුවා...'

"හරි මම එන්නම් කියන්න."

ඇමතුම විසන්ධි වනවාත් සමග...

'කවුද කතාකලේ?'

"මගෙ යාලුවෙක්"

තාත්තාගෙන් බේරීමට පිළිතුර ප්‍රමාණවත් විය...

පසු දින උදෑසන....

'කොහෙද යන්න ලෑස්ති වෙන්නේ?'
තාත්තාගෙන් ප්‍රශ්ණයක් යොමුවින.

දැන් මොකද කරන්නේ... ඇත්තම කියනවද බොරුවක් කියනවද...

ඉතින් කොයි දේකටවත් ගෙදරට බොරු නොකරන හින්ද ඇත්තම කියනවා..

"මම යනවා පොඩ්ඩක් ටවුමට"
'මොකටද මේ හදිසියෙම යන්නේ?'
"හදිසියක්ම නෙමේ... මේ.. ගෑනු ලමයෙක් මීට් වෙන්න"

'මොකක්? ඈ මිනිහො.. කොහෙන්ද ඔච්චර හයියක් ආවෙ මගෙ මූණට ඕක කියන්න?..
බලනව, දැන් මල්ලි හෙට ඇවිත් ඕක මට කිවුවොත් මොකද කරන්නේ?'

"මම ඇත්තනේ කිවුවෙ... බොරු කියන්න බැරි හින්දා.."

'තමුසෙ ඇත්ත කියපු එක ලොකු දෙයක්... ඒත් තමුසෙට අද ගෙදරින් එලියට යන්න බෑ'

පොඩි කාලයේ පටන් තාත්තා අපට දෙයක් කිවුවොත් ඒක ඉතින් කිවුවාමය...
කිසි ලෙසකින් වෙනස් නොවේ..

දැන් මොකද කරන්නේ?... 
'අනේ ලමයො..
මොකක්ද අර තාත්තට කිවුවේ...වෙන මොකක් හරි දෙයක් කියල යන්න තිබුනානෙ...'
සිදුවූ දෙයින් අම්මාද වික්ෂිප්ත වී සිටියාය...

දැන් අරයට කොහොමද මේක කියන්නේ? අද යන්න වෙන්නෙ නෑ නෙ..
අයියෝ මාත් කරගත්ත දෙයක්..

යන්න සූදානම් වූ ඇදුම පිටින්ම මම කාමරයට වැදුනෙමි.

ටික වේලාවකින් තාත්තා කාමරයට පැමිණියේය...

ආ මේක ගන්නව. දැන් ඔය ලෑස්ති වුන ගමන ගිහින් එනව..
මෙතන රුපියල් 5000 තියෙනව..

එන ගමන් ඩ්‍රයිවින් ලයිශන් ගන්න ට්‍රයල් එක දෙන්න ලර්නස් එකකට සල්ලි දීල එනව...
2000-2500 විතර යයි..

මතක තියා ගන්නව අද විතරයි එලියට යන්න පුලුවන් හරිද..'

ඇති යන්තම්... 
සුළු ප්‍රමාදයකින් ටවුමට ආවත් , ඒ වන විට ඇය පැමිණ තිබුනේ නැත...

නමුත් සුලු වෙලාවකින්... 
'රoග, නදීශ පොඩ්ඩක් පරක්කු වෙනව කිවුවා...' 

"ආ ඔය දෙන්නත් ආවද... "

ඇගේ හොද මිතුරියන් වූ චින්තා සහ නිලූෂි එසේ කියමින් මා අසලට ආහ..
'ඔයා මොකද රoග මේ දවස් වල කරන්නේ...'
"මොනව කරන්නද හලෝ කනව බොනව නිදාගන්නව ඇරෙන්න..."

'රිවිශන් ක්ලාස් නම් පටන් ගනී ඉක්මනටම නේද?'
"ඔව් දැනටමත් සමහර ඒව පටන් අරන්නේ තියෙන්නේ... "

ආ රoග, අර එන්නේ අරය...
බලන්න අපි කාපු කට්ට... එයාට නම් ගානක් වත් නෑ.. බලන්නකො හිනාවෙවී එන හැටි...

'ඔන්න රoග ඔයා ටිකක් බනින්න... '

"ඔව් ඔව් ... කොහොමත් මම ටිකක් බනින්න තමා ඉන්නෙ.."
"ඔයා ඇවිත් ගොඩක් වෙලාද?" අසමින් ඈ මා අසලට ආවාය..

නෑ.. මේ ඔයා එනකොටම තමා මාත් ආවෙ... මේ ඩබල නම් කලින් ඇවිත් තිබුනා...

'ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙනවා...'
මම කීවෙමි.

"මටත් තියෙනව අනේ... අපි කොහෙටද යන්නේ?"

'ඔයා අම්මට කිවුවේ කොහේ යනව කියලද?'
නිලූෂිගෙ ගෙදර යනව කියල...
"නිලූෂි, මෙයා ඔයාලගෙ ගෙදර යනව කියල ඇවිත් තියෙන්නේ..."

'එහෙනම් ඇත්තටම අපේ ගෙදර යමු...' 
 ලස්සන පන්සලක් එහෙම තියෙනවා... ඒකත් බලන්න යමු...


 "එහෙනම් අපි ඇත්තටම එහේ යමුද?" මම ඇගෙන් විමසීමි..

'හා... යo..'

ඒ ගමන මගේ ජීවිත ගමනේ තවත් ගමනක් නොවී කඩයිමක් වනු ඇතැයි මම කිසි විටෙකත් නොසිතුවෙමි....

Sunday, March 28, 2010

නදීශා 9

නදීශා 8මෙතන


ඇය දුරකතනය විසන්ධි කල පසු කිසිත් සිතා ගැනීමට වත් නොහැකි විය...
මොනවද මේ මෙයා මට කියන්නේ...

'එහෙනම් ඔයාට මාව ආයෙත් මීට් වෙන්න බැරි වෙයි...
මම තියනවා...'
ඒ වදන් පෙල දෝoකාර දෙන්නාක් මෙන් ඇසිනි...

"කවුද කතාකලේ?"
මම පියවි සිහිය ලැබුවේ තාත්තාගේ හඩිනි...
'ආහ්... මගෙ යාලුවෙක්'

එම පිලිතුර ප්‍රමාණවත් විය...

මා ගෙවූ දීර්ගතම රාත්‍රීන් අතුරින් එකක් ලෙස එය සටහන් විය..
නිදිවර්ජිතව විසදීම සදහා ගැටලුවක් විය..

'මොකක්ද මෙයා මේ එකපාරටම කිවුවේ...'

හරියන්නේ නෑ. ඉරිදට දහම් පාසලට එනව කිවුවනේ..
එතනදි  හම්බවෙලා අහන්න ඕනේ...

ඉරිදා දිනයේ ගෙදරින් එලියට බැසීමට පැහැදිලි හේතුවක් අවශ්‍ය නොවුනි...

අම්මේ.. මම අද මනෝජ්ලගෙ ගෙදර යනවා..
අපේ කට්ටිය එහෙට අද එනව කිවුවා..

මනෝජ්, හේෂාන්, තරිදු, මලීන්,පුන්සර... ආදීවූ මගේ මිත්‍රයන් ගැන අම්මා  දැන සිටි නිසා එය අස්වැසිල්ලක් විය.

කෝකටත් මනෝජයට කෝල් එකක් දාල කියන්න ඕනෙ.
හදිස්සියෙවත් කතා කලොත් එහෙම..

ඒ ආකාරයෙන් සිදුවිය හැකි සියලු ආකාරයේ සිදුවීම් සදහා පිලියම් යෙදීමි.

පන්සල ඇතුලට යන්නේ කොහොමද?

ඇරෙන කල් ඉන්න උනොත් එහෙම ලොකු කට්ටක් කන්න වෙන්නෙ..

මේ හරියෙ දන්න එකෙකුට ඉන්නෙ කසුන් විතරයි..
ඒත් ඌත් එක්කත් ලොකු සම්බන්ධයක් නෑ නෙ.

කෝකටත් ඌව හම්බවෙලා බලනවා..

හන්දියට ගොස් කිහිප දෙනෙකුගෙන් විමසීමෙන් පසුව කසුන්ගේ නිවස සොයාගැනීමට හැකිවින.

"අම්මට හුඩු.. රoගය.. මේ කොහෙද බන් මේ උදේම යන්නෙ..?"

'කොහේ යන්නද බන්.. උඹව හොයාගෙන තමා ආවෙ.'
"වරන් වරෙන් ඇතුලට..."
වැඩේ කරගන්න පුලුවන් වෙයි වගේ... මගේ සිත මිමිනීය..


තේ එකක් බොමුද? මම දැනුයි බන් නැගිට්ටෙ.

'තේ නම් ඕනේ නෑ බන්...'

"කොහොමද නදීශ එහෙම"

මම කියන්න කලින්ම මූ ඇහුවනෙ...
'ඒක තමා බන් මේ උබව හොයාගෙන ආවෙ...
ඉක්මනට ලෑස්තිවෙලා වරෙන්කෝ...'

"හරි මචන් මට විනාඩි 10ක් දීපන්.."

ඉතින් කියපන්කෝ... මගෙන් මොනවද කෙරෙන්න ඕනෙ?

මේ.., නදීශ දහම් පාසලේ උගන්නනව නේද?

"ඔව්නෙ බන්.. අද ඉරිදනෙ.
වරෙන් යන්න පන්සලට යමු."


'අවුලක් නැද්ද? මෙහේ මම දන්න එකෙක්ට ඉන්නෙ උඹ විතරයි..
හාමුදුරුවො මොනව හරි කියයි ද?'

"අපෝ නෑ.. උඹ බය නැතුව වරෙන්.. මම ඉතින් පන්සලේ හොද දායකයෙක් නෙ. හාමුදුරුවො මොකුත් කියන්නෙ නෑ..."


'මචන් මේ කරන උදව් වලට නම් උබට පින්..'

"අයියෝ ඕක මොකක්ද බන්.."
"මොකද ඒකිව හම්බවෙන්න බැරි උනාද?"

'ඔව් බන් දන්න වනෙ ඉතින්... දැන් පන්තිත් නෑ නෙ..'

"මචන්, රoගය, සමහර දවස් වලට ඒකිගෙ අක්කත් එනව උගන්නන්න.."



දහම් පාසල ඔහුගේ නිවසේ සිට ඇවිද යාහැකි දුරකින් විය...
කිසිදු පැකිලීමකින් තොරව ඇතුලට යා හැකි විය...


"මචන්, අදත් දෙන්නම ඉන්නව වගේ...
මොකද කරන්නේ?"


'නදීශගෙ පන්තිය කිට්ටුවට ගිහින් එමු.
එයා දකිනවනෙ එතකොට...'


මම සිතූ අයුරින්ම ඇය අප දුටුවාය.. නමුත් කිසිදු වෙනසක් පෙනෙන්නට නොතිබුනි.
මෙයා මේ මාව ගෙන්න ගන්න කියපු දෙයක්ද...



"අක්ක ඉන්න නිසා කතා කරන්න වෙන්නෙ නෑ..."

කතා කරන්න එපා.. අක්ක තාම දන්නෙ නෑ නෙ බන්...

"රoගය, උඹ අර අපෙ ඉස්කෝලෙ හිටපු අසේලව දන්නවද?"

'මොන අසේලද?'

"ඌ මචන් අපිට වඩා අවුරුද්දක් වැඩිමල්... උඹ ඌව දන්නව... අර ඉන්නෙ බන්.."

'ආ.. ඔව් ඔව්... මම දන්නව'

"වරෙන් ඌවත් හම්බවෙලා යමු..."

'හරි එහෙනම් ඌට කියමු අරයට මාව මීට් වෙන්න කියන්න කියල..'



ආ මල්ලිලා... මොකද මේ පැත්තේ?

මෙන්න මේ රoගයත් එක්ක ආව බන්...
කසුන් විසින් පිලිතුරු සපයන ලදී...

ඇත්තෙන්ම අසේල මම ද හොදින දන්නා අයෙකු විය..

අප දෙදෙනාම පාසල් නාට්‍ය පුහුණුවීම් වලදී මුණගැසී ඇත...


'මචන් අයියෙ, නදීශට පොඩි පණිවිඩයක් දෙනවද?
මාව ඉක්මනින් මීට් වෙන්න කියන්න..'
එතකොට එයා දන්නවා.

එයාගෙ අක්ක ඉන්න හින්ද කතාකරන්න බෑ නෙ..

ආ.. හරි මල්ලි මම කියන්නම්...
'ලොකු උදව්වක්'

කසුන අපි යමුද?

"හරි, යමන්කො හන්දියට, මටත් හන්දියට යන්න ඕනෙ."

'අනේ මචන් උඹ ලොකු උදව්වක් කලේ... වෙලාවෙ හැටියට ස්තූති කරනව ඇරෙන්න වෙන දෙන්න දෙයක් නෑ...'

"ආ ඒව ඔක්කොම හරි බන්."

"උඹ දැන් කොහෙද යන්නෙ?"

'මෙතනින්ම මනොජයගෙ ගෙදර යනව බන්..
මම ගෙදරට කිවුවෙ එහෙ යනව කියල...'

මගේ මිත්‍රයාටද සිදුවූ සියල්ල පවසා මම යලි නිවසට පැමිණියෙමි...


ඇයගෙන් ඇමතුමක් ලැබෙන තුරු බලා සිටිමි...

Wednesday, March 17, 2010

නදීශා 8

නදීශා 7මෙතන


එම අවසන් හමු වීමෙන් පසුව අප දෙදෙනාටම  2004 වසරේ උසස් පෙළ කඩයිමට මුහුණ දීමට සිදුවින.

එක් දිනයක විභාගය අවසානයේ නිවසට යාම සදහා මිතුරෙකුත් සමග සුපුරුදු ලෙසම ටවුමට පැමිණියෙමි.

"මචන්, අන්න අරයගෙ න0ගි ඉන්නවා...
අද ක්ලාස් එන්න ඇති.."
'කාගෙද බන්?'
"තොගෙ නදීශගෙ"
'කෝ කොහෙද?'
" උඹට නෑන පොඩ්ඩ බලන්න තියෙන හදිස්සිය..."
"නෑ යකෝ... නදීට exam කොහොමද දන්නෙ නෑ...
ඒක අහගන්න"
"අනික ඉතින් බලපන්... මෙච්චර ලස්සන නෑන කෙනෙක් ඉන්නකොට කාටද ආඩම්බර"
'ඔව් ඉතින් ඒක නම් ඇත්ත... උඹ නම් මාර ලකී මචන්...'
"හරි හරි වරෙන් යන්න...උඹවත් එයාගෙ ලගට එක්ක යන්නම්"

මින් පෙර දැක තිබුනද ඇය සමග කතා කරන පලමු අවස්ථාව මෙය විය...

"න0ගි... අක්කට exam කොහොමද? ලේසී කිවුවද?"
'ආ. අයියෙ, අක්කට සනීප නැති උනානෙ.
උන හැදුනා...exam එකට ගියත් හොස්පිටල් ඉදලා..'

"මොනවා... කවුරුවත් මට කිවුවෙ නෑනෙ..
වෙලාවට ඔයාව meet වුනේ..
දැන් කොහොමද එයාට..?"
'කවුරුවත් දන්නෙ නෑ... චින්තා අක්කත් දන්නෙ නෑ මම හිතන්නෙ..'
'දැන් ඉතිරි වෙලා තියෙන්නෙ chemistry විතරයි නේ..'

"මම දන්නව එයා කොහොමහරි හොදට ලියන්න ඇති...

හරි එහෙනම් ඔයා යන්න... අක්කට කියන්න ඉතිරි paper එකත් හොදට කරන්න කියලා.."

"අයියෝ මචන් අපරාදෙ බන්... මට මාර අප්සෙට් මේකට"

"එයා හොදට exam එකට මහන්සි උනා...
උඹ දන්නවනෙ එයා බ්‍රයිට් කියලා... බලපන් 3Aස් ගන්න තිබුණ චාන්ස් එක මිස් වෙයිද දන්නෙ නෑ..."

'හරි දැන් උඹ මේක දන්නෙ නෑ කියල අප්සෙට් ගන්න එපා...
exam ඉවර උන ගමන් කෙල්ලව බලන්න පලයන්...
උඹ දන්නවනෙ ගෙවල්... කලින් දවසක් ගියානේද?'

"ඔව් ඒක නම් හරි... ඒත් බ0 ... අනේ මන්දා මට හිතා ගන්න බෑ එයාට මොකද වුනේ කියලා.."

'හරි දැන් ගෙදර පලයන්... මෙතන ඉදිය කියල වැඩක් නෑ නෙ..'
විභාගයෙන් පසු කාටත් පොදු වූ ගන්ධබ්බ අවදිය උදාවිය... කරන්නට කිසිත් නොවීය.

ඇයට කතා කිරීමටද ක්‍රමයන් නොමැති විය..

එහෙත් එක් දිනක්...

නිවසේ දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබ්ණි.
එහි මෙසේ සටහන් වී තිබුණි...

"මම ඔයාව හොදින් දන්න කෙනෙක්... මේකට  'yes' කියලා reply කරන්න"

ඇති යන්තම්.. එයාලත් ගෙදරට phone අරන්... 
දැන් ඉතින් කතාකරන්න බැරි උනත් text එකක් හරි කොටා ගන්න පුලුවන්නේ...

'මේක අම්ම බිස්නස් වැඩ වලට ගත්තෙ... ඒක හින්දා වැඩිපුර තියෙන්නෙ අම්මා ගාව...'
ලැබුණු තවත් පණිවිඩයක එසේ සටහන් විය...
අපෝ මෙක ගත්තට වඩා හොදයි නොගත්තා නම්...

දිනක් සවස... වේලාව 4.30ට පමණ විය...

'හෙලෝ.. ර0ග ඉන්නවද?'
"ඔව් කතාකරනවා.... "
'මම චින්තා.. මේ මෙතන නදීශා ඉන්නවා... ඔහොම ඉන්න'

"හෙලෝ... ආ ඔයාට කොහොමද?"
'හොදයි...දැන් ඔයාට ටවුන් එකට එන්න පුලුවන්ද?'
"මේ දැන්..? ඔයාල ඔය කොහෙද ඉන්නේ? මේ වෙලාවෙ එලියට වත් බහින්න බෑ... මෙහේ හොදටම වහිනවා..."

'අපි ටවුමට කිට්ටුව ඉන්නේ.. 4.30 විතර වෙනකොට ටවුමට එන්න පුලුවන්...'

"දැන් නම් මට කීයටවත් එන්න දෙන එකක් නෑ... මෙහේ හොදටම වහිනවා..
අනික ආවත් 5 විතර වෙයි...මම එනකොට"

'එහෙනම් ඔයාට මාව ආයෙත් මීට් වෙන්න බැරි වෙයි...
මම තියනවා...'

එය මා කිසිසේත් බලාපොරොත්තු නොවූ පිළිතුරක් විය...

ඉදිරියට...

Wednesday, March 10, 2010

නදීශා 7

කතාවට කලින් දෙයක් කියන්න හිතුනා...
මේ කතාවෙ මම ඇතුලු සියලුම චරිත ඇත්ත ඒවා.
කිසිදු අසත්‍ය තොරතුරක් මෙහි සදහන් නොකරන නිසා අදාල පාර්ශව වලට කිසිදු හානියක් නොවන බව මගේ හැගීමයි.
 මේ කතාව ගලාගෙන යන ආකාරයේ යම් යම් දුර්වලතා සහිත ස්වබාවයක් තිබීමට පුලුවන්.
 ඒ මගේ සින්හල බස හැසිරවීමේදී මතුවන ගැටලුකාරී තත්වය නිසාය.
සිදුවූ  සියලුම දේ ඒ ආකාරයෙන්ම මෙහි සටහන් කිරීම ප්‍රායෝගික නොවන බව මගේ හැගීමයි.
අනෙක් කාරණාව නම් මේ කතාව ගොතා කීමෙන් මා හට කිසිදු ප්‍රයෝජනයක් නොලැබේ. මෙය ලියා තබනුයේ කියවන අයගේ හෝ අන් කෙනෙකුගේ අවධානය ලබාගැනීම උදෙසා නොව මා ලබූ අත්දැකීම මෙහි සිටින අය කියවන අය සමග බෙදාගැනීමට පමණි.

මේ ටික කියන්න හිතුනෙ  දැකපු කොමෙන්ටුවක් නිසා...


අනෙක් කාරණාව තමයි, මම බලාපොරොත්තුවුන කාලරාමුව ඇතුලත කතාව ලියාගන්න බැරිවුන එක... ඒකට නම් ඉතින් මේක කියවන අය මට සමාවෙන්න ඕනෙ.
අන්තිම අවුරුද්දෙ වැඩත් එක්ක ටිකක් විතර කාරිය බහුල වුනා... ඕක තමා කාරණාව...


හරි.. දැන් ආයෙත් කතාවට.

'මේ... ලස්සනයිද?'
"ආ ඔයා ඒක දාල නේද? 
ගෙදරින් එනකොට අම්මා දැක්කෙ නැත්ද?"
'නෑ.. එන්න ඔන්න මෙන්න කියලා දාගත්තා...'

ඇගේ උපන්දිනය වෙනුවෙන් මම තිළිණ කල පෙන්ඩන්ට් එක ඇය පැලදසිටිනවා දැකීම මට මහත් සතුටක් ගෙනදෙන්නක් විය.. ඉස්තරම්ම එකක් නොවූවද, මට තිබූ හැකියාවට සහ කාලයට අනුරූපව එය වටිනා දෙයක් විය. 
"හරි ලස්සනයි..."
'මේ ඒක නෙමේ...'
"ඒ පාර මොකක්ද?"
'නෑ ඉතින් exam එකෙන් පස්සෙ අපි මීට් වෙන්නෙ කොහොමද?'
"ම්.... ඔයා ඉතින් ශාමිලාගෙ ගෙදර යනව කියල එන්න..."

'හරි ඒත් ඉතින් ඒක හැමදාම කරන්න බෑනෙ...'
"එහෙනම් ඉතින් අනිත් දවසට නිලූශිගෙ  ගෙදර යනව කියල එන්න..."

'එතකොට ඊට පස්සෙ දවසෙ මොකද කරන්නෙ?'
"ම්.. එදාට නේද.... එදාට ඉතින් අපේ ගෙදර එනව කියල එන්න...
වැඩේ ඉවරයිනේ..."
"අවුලක් නෑ.. මම අපේ අම්මට කියල තියෙන්නේ..."

'හා... මොනවද ඉතින් ඔයා අම්මට කියල තියෙන්නේ?' 

"මෙහෙම කෙනෙක් ඉන්නවා එයාව කොයි වෙලාවක හරි ගෙදරින් පන්නපු ගමන් මම එයාව අපේ ගෙදරට එක්කන් එනව කියලා...." "එච්චරයි..."

'ආ.. දැන් ඔයා මේ බලාගෙන ඉන්නෙ මාව ගෙදරින් පන්නනකල් නේද?'

'එහෙම මාව පන්නන්නෙ නෑ හරිද... '
"අපෝ හරි හරි... එහෙනම් මම පන්නගෙන එන්නම් කෝ..."


"විහිලු නෙමේ ලමයා.. මම ඇත්තටම අම්ම නම් දන්නවා.."

'අම්මලට දැනෙනවනේ... එයාලට හොරෙන් අපිට මොකුත් කරන්න බෑ...'


ඉතිරි සති කිහිපය ගෙවීගිය අයුරු කොහෙත්ම සිතාගත නොහැකි තරම් විය...
සෙනසුරාදා පන්තිය පැවැත්වෙන අවසාන දිනය වනවිට කෙලින් සිටගත නොහැකිතරම් මම අසනීපව සිටියෙම්..


සෙනසුරාදා පන්තියේ අවසන් දිනයේ උදෑසන
ස්ථානය: මගේ නිවස


"අද ඔයා පන්ති යන්නම ඕනෑද?"
'ඔව් අම්මේ... අද නම් යන්න ඕනේ..'
"අනේ කොහොමද ලමයො මෙහෙම අසනීපෙන් යන්නෙ?"
'ඒ උනාට මම ගිහින් සර්ට කියල ඉක්මනින් එන්නම්...'
පන්ති ගමන වැලැක්වීමට දැඩි බලපෑමක් නොවින.


"මම හිතුවෙ ඔයා එන එකක් නෑ කියලා... දැන් කොහොමද ඔයාට?"
'එහෙම නවතිනවද මම?'
'තාම නම් හොද නෑ...'
"අනේ එහෙනම් පරිස්සම් වෙන්න..."

අසනීපෙ වැඩි උනොත් එහෙම...

හරි හරි ලමයො... හොදවෙයි... තව ටික දවසක් තියෙනවනේ..

"මේ දැන් ඔයා කොහොමද exam එකට යන්නේ?"
'ආ... අපේ ස්කූල් වෑන් එක යනවනේ...
කොළඹ යන ලමයි කතාකරල වෑන් එක දාගත්තා...'
" එහනම් කමක් නෑ.. දන්නවනෙ බස්වල යන්න ගියහම එපා වෙනවනේ..."
අපෝ.. ඒක නම් ඇත්ත...
මාව නම් ඉතින් තාත්තා ගෙනත් දායි...


"ඔයාට ක්ලාස් ඇරිල යන්න හදිසියක් නෑනෙ?
අපි පොඩ්ඩක් වෙලා ඉදලයමු හොදේ?"

'ම්...හා..'
'හැබැයි වැඩි වෙලානම් බෑ... ඔයාට අද සනීපත් නෑ..'




මතකයි නේද මම කියපුවා...
හොදට exam කරන්න...
ඉවරවෙලා මට ගෙදරට call එකක් දෙන්න... හොදේ...

දැන් පරිස්සමින් යන්න...

"ඔයත් හොදට exam කරන්න..."
"බේත්ටික වෙලාවට බොන්න.."
"අනික මම ඔයාට කිවුවෙ... දහම්පාසලේ මම දැන් උගන්නනවනේ... ඉතින් exam එකෙන් පස්සෙ මම ඉරිදට නම් දහම් පාසල් යනවා..."


'හරි ඔයාමට call එකක් දෙන්නකෝ...'
'ඊට පස්සෙ අපි මීට් වෙන්න විදියක් හදාගමු...'
"...දැන් පරිස්සමින් යන්න..."

ඉදිරියට...



Saturday, February 27, 2010

නදීශා 6

13 වෙනිදායින් පස්සෙ අද තමයි පොඩි ඉස්පාසුවක් ලැබුනෙ.
පහුගිය දවස් ටිකේම කට කපල වැඩ.
 එහෙන් මිඩ්, ෆයිනල් ප්‍රොජෙක්ට් එකේ වැඩ, එකී මෙකී නොකී දේවල් තමා ඉතින් තිබුනේ...

ආයෙත් කතාවට.....

තවත් සෙනසුරාදා දවසක්...
පුරුදු විදියටම උදේම අපි මුන ගැහුනා...

ඔයා දන්නවද වැඩක්...
නෑ... මොකක්ද? මම ඇහුවා
අපේ ඉස්කොලෙ වෝක් එක තියෙනවා..
ආ කවදද? මාත් එන්නම්...
හැබැයි මට නම් ඇවිදින්න බෑ හොදේ..
එන්න ඉතින්... ඒත් අපිට කතා කරන්න නම් පුලුවන් වෙයිද දන්නෙ නෑ..
ටීචර්ස්ලත් ඉන්නවනේ... අනික අපේ න0ගිත් ඉන්නවා..

ඉතින් න0ගි හිටියම මොකද? න0ගිය දන්නවනේ..
ඔව් දන්නව නම් තමයි...
ආ හරි හරි ඉතින්.. මට ඔයාව බලන්න හරි පුලුවන්නේ..
මම ඔයාට මගේ හොදම යාලුවාව පෙන්නන්නම්...
කවුද? අර ගම්පහ කෙනාද?
ආ.. අන්න හරි.. ඔයාට මම කියපු එක මතකයි නේද...
තවත් දෙයක්... 
ඒ මොකක්ද ඒ පාර?
අනේ...  මට අද කෑම ගේන්න බැරි වුනානෙ...
ආ.. කමක් නෑ.. අපි ටවුමෙන් ගමු.

වෝක් එක තිබුනෙ සෙනසුරාදා දවසක...
ඉතින් මට පහසුවෙන්ම ඒකට යන්න පුලුවන් වුනා...
එදින ඇය මගේ උපන්දිනය වෙනුවෙන් තෑගිකල කල කමීසය පලමු වතාවට අදින්නට හැකියාව ලැබිණි.

ඔය විදියට කාලය ගෙවුනා..

ඒ කිසිම හමුවීමකදී අපි අතර ගැටලු මතු වුනේ නෑ..
බොහෝ කාරනා වලදී අපි සමාන අදහස් දැරුවෙමු...


තවත් අපේ හමුවීමක්...
 දිනය සුපුරුදු සෙනසුරාදාවක්..

මේ අපෙ අම්මට කවුරු හරි අපි ගැන කියල තියෙනවා..
ඒ මොකද එහෙම කිවුවේ? මම ඇහුවා...
නෑ.. අද අම්ම න0ගිත් එක්ක එනව කිවුවා..
කොහෙටද? මෙහෙට? 
ඔව් අනේ මෙහෙට තමා... න0ගිටත් ක්ලාස් පටන් ගන්නවනේ...
ඉතින් අපේ සර්වත් මුනගැහෙනවා කිවුවා...

අපෝ ඔයා බය වෙන්න එපා. මම නැන්දම්මත් එක්ක කතා කරන්නම්...
හරි මොනවද ඔයා කතා කරන්නේ?
මම අහන්නම් මට දූව දෙනව නේද කියල...
ඔයාට නම් විහිලු...
හරි හරි ලමයා... අපි බලමුකෝ...

පන්තිය අවසානයේ..
ශාමිලා.. අපේ අම්ම ඇවිත්ද කියල බලන්නකෝ..
ඉන්න.. ඔව් ඔව් පහල ඉන්නවා...
ඇය කියූ පරිදිම අම්මා ඇවිත්...

අනේ එහෙනම් ඔයා කලින් යන්න...
මම පස්සෙ එන්නම්... අද අපිට හවස කතා කරන්න නම් බැරි වෙයි..
ඉතින් යන්නකෝ...
මම පහලට එන විටම න0ගීට සිනාව නතර කරගත නොහැකි වින.
මේකි කෑව.. දැන් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. ඒ මගේ හිත.
අම්මා පැම්ණියද  ගැටලුවක් මතු නොවුනි...

දිනෙන් දින ගෙවී උසස් පෙල exam සදහා දින නියම වින.
ඒවන විට අපේ මුනගැසීම් තරමක් දුරට සීමාවී තිබ්ණ.
ඉතිරිය ඊලගට....

Saturday, February 13, 2010

නදීශා 5

කලින් කතාවට....

අද පෙබරවාරි මාසෙ 13.
මතක හිටින/හිටපු දවසක්...
ඒ හෙට වැලන්ටගෙ දවස නිසාමත් නෙමෙයි...
ඒක හෙමිහිට කියන්නම්...


එයාට ඒටික කිවුවට පස්සෙ.. මම පන්තියෙ හිටියෙ කොහොමද කියලා මට දැනුනේ නෑ..
ඒත් ජීවිතයේ පලමුවෙනි වතාවට කියාගන්න බැරි සිතුවිලි ගොඩකින් හිත පිරිල තිබුනා..

ඊට පස්සෙ... සති කීපයක් ගෙවිලා ගියා...
ඒත් මට ඒ සති කීපය දැනුනෙ නම් මාස ගානක් වගෙයි...

අපිට පන්ති ඉවර උනාම හැම දාම බොහොම පොඩි වෙලාවක් කතාකරන්න ලැබුනා...
ඔහොම දවසින් දවස ගෙවිලා ගියා...


ඒත් එයාගෙන් ලැබුන උත්තරෙන් මට සෑහීමට පුලුවන් උනේ නෑ..


ස්ථානය: මගේ පාසල

''ආ.. මචන් අපිට පාටියක් දීපන් හරිද!!''

ඒ මගෙ හොදම යාලුවෙක්ගෙ යාලුවා...
'ඒ මොකටද?'

'අරක හරි ගියාට'
''පිස්සුද බන්...''
''බෑම කියනවා...''


ඔය අතරෙදි අපිට සෙනසුරාදා දවසෙත් මුනගැහෙන්න ලැබුනා...
මමත් හොද ෆිසික්ස් පන්තියක් හොය හොයා ඉන්න කොට තමා එයා ගිය ඒ පන්තිය ගැන දැන ගන්න ලැබුනෙ.

ඒ මුනගැහෙන දවස් තුනක කාලයෙදි අපි අපි ගැනත් ඇස් මානයේ තිබුන නොතිබුන හැම දෙයක් ගැනත් කතා කලා...
පන්තිය ඉවරවෙලා ටවුමට යනකන් අපි දෙන්න ගියේ එකට...

අගහරුවාදට පන්ති ඉවර වෙන තැනින්ම මට ගෙදර යන්න පුලුවන් උනත්, මම එයා එක්ක ටවුමට ආවා...
ඒ ඉතින් ආයෙත් මූන දකින්න වෙන්නෙ සිකුරාදා නිසා...




ඒත් දවසක්... එයා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා...

' මට කියන්න මේකෙදි අන්තිමට වෙන්නෙ මොකද කියලා..'

මම බලාපොරොත්තු නොවුන දෙයක් වුනත් මම ඇත්තටම මගේ හිතේ තියෙන දේ කිවුවා...
'නදීශා, මම මීට කලින් කාත් එක්කවත් යාලුවෙලා නෑ..
ඉතින් මේක ඉවර වෙන්නෙ අපි දෙන්න marry කරලා...
ඇත්තමයි...'

'අපේ ගෙදරින්වත් කිසිම ප්‍රශ්නයක් එන්නේ නෑ..'
කාලය ගෙවිලා ගියා...

ඒත් එක දවසක්...

මම ජීවිතේ බලාපොරොත්තුවෙන්ම හිටපු දේ මට ලැබුනා...


ස්ථානය: පෙම්වතුන් මුන ගැහෙන 'රස නිවස'

අපි දෙන්නගෙ පලමු හමුවීම...

ඔය විදිහට අපේ කතාව ගලාගෙන ගියා...

සෙනසුරාදා උදෙන්ම පන්තියට එන්න අපි දෙන්නා පුරුදු උනා...
උදේ 7.30-7.45 වෙනකොට දෙන්නම ඇවිත්...
පන්තිය පටන් ගන්නෙ 8.30 හින්දා කොහොමත් ඉතින් පැයකට ආසන්න කාලයක් අපිට කතා කරන්න ඉඩ ලැබුනා..


ඔය අතරෙදි අපි හමුවෙලා මුල්ම පෙබරවාරි 13 දවස ආව...

අද දවසෙ වගේම ඒ දවසෙත් විශේෂත්වයක් තිබුනා...
ඒ එයාගෙ උපන්දිනය නිසා...


අද සුබ පතන්න මගේ ලග නොහිටියත්...
'ඔයාට සුබ උපන්දිනක්'

Tuesday, February 9, 2010

ප්‍රේම තටාකේ...




















ප්‍රේම තටාකේ මේකයි මැණිකේ...
ආදර රැල්ලයි අර දිව යන්නේ...
අභිමන් අභිමන් කියලයි මැණිකේ..
ඒ රැලි මේ වැව් ඉවුරෙ වදින්නේ..
ප්‍රේම තටාකේ..

මගෙ පෙම් කෝකිලයෝ ඔබෙ ගීයේ..
තාලෙට නොවැ දිය සුලි කැරකෙන්නේ..
පියුමට පියුමක් හැපෙනව දැකලයි..
0ස පැටවු මේ හැටි දගලන්නේ..

චම්පා චම්පා කියලයි මැණිකේ..
ඕලුමලේ අර පෙති නැටවෙන්නේ..
ඔබෙ ඉග මෙවුලේ මිණිකැට දැකලයි..
මාළු පැටවු මේ දිවගෙන එන්නේ..
ප්‍රේම තටාකේ..

හිමියනි ඔබගේ පුළුලුර තලයේ..
වැව් ඉවුරෙහි නැත වෙනස පෙනෙන්නේ...
මගෙ පෙම් දහරයි සීතල ජලයයි..
එක විදිහට නොවැ පිරීතිබෙන්නේ..

අනාගතේ මෙහි පෙම් රසවිදිනා...
හදවත්වලටයි රසය දැනෙන්නේ..
ඒකයි මැණිකේ මේ වැව දකිනා..
කොයි මොහොතෙත් මට සුවය දැනෙන්නේ...
ප්‍රේම තටාකේ..

Monday, February 8, 2010

නදීශා 4

නදීශා 3 මෙතන


''පොඩි දෙයක් දැනගන්න ආවෙ...''
'මොකක්ද?'
''නදීශා ගැන...''
'ආ...'
''මචන් තාමත් ඒ affair එක තියෙනවද?''
'එහෙම දෙයක් නෑ බන්..'
''ආ.. ඒක දැන ගන්න තමා අපි ආවෙ.
නදීශගෙන් අහන්න කලින් උඹත් එක්ක කතාකරන්න ආවෙ ඒකයි..''
''එහෙන හරි මචන්... අපි යන්නම්...''
මම හීනකින්වත් නොහිතපු විදියට බොහොම සරලව ඒ වැඩේ ඉවර උනා...
ඒකත් හිතට ලොකු සැනසීමක් උනා...

''දැන් හරිනෙ බන්... ගිහින් අරයගෙන් අහපන් තවත් කල්දාන්නෙ නැතුව...''
ඒ මගේ යාලුවා...
ඇත්තෙන්ම ඉක්මනින්ම එයාගෙන් අහන්න ඕනෙ කියන අදහස මගෙ ඔලුවෙත් තිබුනා...
''හරි බන් ... අපි ඊලග දවසෙ අහමු...''
ඔහොම කාලය ගත උනා...
ඒත් මට දැනුනෙ නෑ.. වචනයෙන් විස්තර කරන්න අමාරු සිතුවිලි ගොන්නකින් හිත පිරිල තිබුනා... 

අලුත් විශය නිර්දේශය උනත්... අපි පන්ති ගියෙ බොට්නි වලට වෙනමයි.. සූලොජි වලට වෙනමයි...
බොට්නි පන්තියෙදි තමා මම එයාව දැක්කෙ...

සූලොජි පන්තිය තිබුනෙ ටවුන් එකෙන් ටිකක් ඈතට වෙන්න මිස් කෙනෙක්ගෙ ගෙදරක...
ඒ කියන්නෙ සතියට දවස් දෙකක්, අගහරුවාදයි,සිකුරාදයි මම එයාව දකිනවා කියන එකයි...

ඒත් සූලොජි පන්තියෙදි කතාකරන්න අල්ල ගන්න අමාරුයි..
ඒක නිසා අකමැත්තෙන් උනත් සිකුරාදා වෙනකල් ඉවසාගෙන ඉන්න උනා..


ස්ථානය: බයෝ පන්තිය
වෙනදාටත් වඩා ඉක්මනින්  මම සිකුරාදා පන්ත්යට ගියා...
අපෝ මේ වෙලාව යන්නෙත් නෑනෙ.. අද එයා එන්නෙ නැත්ද දන්නෙ නෑ..!

නෑ එහෙම වෙන්න බෑ...

ඇත්තෙන්ම එයත් වෙනදාට වඩා කලින් එදා පන්තියට ආවා...

මම ගිහින් ශාමිලාව මුන ගැහුනා...
''ශාමිලා ඔයා නදීශට කියන්න මම පොඩ්ඩක් කතාකරන්න ඕනෙ කිවුවා කියලා..''
'හා මම කියන්නම්..'
''එයාට පොඩ්ඩක් මම ඉන්න තැනට එන්න කියන්න...''

ජීවිතේ පලමුවෙනි වතාවට මෙහෙම දෙයක් සිද්ද වෙන්නෙ...
එයා එයිද දන්නෙ නෑ...
පොඩි බයකුත් නොතිබුනාම නෙමෙයි...

මම යාලුවන්ගෙන් මිදිලා ටිකක් ඈතට ගියා...
නදීශව බලාපොරොත්තුවෙන්...
එයා ආවා....

ලස්සන හිනාවක් මූනෙ ඇදිලා තිබුනා...

එයා ලගට ආවා..
අපි දෙන්නා අතරෙ මොහොතක නිහැඩියාවක්....
මොහොතකට මට හැමදෙයක්ම අමතකවුනා...

''මම ර0ග''... 
''මගේ නම දන්නෙ නැති උනත්...ඔයා මාව දැකල තියෙනවා කියල නම් මම දන්නවා...''

මම එහෙම කිවුවම බොහොම අහි0සක හිනාවක් එයාගෙ මූනෙ ඇදුනා...
නෑ..මමත් ඔයාගෙ නම දන්නවා කියනවා වගේ..

''ඔයා ගැන නම් විස්තර මම ටිකක් දන්නවා...''
මම එහෙම කිවුවා...
'ඒ මොනවද?'
ඒ හඩ... මම ආත්ම ගානක ඉදන් දන්න එකක් කියලා මට හිතුනා...
''ලොකු දේවල් නෙමෙයි...''
''ඔයාගෙ නම ගම වගේ දේවල්''
එහෙම කිවුවම එයාට හිනා...

ඒක නෙමෙයි.. ඔයාට දෙයක් කියන්න තියෙනවා...
'ඒ මොකක්ද?'
'''ඔයා මාවත් මම ඔයාවවත් දන්නේ නෑ...
ඒත් මම ඔයාට කැමැත්තෙන් ඉන්නවා...
මට කිසිම හදිසියක් නෑ...
ඔයා හිතල මට උත්තරයක් දෙන්න....''
ඒ ටික එයාට කියාගත්තම පුදුම නිදහසක් දැනුනා...

Wednesday, February 3, 2010

නදීශා 3

නදීශා 2 මෙතන

ශාමිලා එහෙම කිවුවම මට පුදුම හිතුනා...
කියන්නකො මොකක්ද කියලා...

''මම මේ දැන් ඔයා ගැන විස්තර එයාට කිවුව විතරයි...'' ශාමිලා එහෙම කිවුවා...

'මොනවා..!!  මොනවද ඉතින් කිවුවෙ..'
'අපි කිවුවා ඉතින් ඔයා හොද ලමයෙක් කියලා...'
එහෙම කියලා එයා හිනාවුනා...

මම දැක්කා එයා ශාමිලා අපිත් එක්ක කතාකරන හැටි බලාගෙන ඉන්නවා...
ඒත් මොනවද කතා කලේ කියන එක එයා දන්නෙ නෑ..



මට එයාගෙ විස්තර දැන ගන්න ඕනේ...
මම ශාමිලාට කිවුවා....
'ම්... විස්තර... මොනවගේ දේවල්ද?'



ඕනෙ දෙයක් කියන්න...

ඉස්සෙල්ලම කියන්න එයාගෙ vacancy තියෙනවද කියලා..
මම එහෙම ඇහුවා..

ම්... vacancy නේද...?
කලින් නම් තිබුන vacancy එක ෆිල් වෙලා තිබුනා...
ඒත් ඒක තියෙන නොතියෙන ගානටලු තියෙන්නෙ
පොඩ්ඩක් හොයල බලන්න... ශාමිලා එහෙම කිවුව...

අන්න සර් එනවා...

එදා දවසෙ පන්තිය ඉවර වුනේ කොහොමද කියල මට දැනුනෙ නෑ...

හවස පන්තිය ඉවර වුන ගමන් මාත් මගෙ යලුවෙකුත් ඉබි ගමනින් ටවුන් එකට යන්න පිටත් උනා...
එහෙම කලේ කෙල්ලො ටික පන්තියෙන් එලියට එන්නෙ හෙමින්...නිසා

මට උවමනා වුනේ එයා ඉන්නෙ කොහෙද.. යන්නෙ මොන පාරෙද.. වගේ දේවල දැන ගන්න...

කොහොමින් හරි කෙල්ලො ටික ආව... 
ඒයාට තේරෙන නොතේරෙන ගානට මාත් මගෙ යාලුවත් පොඩි ෆොලෝ එකක් දුන්නා...
ආ මෙයා යන්නෙ 120 නෙ බන්... ඒ මගෙ යාලුව....

සාථානය මගේ පාසල:

ශාමිලා... ඉතින් ඉතුරු විස්තරත් කියන්නකෝ...
ම්... එයා ඉන්නෙ... ****ම.... තව... පවුලෙ 2 වැනියා... 
ආ තව දෙයක්... වැඩ් දුර යන්න කලින් ඔයා අර boyව මීට් වෙන්න...
නැත්නම් ඕක කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නෑ...

ස්ථානය: අපිට ගෙදර වගේ හුරු අපේ ටවුන් එකේ... බස් නැවතුම

මචන් අරූ ඉන්නවා... ඒ මගේ යාලුවා...
කවුද? 
අර නදීශගෙ  එකා බන්... 
කෝ කොහෙද? අර ඉන්නෙ බන් අර වැඩිය උස නැති ටිකක් කොන්ඩෙ කොටට කපපු එකා..
ආ ඌද...
 
වරෙන් යන්න කතා කරන්න...
උඹට පිස්සුද? 
නෑ නෑ.. උඹ වරෙන් කො... අනිත් උන්ට කියන්න එපා...
අපි දෙන්න විතරක් යමු... නැත්නම් වැඩේ වන වෙනවා..

මචන් උඹව පොඩ්ඩක් මීට් වෙන්න ආවෙ...
ඇයි මචන්?...

Tuesday, February 2, 2010

නදීශා 2

 එයා කවුද කින්ද මන්ද කියල මම දැනගෙන හිටියෙ නෑ..
ඒත්  බලාපොරොත්තුවක් ඇති වුනා... ඉබේටම...

අපේ ඉස්කෝලෙ ඉන්න ලමයෙක් එක්ක සම්බන්ධයක් පටන් ගන්නෙ නෑ.. කියන අදහස උසස් පෙල පටන් ගත්ත දවසෙ ඉදන් මම හිතාගෙන හිටපු දෙයක්...
සමහරව්ට ගෙදර තිබුනු පරිසරය නිසා වෙන්න පුලුවන්...

ඔය විදිහට තවත් සති 2ක් විතර ගියා...

එදා පන්තියට ආපු ඒ ලමයව  අදුන ගන්න මට ලොකු උවමනාවක් ඇති වුනා....
මගෙ පිහිටට හිටියෙ ශාමිලා...

සථානය: බයෝ පන්තිය
පන්තිය පටන්ගන්න තවත් පැය බාගයක් විතර තියෙනව...


පන්තිය තිබුනේ අපේ ඉස්කෝලෙම සර් කෙනෙක් ගෙ  ගෙදර...
ලොකු මිදුලක් තිබුන... රූස්ස අඹ ගහකුත් තිබුනා...

ගොඩක් වෙලාවට පන්තිය පටන්ගන්න කල් ගෑනු ලමයි ඔය ගහ යටට වෙලා කදේ දාගෙන ඉන්නවා...


මම තවත් මගෙ යාලුවෙක් එක්ක හිටියෙ...පන්තිය අන්තිම පේලියෙ වාඩිවෙලා.. මිදුල පැත්තට හැරිලා..හිට්යෙ
අන්තිම පේලියත් අඹ ගහත් අතර දුර මීටර 4-5 විතර...

'ශාමිලා...'
මම කතාකලා.... එයා ලගට ආව..
'ඔයා මට පොඩි උදවුවක් කරන්න ඕනෙ...'
'මොකක්ද?'
'අර... ගයත්‍රි ලග දම් පාටින්ම ඇදල ඉන්න කෙනා කවුද?'
'ආ... එයාද?'

''එයා නදීශා...''   'හරි පුදුමයි නෙ...'
ඒ මොකද? මම ඇහුවා...

Monday, February 1, 2010

නදීශා

(මෙය සත්‍ය අත්දැකීමකි/සිදුවීමකි..)


දිනය: 2001 වසරේ අග එක්තරා දිනයක්...
සා/පෙල ප්‍රතිඵල ඇවිත් උසස් පෙල පන්ති පටන්ගත්අවදිය....

ඩොකෙක්  වෙන්න කියලා ජීව ව්ද්‍යා පන්ති යන්න පටන් ගත්තා...

ප්‍රතිඵල ආවට පස්සෙ පන්ති යන මුල්ම දවස...
මම පන්තියට යන පලවෙනි දවස... ඒ කියන්නෙ 'ප්‍රෙශෙක්'


මම පුරුදු විදියටම අන්තිම පේලියෙ සාමාජිකයෙක්...
අපිට ඉස්සරහ පේලියෙ මගේ හොදම මිතුරියක් වන ශාමිලාත් තවත් කීපදෙනෙකුත් ...

සර් අපේ රිසල්ට් අහනවා...
ඔක්කොටම හොද රිසල්ට්... අන්තිමට හිටපු අපෙනුත් ඇහුවා...
පාඩම පටන් ගන්න ඔන්න මෙන්න...
වෙලාව හවස 3.30 ට විතර... කොලඹ ප්‍රසිද්ධ බාලිකාවක, බාලිකාවක් පන්තියට ආව...
මට නම් ඒ යුනිෆෝම් එක නුහුරුයි...

සර් එයාගෙනුත් ප්‍රතිපල ඇහුවා.. 'ten A's sir ' ක්...
එතකොට මොනවද ඔප්ශනල් කරපු සබ්ජෙක්ට්ස්...?
English literature , history   කලා.. ආ බොහොම හොදයි...

මෙන්න මෙයා මට ඉස්සරහ පේලියෙ වාඩිවුනා... මගෙ යාලුව ශාමිලා ගාව...
හ්.. මෙයා ශාමිලාගෙ යාලුවෙක් නෙ...

මම ඒත් තාම එයාගෙ මූන දැක්කෙ නෑ...

කොහොමහරි බලාගන්න ඕනෙ...

දැන් පන්තිය ඉවර කරන්න ඔන්න මෙන්න...

'ශාමිලා ඔයා කොහෙද physics වලට පන්ති යන්නෙ? '

මගේ යාලුවෙක් එක්ක පිටිපස්සෙ පේලියෙ ඉන්න කෙනෙක් කතා කරනකොට අපිත් ඉතින් කවුද කියලා බලනවනෙ...
ඒ තියරිය ඇප්ලයි වුනා...

'මම යන්නෙ ....සර් ගෙ...'

'ආ එහෙමද... මම නම් දුර පන්ති වලට යන්නෙ නෑ...'
'යන්න එන්නම එපා වෙනවනෙ....'
'ආ ඔයාට නම් එක්ක යන්න කෙනෙක් ඉන්නවනෙ...'

අර ලමය පිටිපස්ස බලල කට කොනකින් හිනා වුනා..
ආයෙත් ඉස්සරහ බලාගෙන අපි කියන දේවල් අහගෙන හිටියා... 

එදා දවසෙ පන්තිය ඉවරයි....

Saturday, January 30, 2010

හැමෝටම ආයුබෝවන්...

ඔන්න 'දේදුනු පාළම'ත් සි0හල බ්ලොග් කරුවන්ගේ සාමාජිකයෙක්... ඊට අදාල ලිපිය අද ලැබිල තිබුනා...
ගොඩක් සතුටුයි... ඒ වගෙම ස්තුතියි... ඉතින් ඔයාලත් පුළුවන් වෙලාවට 'දේදුනු පාළම' ලගට ඇවිත් යන්න එන්න...

Tuesday, January 19, 2010

සරසවි ප්‍රේමය...

සමනළ වැව පුරවන්නට බෙලිහුල් ඔය ගලා ඇවිත්..
ආදර කදු තරණය කර දෙහදක් අද වෙන්ව ගිහින්...
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා...
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා....

පහන් තරුව පායාවිත් ඔබ එන බව පවසනවිට..
සරසවියේ රෑනින් ඔබ ඉගිල ගිහිල්ලා...
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා...
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා....

පෙරදින අප හමුවූතැන නටඹුන් පමණකි කදුලක..
කදු අතරේ වළා රොදක නුඹ සැගවීලා...
සුවද හදේරදවලා යන්න ගිහිල්ලා...
සුවද හදේ රදවලා යන්න ගිහිල්ලා....

Wednesday, January 13, 2010

ආයෙත් බෝඩිමට...

හපොයි.... ගෙදර ඉදල ආයෙත් බෝඩිමට ම0ගැච්චුවා....
මේ අනිතිම අවුරුද්දෙ පළවෙනි සෙමෙස්තරේ...
මක්ක කොරන්නෙයි නෙ...?
කොහොමින් හරි ගොඩදාගන්නත් ඕනිනෙ....
හෆොයි... පනයනකල් ඉතින් අස්කලා...
ඒ මදිවට මගෙ කොම්පීටරෙත් ගෙදර ගෙනිහින් නෙ තිබුනෙ...
ඒකත් අරන් අවා කියමුකො...
ඔන්න මග එනකොට ගෙදරින් ඇමතුමක්...
හප්පා... මම බෙඩ් ෂීට්, කොට්ට උර එහෙම දාල ඇවිත් නෙ...
දැන් ඉතින් ආපහු හරෝගෙන යන්න කියල‍යැ...
''එහෙනම් ඔයා කොහෙන් හරි ගන්නකො....''
ඒ මව් සමාගම....
මම ඉතින් ගියා කොට්ට උරයක් ගන්න... කඩේ ඇතුලෙ ඉදන් ආපි කෙල්ලක්....
ඒකත් කොට්ට උරයක්ම තමා... අපරාදෙ කියන්න බෑ මට ගොඩාක් උර පෙන්නුවා...
ඉතින් මමත් මල් වැටිච්චි එකක්ම ගත්තා... 'මේක කීයද?' '120 අයියෙ....' හප්පා... මුන් මේකෙ මල් පෝර දාල වවල වෙන්න ඇති මෙච්චර ගනන්.... නෝන්ඩි වෙන්නත් බෑනෙ... ගත්ත ඉතින්... මොනවා කොරන්ඩද....
ආ...බෙඩ් ෂීට් තියෙනවද?.. ඔව්... කීයද? 325යි... 300ක් දෙන්නකො....
මම ඉතින් කඩෙන් එලියට එන ගමන් කඩේ අයිති කෙනාට පින් දුන්නා...
අපරාදෙ කියන්නබෑ මගෙ සහෝදර සමාගමත් ඉතින් මට අද ගොඩක් උදවු කලා....
සමාගම කිවුවට ඉතින් ඉන්නෙ එකයි...
ඕන් ඉතින් අද දවසත් ඉවරයි.... ල0කාව 'අයිඩියා' ෆයිනල් දිනුවනෙ...
ඒ ඇති....

Tuesday, January 12, 2010

ආයුබෝවන්...

සිoහල බ්ලොග් කරණයට ආධුනිකයෙක් වන මම මුලින්ම නව වසරේ සියලුම හිතවත් ජේෂ්ඨ බ්ලොග් කරුවන්ට සහ කාරියන්ට සියලු පැතුම් ඉටුවෙන ශ්‍රී සුබ නව වසරක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා…

ඒත් එක්කම බොහොම කෑදර විදියට බ්ලොග් කියවන… මටත් බ්ලොග් එකක් කරන්න කියල අදහස දීපු මගේ මිත්‍රයටත් ස්තුති කරන්න මේක අවස්ථාවක් කරගන්නවා…

කරන්න තියෙන කප්පරක් වැඩ අස්සෙ මමත් බොහොම කෑදර විදියට අනිත් අය ලියපු දේවල් කියෙවුවා…

බොහොම රහට ලියපු ලිපි ගනනාවක්ම ඒ අතරෙ තිබුනා…

මට ඒතරම් රහට,පදමට ලියන්න බැරිඋනත්, යන්තමින් හරි බඩ පුරවා ගන්න පුලුවන් වෙන විදියට ලුනු, මිරිස් පදමට එන්න ලියාගන්න උත්සහ කරනවා…

අහන,දකින,දැනෙන දේවල් ගැන පුoචි හරි සටහනක් ඉඩතියෙන වෙලාවට ”දේදුනු පාළම” ට ලියන්න බලාපොරොත්තු වෙනවා…

ඔයාලත් ඉඩතියෙන වෙලාවට ”දේදුනු පාළම” ලගට ඇවිත් යන්න එන්න…



Sunday, January 10, 2010

දෙවිදේවතාවුන් වැනි මිනිසුන් ඇත...

සමාජය හරි පුදුමාකාරයි... මම එහෙම කිවුවෙ මොකද දන්නවද... හේතු කාරනා කීපයක්ම තියෙනව... අදට මම එකක් කියන්නම්.... මගෙ පුද්ගලික වැඩකට මම අද කොළඹ අවා... අතර මගදි..හරියටම කියනව නම් මාළබේදි මම ආපු 190 බස් එක නැවතුමේ පොඩ්ඩක් නවත්වල තිබුනා.. මේ අතරෙ බස් ඇතුලෙ වෙළදාම් කරන සූකිරි වෙලෙන්දෙක් බස් එකට ගොඩ උනා.. බස් එකේ ඉස්සරහ වාඩිවෙලා හිටියා අවුරුදු 50 විතර වෙන අම්මා කෙනෙකුයි එයාගෙ පුතයි... පුතාට අවුරුදු 25-30 විතර ඇති... ඒත් එයා මානසික ප්‍රශ්නයක් තියෙන කෙනෙක්...හෑසිරිමෙන් ඒක හොදටම පේනව... මේ පුතා සූකිරි දෑක්කම ඒවා ගන්න හෑදුව... ඒත් ඒ අම්ම ගාව මාරු සල්ලි තිබුනෙ නෑ... වෙළෙන්ද මාරු සල්ලි නැත්ද කියල ඇහුවා.... මේ සිදුවීම බලාගෙන හිටපු තරුණ මහත්මයෙක් වෙළෙන්දට සූකිරි පැකට් එකේ මුදල වෙන රු10 දෙන්න ඉදිරිපත් උනා.... තත්වය තේරුම් ගත්තු අර සූකිරි වෙළෙන්දා ඉතාමත් කාරුණිකව අර මහත්මය දෙන්න හදපු රු.10 ප්‍රතික්ශෙප කලා.... අර මානසික රෝගියාගෙ තත්වය තෙරුම්ගත් ඒ වෙළෙන්දා ඔවුන් ගෙනුත් සූකිරි පැකට් එකට අදාල මුදල වෙන රු.10 ගත්තෙනැ.. ඉතින් මේ මල් මිට අර කාරුණික වෙළෙන්දාටයි... බස් එකේ හිටපු අර කාරුණික මහත්මයාටයි.... මානසික රෝග තියෙන අයට ගහල මරන අය ඉන්න මේ රටේ... මේ වගේ රත්තරන් හදවත් තියෙන උදවියත් ඉන්නව කියල අපි මතක තියාගන්න ඔනෙ...

වනසිවුපාවුන් වැනිමිනිසුන් මැද දෙවිදේවතාවුන් වැනි මිනිසුන් ඇත...
ඒ දේවතාවන් දිව්යා0ගනාවන් මනුලොතලයේ වාසනාවන්...
.

Tuesday, January 5, 2010

හිතට දැනෙන සින්දුවක්...

අපි ඈතට ඈතට පානගලා ඝන වනන්තරේ….
අතරමන් වෙමු වසන්ත මල් ගොමුවේ.… ..//

කෙසේද අත් බැද ඇවිදින්නේ...
වෙරලේ උයනේ තුරුලු වෙමින්..
නෑසිය මිතුරන් මගතොට හමුවන්නේ..
උකුසු ඇසින් අප කෙලෙසද ගැලවෙන්නේ...

අපි ඈතට ඈතට පානගලා..

කාත් කවුරුවත් නෑ එන්නේ..
ඉදුල් නොවේ රුදු මිනිස් ඇසින්...
අපේම පුන්චි ලෝකයේ අපි ඉන්නේ...
බමරුන් විතරයි තනියට ලගඉන්නේ...

අපි ඈතට ඈතට පානගලා...//

LinkWithin

Related Posts with Thumbnails

~එස්. ඒ.~ ගැන