Pages

Saturday, February 27, 2010

නදීශා 6

13 වෙනිදායින් පස්සෙ අද තමයි පොඩි ඉස්පාසුවක් ලැබුනෙ.
පහුගිය දවස් ටිකේම කට කපල වැඩ.
 එහෙන් මිඩ්, ෆයිනල් ප්‍රොජෙක්ට් එකේ වැඩ, එකී මෙකී නොකී දේවල් තමා ඉතින් තිබුනේ...

ආයෙත් කතාවට.....

තවත් සෙනසුරාදා දවසක්...
පුරුදු විදියටම උදේම අපි මුන ගැහුනා...

ඔයා දන්නවද වැඩක්...
නෑ... මොකක්ද? මම ඇහුවා
අපේ ඉස්කොලෙ වෝක් එක තියෙනවා..
ආ කවදද? මාත් එන්නම්...
හැබැයි මට නම් ඇවිදින්න බෑ හොදේ..
එන්න ඉතින්... ඒත් අපිට කතා කරන්න නම් පුලුවන් වෙයිද දන්නෙ නෑ..
ටීචර්ස්ලත් ඉන්නවනේ... අනික අපේ න0ගිත් ඉන්නවා..

ඉතින් න0ගි හිටියම මොකද? න0ගිය දන්නවනේ..
ඔව් දන්නව නම් තමයි...
ආ හරි හරි ඉතින්.. මට ඔයාව බලන්න හරි පුලුවන්නේ..
මම ඔයාට මගේ හොදම යාලුවාව පෙන්නන්නම්...
කවුද? අර ගම්පහ කෙනාද?
ආ.. අන්න හරි.. ඔයාට මම කියපු එක මතකයි නේද...
තවත් දෙයක්... 
ඒ මොකක්ද ඒ පාර?
අනේ...  මට අද කෑම ගේන්න බැරි වුනානෙ...
ආ.. කමක් නෑ.. අපි ටවුමෙන් ගමු.

වෝක් එක තිබුනෙ සෙනසුරාදා දවසක...
ඉතින් මට පහසුවෙන්ම ඒකට යන්න පුලුවන් වුනා...
එදින ඇය මගේ උපන්දිනය වෙනුවෙන් තෑගිකල කල කමීසය පලමු වතාවට අදින්නට හැකියාව ලැබිණි.

ඔය විදියට කාලය ගෙවුනා..

ඒ කිසිම හමුවීමකදී අපි අතර ගැටලු මතු වුනේ නෑ..
බොහෝ කාරනා වලදී අපි සමාන අදහස් දැරුවෙමු...


තවත් අපේ හමුවීමක්...
 දිනය සුපුරුදු සෙනසුරාදාවක්..

මේ අපෙ අම්මට කවුරු හරි අපි ගැන කියල තියෙනවා..
ඒ මොකද එහෙම කිවුවේ? මම ඇහුවා...
නෑ.. අද අම්ම න0ගිත් එක්ක එනව කිවුවා..
කොහෙටද? මෙහෙට? 
ඔව් අනේ මෙහෙට තමා... න0ගිටත් ක්ලාස් පටන් ගන්නවනේ...
ඉතින් අපේ සර්වත් මුනගැහෙනවා කිවුවා...

අපෝ ඔයා බය වෙන්න එපා. මම නැන්දම්මත් එක්ක කතා කරන්නම්...
හරි මොනවද ඔයා කතා කරන්නේ?
මම අහන්නම් මට දූව දෙනව නේද කියල...
ඔයාට නම් විහිලු...
හරි හරි ලමයා... අපි බලමුකෝ...

පන්තිය අවසානයේ..
ශාමිලා.. අපේ අම්ම ඇවිත්ද කියල බලන්නකෝ..
ඉන්න.. ඔව් ඔව් පහල ඉන්නවා...
ඇය කියූ පරිදිම අම්මා ඇවිත්...

අනේ එහෙනම් ඔයා කලින් යන්න...
මම පස්සෙ එන්නම්... අද අපිට හවස කතා කරන්න නම් බැරි වෙයි..
ඉතින් යන්නකෝ...
මම පහලට එන විටම න0ගීට සිනාව නතර කරගත නොහැකි වින.
මේකි කෑව.. දැන් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. ඒ මගේ හිත.
අම්මා පැම්ණියද  ගැටලුවක් මතු නොවුනි...

දිනෙන් දින ගෙවී උසස් පෙල exam සදහා දින නියම වින.
ඒවන විට අපේ මුනගැසීම් තරමක් දුරට සීමාවී තිබ්ණ.
ඉතිරිය ඊලගට....

Saturday, February 13, 2010

නදීශා 5

කලින් කතාවට....

අද පෙබරවාරි මාසෙ 13.
මතක හිටින/හිටපු දවසක්...
ඒ හෙට වැලන්ටගෙ දවස නිසාමත් නෙමෙයි...
ඒක හෙමිහිට කියන්නම්...


එයාට ඒටික කිවුවට පස්සෙ.. මම පන්තියෙ හිටියෙ කොහොමද කියලා මට දැනුනේ නෑ..
ඒත් ජීවිතයේ පලමුවෙනි වතාවට කියාගන්න බැරි සිතුවිලි ගොඩකින් හිත පිරිල තිබුනා..

ඊට පස්සෙ... සති කීපයක් ගෙවිලා ගියා...
ඒත් මට ඒ සති කීපය දැනුනෙ නම් මාස ගානක් වගෙයි...

අපිට පන්ති ඉවර උනාම හැම දාම බොහොම පොඩි වෙලාවක් කතාකරන්න ලැබුනා...
ඔහොම දවසින් දවස ගෙවිලා ගියා...


ඒත් එයාගෙන් ලැබුන උත්තරෙන් මට සෑහීමට පුලුවන් උනේ නෑ..


ස්ථානය: මගේ පාසල

''ආ.. මචන් අපිට පාටියක් දීපන් හරිද!!''

ඒ මගෙ හොදම යාලුවෙක්ගෙ යාලුවා...
'ඒ මොකටද?'

'අරක හරි ගියාට'
''පිස්සුද බන්...''
''බෑම කියනවා...''


ඔය අතරෙදි අපිට සෙනසුරාදා දවසෙත් මුනගැහෙන්න ලැබුනා...
මමත් හොද ෆිසික්ස් පන්තියක් හොය හොයා ඉන්න කොට තමා එයා ගිය ඒ පන්තිය ගැන දැන ගන්න ලැබුනෙ.

ඒ මුනගැහෙන දවස් තුනක කාලයෙදි අපි අපි ගැනත් ඇස් මානයේ තිබුන නොතිබුන හැම දෙයක් ගැනත් කතා කලා...
පන්තිය ඉවරවෙලා ටවුමට යනකන් අපි දෙන්න ගියේ එකට...

අගහරුවාදට පන්ති ඉවර වෙන තැනින්ම මට ගෙදර යන්න පුලුවන් උනත්, මම එයා එක්ක ටවුමට ආවා...
ඒ ඉතින් ආයෙත් මූන දකින්න වෙන්නෙ සිකුරාදා නිසා...




ඒත් දවසක්... එයා මගෙන් ප්‍රශ්නයක් ඇහුවා...

' මට කියන්න මේකෙදි අන්තිමට වෙන්නෙ මොකද කියලා..'

මම බලාපොරොත්තු නොවුන දෙයක් වුනත් මම ඇත්තටම මගේ හිතේ තියෙන දේ කිවුවා...
'නදීශා, මම මීට කලින් කාත් එක්කවත් යාලුවෙලා නෑ..
ඉතින් මේක ඉවර වෙන්නෙ අපි දෙන්න marry කරලා...
ඇත්තමයි...'

'අපේ ගෙදරින්වත් කිසිම ප්‍රශ්නයක් එන්නේ නෑ..'
කාලය ගෙවිලා ගියා...

ඒත් එක දවසක්...

මම ජීවිතේ බලාපොරොත්තුවෙන්ම හිටපු දේ මට ලැබුනා...


ස්ථානය: පෙම්වතුන් මුන ගැහෙන 'රස නිවස'

අපි දෙන්නගෙ පලමු හමුවීම...

ඔය විදිහට අපේ කතාව ගලාගෙන ගියා...

සෙනසුරාදා උදෙන්ම පන්තියට එන්න අපි දෙන්නා පුරුදු උනා...
උදේ 7.30-7.45 වෙනකොට දෙන්නම ඇවිත්...
පන්තිය පටන් ගන්නෙ 8.30 හින්දා කොහොමත් ඉතින් පැයකට ආසන්න කාලයක් අපිට කතා කරන්න ඉඩ ලැබුනා..


ඔය අතරෙදි අපි හමුවෙලා මුල්ම පෙබරවාරි 13 දවස ආව...

අද දවසෙ වගේම ඒ දවසෙත් විශේෂත්වයක් තිබුනා...
ඒ එයාගෙ උපන්දිනය නිසා...


අද සුබ පතන්න මගේ ලග නොහිටියත්...
'ඔයාට සුබ උපන්දිනක්'

Tuesday, February 9, 2010

ප්‍රේම තටාකේ...




















ප්‍රේම තටාකේ මේකයි මැණිකේ...
ආදර රැල්ලයි අර දිව යන්නේ...
අභිමන් අභිමන් කියලයි මැණිකේ..
ඒ රැලි මේ වැව් ඉවුරෙ වදින්නේ..
ප්‍රේම තටාකේ..

මගෙ පෙම් කෝකිලයෝ ඔබෙ ගීයේ..
තාලෙට නොවැ දිය සුලි කැරකෙන්නේ..
පියුමට පියුමක් හැපෙනව දැකලයි..
0ස පැටවු මේ හැටි දගලන්නේ..

චම්පා චම්පා කියලයි මැණිකේ..
ඕලුමලේ අර පෙති නැටවෙන්නේ..
ඔබෙ ඉග මෙවුලේ මිණිකැට දැකලයි..
මාළු පැටවු මේ දිවගෙන එන්නේ..
ප්‍රේම තටාකේ..

හිමියනි ඔබගේ පුළුලුර තලයේ..
වැව් ඉවුරෙහි නැත වෙනස පෙනෙන්නේ...
මගෙ පෙම් දහරයි සීතල ජලයයි..
එක විදිහට නොවැ පිරීතිබෙන්නේ..

අනාගතේ මෙහි පෙම් රසවිදිනා...
හදවත්වලටයි රසය දැනෙන්නේ..
ඒකයි මැණිකේ මේ වැව දකිනා..
කොයි මොහොතෙත් මට සුවය දැනෙන්නේ...
ප්‍රේම තටාකේ..

Monday, February 8, 2010

නදීශා 4

නදීශා 3 මෙතන


''පොඩි දෙයක් දැනගන්න ආවෙ...''
'මොකක්ද?'
''නදීශා ගැන...''
'ආ...'
''මචන් තාමත් ඒ affair එක තියෙනවද?''
'එහෙම දෙයක් නෑ බන්..'
''ආ.. ඒක දැන ගන්න තමා අපි ආවෙ.
නදීශගෙන් අහන්න කලින් උඹත් එක්ක කතාකරන්න ආවෙ ඒකයි..''
''එහෙන හරි මචන්... අපි යන්නම්...''
මම හීනකින්වත් නොහිතපු විදියට බොහොම සරලව ඒ වැඩේ ඉවර උනා...
ඒකත් හිතට ලොකු සැනසීමක් උනා...

''දැන් හරිනෙ බන්... ගිහින් අරයගෙන් අහපන් තවත් කල්දාන්නෙ නැතුව...''
ඒ මගේ යාලුවා...
ඇත්තෙන්ම ඉක්මනින්ම එයාගෙන් අහන්න ඕනෙ කියන අදහස මගෙ ඔලුවෙත් තිබුනා...
''හරි බන් ... අපි ඊලග දවසෙ අහමු...''
ඔහොම කාලය ගත උනා...
ඒත් මට දැනුනෙ නෑ.. වචනයෙන් විස්තර කරන්න අමාරු සිතුවිලි ගොන්නකින් හිත පිරිල තිබුනා... 

අලුත් විශය නිර්දේශය උනත්... අපි පන්ති ගියෙ බොට්නි වලට වෙනමයි.. සූලොජි වලට වෙනමයි...
බොට්නි පන්තියෙදි තමා මම එයාව දැක්කෙ...

සූලොජි පන්තිය තිබුනෙ ටවුන් එකෙන් ටිකක් ඈතට වෙන්න මිස් කෙනෙක්ගෙ ගෙදරක...
ඒ කියන්නෙ සතියට දවස් දෙකක්, අගහරුවාදයි,සිකුරාදයි මම එයාව දකිනවා කියන එකයි...

ඒත් සූලොජි පන්තියෙදි කතාකරන්න අල්ල ගන්න අමාරුයි..
ඒක නිසා අකමැත්තෙන් උනත් සිකුරාදා වෙනකල් ඉවසාගෙන ඉන්න උනා..


ස්ථානය: බයෝ පන්තිය
වෙනදාටත් වඩා ඉක්මනින්  මම සිකුරාදා පන්ත්යට ගියා...
අපෝ මේ වෙලාව යන්නෙත් නෑනෙ.. අද එයා එන්නෙ නැත්ද දන්නෙ නෑ..!

නෑ එහෙම වෙන්න බෑ...

ඇත්තෙන්ම එයත් වෙනදාට වඩා කලින් එදා පන්තියට ආවා...

මම ගිහින් ශාමිලාව මුන ගැහුනා...
''ශාමිලා ඔයා නදීශට කියන්න මම පොඩ්ඩක් කතාකරන්න ඕනෙ කිවුවා කියලා..''
'හා මම කියන්නම්..'
''එයාට පොඩ්ඩක් මම ඉන්න තැනට එන්න කියන්න...''

ජීවිතේ පලමුවෙනි වතාවට මෙහෙම දෙයක් සිද්ද වෙන්නෙ...
එයා එයිද දන්නෙ නෑ...
පොඩි බයකුත් නොතිබුනාම නෙමෙයි...

මම යාලුවන්ගෙන් මිදිලා ටිකක් ඈතට ගියා...
නදීශව බලාපොරොත්තුවෙන්...
එයා ආවා....

ලස්සන හිනාවක් මූනෙ ඇදිලා තිබුනා...

එයා ලගට ආවා..
අපි දෙන්නා අතරෙ මොහොතක නිහැඩියාවක්....
මොහොතකට මට හැමදෙයක්ම අමතකවුනා...

''මම ර0ග''... 
''මගේ නම දන්නෙ නැති උනත්...ඔයා මාව දැකල තියෙනවා කියල නම් මම දන්නවා...''

මම එහෙම කිවුවම බොහොම අහි0සක හිනාවක් එයාගෙ මූනෙ ඇදුනා...
නෑ..මමත් ඔයාගෙ නම දන්නවා කියනවා වගේ..

''ඔයා ගැන නම් විස්තර මම ටිකක් දන්නවා...''
මම එහෙම කිවුවා...
'ඒ මොනවද?'
ඒ හඩ... මම ආත්ම ගානක ඉදන් දන්න එකක් කියලා මට හිතුනා...
''ලොකු දේවල් නෙමෙයි...''
''ඔයාගෙ නම ගම වගේ දේවල්''
එහෙම කිවුවම එයාට හිනා...

ඒක නෙමෙයි.. ඔයාට දෙයක් කියන්න තියෙනවා...
'ඒ මොකක්ද?'
'''ඔයා මාවත් මම ඔයාවවත් දන්නේ නෑ...
ඒත් මම ඔයාට කැමැත්තෙන් ඉන්නවා...
මට කිසිම හදිසියක් නෑ...
ඔයා හිතල මට උත්තරයක් දෙන්න....''
ඒ ටික එයාට කියාගත්තම පුදුම නිදහසක් දැනුනා...

Wednesday, February 3, 2010

නදීශා 3

නදීශා 2 මෙතන

ශාමිලා එහෙම කිවුවම මට පුදුම හිතුනා...
කියන්නකො මොකක්ද කියලා...

''මම මේ දැන් ඔයා ගැන විස්තර එයාට කිවුව විතරයි...'' ශාමිලා එහෙම කිවුවා...

'මොනවා..!!  මොනවද ඉතින් කිවුවෙ..'
'අපි කිවුවා ඉතින් ඔයා හොද ලමයෙක් කියලා...'
එහෙම කියලා එයා හිනාවුනා...

මම දැක්කා එයා ශාමිලා අපිත් එක්ක කතාකරන හැටි බලාගෙන ඉන්නවා...
ඒත් මොනවද කතා කලේ කියන එක එයා දන්නෙ නෑ..



මට එයාගෙ විස්තර දැන ගන්න ඕනේ...
මම ශාමිලාට කිවුවා....
'ම්... විස්තර... මොනවගේ දේවල්ද?'



ඕනෙ දෙයක් කියන්න...

ඉස්සෙල්ලම කියන්න එයාගෙ vacancy තියෙනවද කියලා..
මම එහෙම ඇහුවා..

ම්... vacancy නේද...?
කලින් නම් තිබුන vacancy එක ෆිල් වෙලා තිබුනා...
ඒත් ඒක තියෙන නොතියෙන ගානටලු තියෙන්නෙ
පොඩ්ඩක් හොයල බලන්න... ශාමිලා එහෙම කිවුව...

අන්න සර් එනවා...

එදා දවසෙ පන්තිය ඉවර වුනේ කොහොමද කියල මට දැනුනෙ නෑ...

හවස පන්තිය ඉවර වුන ගමන් මාත් මගෙ යලුවෙකුත් ඉබි ගමනින් ටවුන් එකට යන්න පිටත් උනා...
එහෙම කලේ කෙල්ලො ටික පන්තියෙන් එලියට එන්නෙ හෙමින්...නිසා

මට උවමනා වුනේ එයා ඉන්නෙ කොහෙද.. යන්නෙ මොන පාරෙද.. වගේ දේවල දැන ගන්න...

කොහොමින් හරි කෙල්ලො ටික ආව... 
ඒයාට තේරෙන නොතේරෙන ගානට මාත් මගෙ යාලුවත් පොඩි ෆොලෝ එකක් දුන්නා...
ආ මෙයා යන්නෙ 120 නෙ බන්... ඒ මගෙ යාලුව....

සාථානය මගේ පාසල:

ශාමිලා... ඉතින් ඉතුරු විස්තරත් කියන්නකෝ...
ම්... එයා ඉන්නෙ... ****ම.... තව... පවුලෙ 2 වැනියා... 
ආ තව දෙයක්... වැඩ් දුර යන්න කලින් ඔයා අර boyව මීට් වෙන්න...
නැත්නම් ඕක කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නෑ...

ස්ථානය: අපිට ගෙදර වගේ හුරු අපේ ටවුන් එකේ... බස් නැවතුම

මචන් අරූ ඉන්නවා... ඒ මගේ යාලුවා...
කවුද? 
අර නදීශගෙ  එකා බන්... 
කෝ කොහෙද? අර ඉන්නෙ බන් අර වැඩිය උස නැති ටිකක් කොන්ඩෙ කොටට කපපු එකා..
ආ ඌද...
 
වරෙන් යන්න කතා කරන්න...
උඹට පිස්සුද? 
නෑ නෑ.. උඹ වරෙන් කො... අනිත් උන්ට කියන්න එපා...
අපි දෙන්න විතරක් යමු... නැත්නම් වැඩේ වන වෙනවා..

මචන් උඹව පොඩ්ඩක් මීට් වෙන්න ආවෙ...
ඇයි මචන්?...

Tuesday, February 2, 2010

නදීශා 2

 එයා කවුද කින්ද මන්ද කියල මම දැනගෙන හිටියෙ නෑ..
ඒත්  බලාපොරොත්තුවක් ඇති වුනා... ඉබේටම...

අපේ ඉස්කෝලෙ ඉන්න ලමයෙක් එක්ක සම්බන්ධයක් පටන් ගන්නෙ නෑ.. කියන අදහස උසස් පෙල පටන් ගත්ත දවසෙ ඉදන් මම හිතාගෙන හිටපු දෙයක්...
සමහරව්ට ගෙදර තිබුනු පරිසරය නිසා වෙන්න පුලුවන්...

ඔය විදිහට තවත් සති 2ක් විතර ගියා...

එදා පන්තියට ආපු ඒ ලමයව  අදුන ගන්න මට ලොකු උවමනාවක් ඇති වුනා....
මගෙ පිහිටට හිටියෙ ශාමිලා...

සථානය: බයෝ පන්තිය
පන්තිය පටන්ගන්න තවත් පැය බාගයක් විතර තියෙනව...


පන්තිය තිබුනේ අපේ ඉස්කෝලෙම සර් කෙනෙක් ගෙ  ගෙදර...
ලොකු මිදුලක් තිබුන... රූස්ස අඹ ගහකුත් තිබුනා...

ගොඩක් වෙලාවට පන්තිය පටන්ගන්න කල් ගෑනු ලමයි ඔය ගහ යටට වෙලා කදේ දාගෙන ඉන්නවා...


මම තවත් මගෙ යාලුවෙක් එක්ක හිටියෙ...පන්තිය අන්තිම පේලියෙ වාඩිවෙලා.. මිදුල පැත්තට හැරිලා..හිට්යෙ
අන්තිම පේලියත් අඹ ගහත් අතර දුර මීටර 4-5 විතර...

'ශාමිලා...'
මම කතාකලා.... එයා ලගට ආව..
'ඔයා මට පොඩි උදවුවක් කරන්න ඕනෙ...'
'මොකක්ද?'
'අර... ගයත්‍රි ලග දම් පාටින්ම ඇදල ඉන්න කෙනා කවුද?'
'ආ... එයාද?'

''එයා නදීශා...''   'හරි පුදුමයි නෙ...'
ඒ මොකද? මම ඇහුවා...

Monday, February 1, 2010

නදීශා

(මෙය සත්‍ය අත්දැකීමකි/සිදුවීමකි..)


දිනය: 2001 වසරේ අග එක්තරා දිනයක්...
සා/පෙල ප්‍රතිඵල ඇවිත් උසස් පෙල පන්ති පටන්ගත්අවදිය....

ඩොකෙක්  වෙන්න කියලා ජීව ව්ද්‍යා පන්ති යන්න පටන් ගත්තා...

ප්‍රතිඵල ආවට පස්සෙ පන්ති යන මුල්ම දවස...
මම පන්තියට යන පලවෙනි දවස... ඒ කියන්නෙ 'ප්‍රෙශෙක්'


මම පුරුදු විදියටම අන්තිම පේලියෙ සාමාජිකයෙක්...
අපිට ඉස්සරහ පේලියෙ මගේ හොදම මිතුරියක් වන ශාමිලාත් තවත් කීපදෙනෙකුත් ...

සර් අපේ රිසල්ට් අහනවා...
ඔක්කොටම හොද රිසල්ට්... අන්තිමට හිටපු අපෙනුත් ඇහුවා...
පාඩම පටන් ගන්න ඔන්න මෙන්න...
වෙලාව හවස 3.30 ට විතර... කොලඹ ප්‍රසිද්ධ බාලිකාවක, බාලිකාවක් පන්තියට ආව...
මට නම් ඒ යුනිෆෝම් එක නුහුරුයි...

සර් එයාගෙනුත් ප්‍රතිපල ඇහුවා.. 'ten A's sir ' ක්...
එතකොට මොනවද ඔප්ශනල් කරපු සබ්ජෙක්ට්ස්...?
English literature , history   කලා.. ආ බොහොම හොදයි...

මෙන්න මෙයා මට ඉස්සරහ පේලියෙ වාඩිවුනා... මගෙ යාලුව ශාමිලා ගාව...
හ්.. මෙයා ශාමිලාගෙ යාලුවෙක් නෙ...

මම ඒත් තාම එයාගෙ මූන දැක්කෙ නෑ...

කොහොමහරි බලාගන්න ඕනෙ...

දැන් පන්තිය ඉවර කරන්න ඔන්න මෙන්න...

'ශාමිලා ඔයා කොහෙද physics වලට පන්ති යන්නෙ? '

මගේ යාලුවෙක් එක්ක පිටිපස්සෙ පේලියෙ ඉන්න කෙනෙක් කතා කරනකොට අපිත් ඉතින් කවුද කියලා බලනවනෙ...
ඒ තියරිය ඇප්ලයි වුනා...

'මම යන්නෙ ....සර් ගෙ...'

'ආ එහෙමද... මම නම් දුර පන්ති වලට යන්නෙ නෑ...'
'යන්න එන්නම එපා වෙනවනෙ....'
'ආ ඔයාට නම් එක්ක යන්න කෙනෙක් ඉන්නවනෙ...'

අර ලමය පිටිපස්ස බලල කට කොනකින් හිනා වුනා..
ආයෙත් ඉස්සරහ බලාගෙන අපි කියන දේවල් අහගෙන හිටියා... 

එදා දවසෙ පන්තිය ඉවරයි....

LinkWithin

Related Posts with Thumbnails

~එස්. ඒ.~ ගැන