Pages

Tuesday, February 2, 2010

නදීශා 2

 එයා කවුද කින්ද මන්ද කියල මම දැනගෙන හිටියෙ නෑ..
ඒත්  බලාපොරොත්තුවක් ඇති වුනා... ඉබේටම...

අපේ ඉස්කෝලෙ ඉන්න ලමයෙක් එක්ක සම්බන්ධයක් පටන් ගන්නෙ නෑ.. කියන අදහස උසස් පෙල පටන් ගත්ත දවසෙ ඉදන් මම හිතාගෙන හිටපු දෙයක්...
සමහරව්ට ගෙදර තිබුනු පරිසරය නිසා වෙන්න පුලුවන්...

ඔය විදිහට තවත් සති 2ක් විතර ගියා...

එදා පන්තියට ආපු ඒ ලමයව  අදුන ගන්න මට ලොකු උවමනාවක් ඇති වුනා....
මගෙ පිහිටට හිටියෙ ශාමිලා...

සථානය: බයෝ පන්තිය
පන්තිය පටන්ගන්න තවත් පැය බාගයක් විතර තියෙනව...


පන්තිය තිබුනේ අපේ ඉස්කෝලෙම සර් කෙනෙක් ගෙ  ගෙදර...
ලොකු මිදුලක් තිබුන... රූස්ස අඹ ගහකුත් තිබුනා...

ගොඩක් වෙලාවට පන්තිය පටන්ගන්න කල් ගෑනු ලමයි ඔය ගහ යටට වෙලා කදේ දාගෙන ඉන්නවා...


මම තවත් මගෙ යාලුවෙක් එක්ක හිටියෙ...පන්තිය අන්තිම පේලියෙ වාඩිවෙලා.. මිදුල පැත්තට හැරිලා..හිට්යෙ
අන්තිම පේලියත් අඹ ගහත් අතර දුර මීටර 4-5 විතර...

'ශාමිලා...'
මම කතාකලා.... එයා ලගට ආව..
'ඔයා මට පොඩි උදවුවක් කරන්න ඕනෙ...'
'මොකක්ද?'
'අර... ගයත්‍රි ලග දම් පාටින්ම ඇදල ඉන්න කෙනා කවුද?'
'ආ... එයාද?'

''එයා නදීශා...''   'හරි පුදුමයි නෙ...'
ඒ මොකද? මම ඇහුවා...

6 comments:

  1. එයත් ඔයා කවුද කියල ඇහුවනේ

    ReplyDelete
  2. ගොනා හැරෙනකොට දැනගන්න ඇති පොල් පැලේ කන්න කියල

    ReplyDelete
  3. මටත් හිතුනෙ ගයාන් කියපු එකමයි....

    එළ එළ...

    අප්ඩේට් ක‍රපාන්...

    ReplyDelete
  4. ඊට පස්්‍ෙස් ‍ෙමාකද උ‍ෙන්?

    ReplyDelete
  5. අඩෝ තොගෙන් හැමදාම අහන්න බෑ.. හුන්ඩුවක් දාන් නැතුව කතාවෙ බාගයක් හරි දාපං.. ඊට පස්සේ මොකැ උනේ..

    ReplyDelete
  6. ඔයාගෙනම් වැඩේ මට උනා වගේ අමාරුවෙන එකක් නැහැ කියල හිතෙනව.එයත් ඔයා ගැන අහලනෙ..

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails

~එස්. ඒ.~ ගැන