ශාමිලා එහෙම කිවුවම මට පුදුම හිතුනා...
කියන්නකො මොකක්ද කියලා...
''මම මේ දැන් ඔයා ගැන විස්තර එයාට කිවුව විතරයි...'' ශාමිලා එහෙම කිවුවා...
'මොනවා..!! මොනවද ඉතින් කිවුවෙ..'
'අපි කිවුවා ඉතින් ඔයා හොද ලමයෙක් කියලා...'
එහෙම කියලා එයා හිනාවුනා...
මම දැක්කා එයා ශාමිලා අපිත් එක්ක කතාකරන හැටි බලාගෙන ඉන්නවා...
ඒත් මොනවද කතා කලේ කියන එක එයා දන්නෙ නෑ..
මට එයාගෙ විස්තර දැන ගන්න ඕනේ...
මම ශාමිලාට කිවුවා....
'ම්... විස්තර... මොනවගේ දේවල්ද?'
ඕනෙ දෙයක් කියන්න...
ඉස්සෙල්ලම කියන්න එයාගෙ vacancy තියෙනවද කියලා..
මම එහෙම ඇහුවා..
ම්... vacancy නේද...?
කලින් නම් තිබුන vacancy එක ෆිල් වෙලා තිබුනා...
ඒත් ඒක තියෙන නොතියෙන ගානටලු තියෙන්නෙ
පොඩ්ඩක් හොයල බලන්න... ශාමිලා එහෙම කිවුව...
අන්න සර් එනවා...
එදා දවසෙ පන්තිය ඉවර වුනේ කොහොමද කියල මට දැනුනෙ නෑ...
හවස පන්තිය ඉවර වුන ගමන් මාත් මගෙ යලුවෙකුත් ඉබි ගමනින් ටවුන් එකට යන්න පිටත් උනා...
එහෙම කලේ කෙල්ලො ටික පන්තියෙන් එලියට එන්නෙ හෙමින්...නිසා
මට උවමනා වුනේ එයා ඉන්නෙ කොහෙද.. යන්නෙ මොන පාරෙද.. වගේ දේවල දැන ගන්න...
කොහොමින් හරි කෙල්ලො ටික ආව...
ඒයාට තේරෙන නොතේරෙන ගානට මාත් මගෙ යාලුවත් පොඩි ෆොලෝ එකක් දුන්නා...
ආ මෙයා යන්නෙ 120 නෙ බන්... ඒ මගෙ යාලුව....
සාථානය මගේ පාසල:
ශාමිලා... ඉතින් ඉතුරු විස්තරත් කියන්නකෝ...
ම්... එයා ඉන්නෙ... ****ම.... තව... පවුලෙ 2 වැනියා...
ආ තව දෙයක්... වැඩ් දුර යන්න කලින් ඔයා අර boyව මීට් වෙන්න...
නැත්නම් ඕක කොහෙන් කෙලවර වෙයිද දන්නෙ නෑ...
ස්ථානය: අපිට ගෙදර වගේ හුරු අපේ ටවුන් එකේ... බස් නැවතුම
මචන් අරූ ඉන්නවා... ඒ මගේ යාලුවා...
කවුද?
අර නදීශගෙ එකා බන්...
කෝ කොහෙද? අර ඉන්නෙ බන් අර වැඩිය උස නැති ටිකක් කොන්ඩෙ කොටට කපපු එකා..
ආ ඌද...
වරෙන් යන්න කතා කරන්න...
උඹට පිස්සුද?
නෑ නෑ.. උඹ වරෙන් කො... අනිත් උන්ට කියන්න එපා...
අපි දෙන්න විතරක් යමු... නැත්නම් වැඩේ වන වෙනවා..
මචන් උඹව පොඩ්ඩක් මීට් වෙන්න ආවෙ...
ඇයි මචන්?...


මචන් කතාව ටිකක් වැඩිපුර දාපන් , බේත් වගේනෙ, හිච්චක් දාන්නෙ !
ReplyDeleteමං කියපු එක හරි ගිහින් නෙව. ඉතිං ඊට පස්සේ මොකද උනේ. කෑමක් සෙට් උනාවත්ද?
ReplyDeleteතොට මං හැමදාම කියනව හුන්ඩුවක් දාන් නැතිව වැඩිපුර ටිකක් දාපිය කියල...
ReplyDeleteමම නම් දන්නවා කතාව :)
ReplyDeletedear bro what a sad...........
ReplyDeletethis is nice.but it's toooooooooooooooooooooo short . pls write more...........
thnx
@all: හරි හරි මම දාන්න උත්සහ කරන්නම්...
ReplyDeleteතියෙනෙ වැඩත් එක්ක මේටික දාන්නෙත් බොහොම අමාරුවෙන්... :)
මේ කතාව ඔයාල කියවනවා කියල දැනගත්ත එකත් සතුටක්...
@gayani: ඔයා කතාව දන්නෙ කොහොමද කියන එක මට පුදුමයි...
ඔයාගෙ කතාවත් ගලාගෙන යන්නෙ මගෙ කතාව වගේමයි. මගෙ කතාව පටන් ගත්තෙත් A/L Physics පන්තියකින්. ඒක මගෙත් පළවෙනි ආදරය. අවුරුද්දත් 2001. ඒත් මට අවසානයෙදි උරුමවුන දුක ඔයාට උරුම වෙල නැහැ කියල හිතනව...
ReplyDeleteදිගටම ලියන්න....