Pages

Monday, February 8, 2010

නදීශා 4

නදීශා 3 මෙතන


''පොඩි දෙයක් දැනගන්න ආවෙ...''
'මොකක්ද?'
''නදීශා ගැන...''
'ආ...'
''මචන් තාමත් ඒ affair එක තියෙනවද?''
'එහෙම දෙයක් නෑ බන්..'
''ආ.. ඒක දැන ගන්න තමා අපි ආවෙ.
නදීශගෙන් අහන්න කලින් උඹත් එක්ක කතාකරන්න ආවෙ ඒකයි..''
''එහෙන හරි මචන්... අපි යන්නම්...''
මම හීනකින්වත් නොහිතපු විදියට බොහොම සරලව ඒ වැඩේ ඉවර උනා...
ඒකත් හිතට ලොකු සැනසීමක් උනා...

''දැන් හරිනෙ බන්... ගිහින් අරයගෙන් අහපන් තවත් කල්දාන්නෙ නැතුව...''
ඒ මගේ යාලුවා...
ඇත්තෙන්ම ඉක්මනින්ම එයාගෙන් අහන්න ඕනෙ කියන අදහස මගෙ ඔලුවෙත් තිබුනා...
''හරි බන් ... අපි ඊලග දවසෙ අහමු...''
ඔහොම කාලය ගත උනා...
ඒත් මට දැනුනෙ නෑ.. වචනයෙන් විස්තර කරන්න අමාරු සිතුවිලි ගොන්නකින් හිත පිරිල තිබුනා... 

අලුත් විශය නිර්දේශය උනත්... අපි පන්ති ගියෙ බොට්නි වලට වෙනමයි.. සූලොජි වලට වෙනමයි...
බොට්නි පන්තියෙදි තමා මම එයාව දැක්කෙ...

සූලොජි පන්තිය තිබුනෙ ටවුන් එකෙන් ටිකක් ඈතට වෙන්න මිස් කෙනෙක්ගෙ ගෙදරක...
ඒ කියන්නෙ සතියට දවස් දෙකක්, අගහරුවාදයි,සිකුරාදයි මම එයාව දකිනවා කියන එකයි...

ඒත් සූලොජි පන්තියෙදි කතාකරන්න අල්ල ගන්න අමාරුයි..
ඒක නිසා අකමැත්තෙන් උනත් සිකුරාදා වෙනකල් ඉවසාගෙන ඉන්න උනා..


ස්ථානය: බයෝ පන්තිය
වෙනදාටත් වඩා ඉක්මනින්  මම සිකුරාදා පන්ත්යට ගියා...
අපෝ මේ වෙලාව යන්නෙත් නෑනෙ.. අද එයා එන්නෙ නැත්ද දන්නෙ නෑ..!

නෑ එහෙම වෙන්න බෑ...

ඇත්තෙන්ම එයත් වෙනදාට වඩා කලින් එදා පන්තියට ආවා...

මම ගිහින් ශාමිලාව මුන ගැහුනා...
''ශාමිලා ඔයා නදීශට කියන්න මම පොඩ්ඩක් කතාකරන්න ඕනෙ කිවුවා කියලා..''
'හා මම කියන්නම්..'
''එයාට පොඩ්ඩක් මම ඉන්න තැනට එන්න කියන්න...''

ජීවිතේ පලමුවෙනි වතාවට මෙහෙම දෙයක් සිද්ද වෙන්නෙ...
එයා එයිද දන්නෙ නෑ...
පොඩි බයකුත් නොතිබුනාම නෙමෙයි...

මම යාලුවන්ගෙන් මිදිලා ටිකක් ඈතට ගියා...
නදීශව බලාපොරොත්තුවෙන්...
එයා ආවා....

ලස්සන හිනාවක් මූනෙ ඇදිලා තිබුනා...

එයා ලගට ආවා..
අපි දෙන්නා අතරෙ මොහොතක නිහැඩියාවක්....
මොහොතකට මට හැමදෙයක්ම අමතකවුනා...

''මම ර0ග''... 
''මගේ නම දන්නෙ නැති උනත්...ඔයා මාව දැකල තියෙනවා කියල නම් මම දන්නවා...''

මම එහෙම කිවුවම බොහොම අහි0සක හිනාවක් එයාගෙ මූනෙ ඇදුනා...
නෑ..මමත් ඔයාගෙ නම දන්නවා කියනවා වගේ..

''ඔයා ගැන නම් විස්තර මම ටිකක් දන්නවා...''
මම එහෙම කිවුවා...
'ඒ මොනවද?'
ඒ හඩ... මම ආත්ම ගානක ඉදන් දන්න එකක් කියලා මට හිතුනා...
''ලොකු දේවල් නෙමෙයි...''
''ඔයාගෙ නම ගම වගේ දේවල්''
එහෙම කිවුවම එයාට හිනා...

ඒක නෙමෙයි.. ඔයාට දෙයක් කියන්න තියෙනවා...
'ඒ මොකක්ද?'
'''ඔයා මාවත් මම ඔයාවවත් දන්නේ නෑ...
ඒත් මම ඔයාට කැමැත්තෙන් ඉන්නවා...
මට කිසිම හදිසියක් නෑ...
ඔයා හිතල මට උත්තරයක් දෙන්න....''
ඒ ටික එයාට කියාගත්තම පුදුම නිදහසක් දැනුනා...

7 comments:

  1. හරිම ලස්සනයි

    ReplyDelete
  2. මල්ලී, දිගටම ලියන්න..
    මම කමෙන්ට් නොකරන්නේ මට මෙහෙම ඇටිකිචි කෑල්ලක් බලලා මදි නිසායි.. මට ඉවසිල්ල හරි අඩුයි නේ..
    ඔක්කොම ලියලා ඉවර උනු දවසට, එකපාරටම ඔක්කොම කියවලා කමෙන්ට් කරන්නම්කෝ...

    ReplyDelete
  3. හුන්ඩුවක් මදි යකෝ......

    ReplyDelete
  4. මේක කියවද්දි මට මතක්වෙන්නේ සුළඟ වගේ ඇව්දින් නවකතාව. දිගටම ලියන්න මල්ලී. ජයවේවා.

    ReplyDelete
  5. බලමු එයා මොකද කියන්නෙ කියලා.....

    @මම දසයා: සුළඟ වගේ ඇව්දින් මම කැමතිම නවකතාව...

    ReplyDelete
  6. Matchan uba oya katawa dala balaporottu wenne mokakda? dan godak kalne ban oka iwara wela..... uba thamath eyata adareida? eyata dan boy kenek innawane....

    ReplyDelete
  7. {Iahiru777;
    .::පිස්සා::.;
    Anonymous1;
    මම දසයා;
    indik;
    Anonymous2;
    }
    කොමෙන්ටු වලට ස්තූතියි....

    Anonymous2:ඇනි, ඔයා මාව දන්නව ඇති කියල හිතනවා... ඇත්ත මේක ඉවර වෙලානම් ගොඩක් කල්. මම දන්නේ නෑ ඔයාට ඔයාගෙ පලවෙනි ආදරේ මරල දාන්න පුලුවන් ද කියල...[ඒක බ්‍රේක් වෙලානම්]
    එහෙනම් ඔයා ආදරේ ගැන දන්නෙ නෑ...
    තවමත් එයාට ආදරේද? ප්‍රශ්නේට උත්තරේ උඩ තියෙනවා..

    මේක දාල කිසිම කෙනෙක්ට හානියක් කරන්නෙ නෑ..
    ඔව්,boy කෙනෙක් ඉන්නවා කියන එකට උත්තරේ... ඔයාට වඩා මම හොදින් දන්නවා කියල මම හිතනවා...
    විස්තර ප්‍රසිද්ධ්යෙ කියන්න බෑ.

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails

~එස්. ඒ.~ ගැන