Pages

Saturday, February 27, 2010

නදීශා 6

13 වෙනිදායින් පස්සෙ අද තමයි පොඩි ඉස්පාසුවක් ලැබුනෙ.
පහුගිය දවස් ටිකේම කට කපල වැඩ.
 එහෙන් මිඩ්, ෆයිනල් ප්‍රොජෙක්ට් එකේ වැඩ, එකී මෙකී නොකී දේවල් තමා ඉතින් තිබුනේ...

ආයෙත් කතාවට.....

තවත් සෙනසුරාදා දවසක්...
පුරුදු විදියටම උදේම අපි මුන ගැහුනා...

ඔයා දන්නවද වැඩක්...
නෑ... මොකක්ද? මම ඇහුවා
අපේ ඉස්කොලෙ වෝක් එක තියෙනවා..
ආ කවදද? මාත් එන්නම්...
හැබැයි මට නම් ඇවිදින්න බෑ හොදේ..
එන්න ඉතින්... ඒත් අපිට කතා කරන්න නම් පුලුවන් වෙයිද දන්නෙ නෑ..
ටීචර්ස්ලත් ඉන්නවනේ... අනික අපේ න0ගිත් ඉන්නවා..

ඉතින් න0ගි හිටියම මොකද? න0ගිය දන්නවනේ..
ඔව් දන්නව නම් තමයි...
ආ හරි හරි ඉතින්.. මට ඔයාව බලන්න හරි පුලුවන්නේ..
මම ඔයාට මගේ හොදම යාලුවාව පෙන්නන්නම්...
කවුද? අර ගම්පහ කෙනාද?
ආ.. අන්න හරි.. ඔයාට මම කියපු එක මතකයි නේද...
තවත් දෙයක්... 
ඒ මොකක්ද ඒ පාර?
අනේ...  මට අද කෑම ගේන්න බැරි වුනානෙ...
ආ.. කමක් නෑ.. අපි ටවුමෙන් ගමු.

වෝක් එක තිබුනෙ සෙනසුරාදා දවසක...
ඉතින් මට පහසුවෙන්ම ඒකට යන්න පුලුවන් වුනා...
එදින ඇය මගේ උපන්දිනය වෙනුවෙන් තෑගිකල කල කමීසය පලමු වතාවට අදින්නට හැකියාව ලැබිණි.

ඔය විදියට කාලය ගෙවුනා..

ඒ කිසිම හමුවීමකදී අපි අතර ගැටලු මතු වුනේ නෑ..
බොහෝ කාරනා වලදී අපි සමාන අදහස් දැරුවෙමු...


තවත් අපේ හමුවීමක්...
 දිනය සුපුරුදු සෙනසුරාදාවක්..

මේ අපෙ අම්මට කවුරු හරි අපි ගැන කියල තියෙනවා..
ඒ මොකද එහෙම කිවුවේ? මම ඇහුවා...
නෑ.. අද අම්ම න0ගිත් එක්ක එනව කිවුවා..
කොහෙටද? මෙහෙට? 
ඔව් අනේ මෙහෙට තමා... න0ගිටත් ක්ලාස් පටන් ගන්නවනේ...
ඉතින් අපේ සර්වත් මුනගැහෙනවා කිවුවා...

අපෝ ඔයා බය වෙන්න එපා. මම නැන්දම්මත් එක්ක කතා කරන්නම්...
හරි මොනවද ඔයා කතා කරන්නේ?
මම අහන්නම් මට දූව දෙනව නේද කියල...
ඔයාට නම් විහිලු...
හරි හරි ලමයා... අපි බලමුකෝ...

පන්තිය අවසානයේ..
ශාමිලා.. අපේ අම්ම ඇවිත්ද කියල බලන්නකෝ..
ඉන්න.. ඔව් ඔව් පහල ඉන්නවා...
ඇය කියූ පරිදිම අම්මා ඇවිත්...

අනේ එහෙනම් ඔයා කලින් යන්න...
මම පස්සෙ එන්නම්... අද අපිට හවස කතා කරන්න නම් බැරි වෙයි..
ඉතින් යන්නකෝ...
මම පහලට එන විටම න0ගීට සිනාව නතර කරගත නොහැකි වින.
මේකි කෑව.. දැන් ඉතින් අමුතුවෙන් කියන්න දෙයක් නෑ.. ඒ මගේ හිත.
අම්මා පැම්ණියද  ගැටලුවක් මතු නොවුනි...

දිනෙන් දින ගෙවී උසස් පෙල exam සදහා දින නියම වින.
ඒවන විට අපේ මුනගැසීම් තරමක් දුරට සීමාවී තිබ්ණ.
ඉතිරිය ඊලගට....

6 comments:

  1. නන්ගිය නම් හොද ළමයෙක් වගේ.

    ReplyDelete
  2. ඒත් මං බැලුව කතාවට හිටි හැටියෙ මොකෝ උනේ කියල.. මට මඟහැරුණවත් දෝ කියල හිතුන.. කෝ බං උඹ හැමදාම හුණ්ඩුව ක් නේ දාන්නේ.. තොට කියන කට හොදයි....

    ( කතාව ඉවර වෙනවත් එක්කම මෙච්චර බැණපු anon කවුද කියල හෙලිකරන්නම් )

    ReplyDelete
  3. ඔයා කතාව හද හද නේද කියන්නේ....ඔයාගේ කතාවේ ෆ්ලො එක පොඩ්ඩක් අවුල් ඒකයි මම එහෙම ඇහුවෙ.

    ReplyDelete
  4. @Prashan Fernando:
    නෑ. මේක ඇත්ත සිදුවීමක්.
    චරිත ඇත්තම ඒවා.
    ෆ්ලෝ එක අඩු ඇති.
    මම සින්හල ලියන්න දක්ෂ නෑ.
    අනික වුන හැම දෙයක්ම ඒ ආකාරයෙන්ම ලියන්න බෑනෙ.

    ස්තූතියි සියලුම අදහස් වලට.

    ReplyDelete
  5. හරිම සුන්දර කථාවක්

    ReplyDelete
  6. මචං මේ කථාව ලස්සනයි. ඇත්තම වුවත් එහෙම හිතෙන්නේ නෑ...
    කවුද මේ නදීෂා....?

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails

~එස්. ඒ.~ ගැන