Pages

Monday, February 1, 2010

නදීශා

(මෙය සත්‍ය අත්දැකීමකි/සිදුවීමකි..)


දිනය: 2001 වසරේ අග එක්තරා දිනයක්...
සා/පෙල ප්‍රතිඵල ඇවිත් උසස් පෙල පන්ති පටන්ගත්අවදිය....

ඩොකෙක්  වෙන්න කියලා ජීව ව්ද්‍යා පන්ති යන්න පටන් ගත්තා...

ප්‍රතිඵල ආවට පස්සෙ පන්ති යන මුල්ම දවස...
මම පන්තියට යන පලවෙනි දවස... ඒ කියන්නෙ 'ප්‍රෙශෙක්'


මම පුරුදු විදියටම අන්තිම පේලියෙ සාමාජිකයෙක්...
අපිට ඉස්සරහ පේලියෙ මගේ හොදම මිතුරියක් වන ශාමිලාත් තවත් කීපදෙනෙකුත් ...

සර් අපේ රිසල්ට් අහනවා...
ඔක්කොටම හොද රිසල්ට්... අන්තිමට හිටපු අපෙනුත් ඇහුවා...
පාඩම පටන් ගන්න ඔන්න මෙන්න...
වෙලාව හවස 3.30 ට විතර... කොලඹ ප්‍රසිද්ධ බාලිකාවක, බාලිකාවක් පන්තියට ආව...
මට නම් ඒ යුනිෆෝම් එක නුහුරුයි...

සර් එයාගෙනුත් ප්‍රතිපල ඇහුවා.. 'ten A's sir ' ක්...
එතකොට මොනවද ඔප්ශනල් කරපු සබ්ජෙක්ට්ස්...?
English literature , history   කලා.. ආ බොහොම හොදයි...

මෙන්න මෙයා මට ඉස්සරහ පේලියෙ වාඩිවුනා... මගෙ යාලුව ශාමිලා ගාව...
හ්.. මෙයා ශාමිලාගෙ යාලුවෙක් නෙ...

මම ඒත් තාම එයාගෙ මූන දැක්කෙ නෑ...

කොහොමහරි බලාගන්න ඕනෙ...

දැන් පන්තිය ඉවර කරන්න ඔන්න මෙන්න...

'ශාමිලා ඔයා කොහෙද physics වලට පන්ති යන්නෙ? '

මගේ යාලුවෙක් එක්ක පිටිපස්සෙ පේලියෙ ඉන්න කෙනෙක් කතා කරනකොට අපිත් ඉතින් කවුද කියලා බලනවනෙ...
ඒ තියරිය ඇප්ලයි වුනා...

'මම යන්නෙ ....සර් ගෙ...'

'ආ එහෙමද... මම නම් දුර පන්ති වලට යන්නෙ නෑ...'
'යන්න එන්නම එපා වෙනවනෙ....'
'ආ ඔයාට නම් එක්ක යන්න කෙනෙක් ඉන්නවනෙ...'

අර ලමය පිටිපස්ස බලල කට කොනකින් හිනා වුනා..
ආයෙත් ඉස්සරහ බලාගෙන අපි කියන දේවල් අහගෙන හිටියා... 

එදා දවසෙ පන්තිය ඉවරයි....

9 comments:

  1. කොහෙද පංතිය ගම්පහද ?

    ReplyDelete
  2. ethuru tikat kiyapiyaaaaaaaaa

    ReplyDelete
  3. @sltorents : :)

    @Dinushka Udara | රොකියා:නෑ.. පටන් ගත්තා විතරයි...
    @neXus™ :ගම්පහ නම් නෙමෙයි... ඊට 150Km විතර දුර
    @Anonymous:ඉවසන්න...

    ReplyDelete
  4. ඉතිං... ඊට පස්සේ....

    ReplyDelete
  5. යකො එක්ක යන්න ඉන්නවද නැද්ද කියලා හරියටම කියලා නවත්තන්න තිබ්බනේ....

    ReplyDelete
  6. 2001 අවුරුද්දෙ A/L වලට අලුතින් ගිය පන්තිය....
    මටත් ගොඩක් සමීප බවක් දැනෙනව. ආරම්භයත් මගෙ කතාව වගේ. කියවන්න ආසයි. දිගටම ලියන්න.....

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails

~එස්. ඒ.~ ගැන