Pages

Wednesday, March 31, 2010

නදීශා 10

නදීශා 9 මෙතන 

ඇයගෙන් ඇමතුමක් ලැබෙන තුරු බලා සිටිනවා හැර කරන්නට කිසිත් ඉතිරි නොවින...

මේ අයුරින් දින කීපයක් ගත වින..
දිනක්...

'අයියේ ඔයාට කෝල් එකක්...'
"කවුද?"
'මම දන්නේ නෑ... මේ ගෑනු ළමයෙක් කතා කරන්නේ...'
එයා...  මගෙ සිත මිමිනීය...

'හෙලෝ... රoග, මම චින්තා...'

"ආ ඔව් කියන්න..."
'ඔයාට හෙට 10ට ටවුමට එන්න කියන්න කියල නදීශා කිවුවා...'

"හරි මම එන්නම් කියන්න."

ඇමතුම විසන්ධි වනවාත් සමග...

'කවුද කතාකලේ?'

"මගෙ යාලුවෙක්"

තාත්තාගෙන් බේරීමට පිළිතුර ප්‍රමාණවත් විය...

පසු දින උදෑසන....

'කොහෙද යන්න ලෑස්ති වෙන්නේ?'
තාත්තාගෙන් ප්‍රශ්ණයක් යොමුවින.

දැන් මොකද කරන්නේ... ඇත්තම කියනවද බොරුවක් කියනවද...

ඉතින් කොයි දේකටවත් ගෙදරට බොරු නොකරන හින්ද ඇත්තම කියනවා..

"මම යනවා පොඩ්ඩක් ටවුමට"
'මොකටද මේ හදිසියෙම යන්නේ?'
"හදිසියක්ම නෙමේ... මේ.. ගෑනු ලමයෙක් මීට් වෙන්න"

'මොකක්? ඈ මිනිහො.. කොහෙන්ද ඔච්චර හයියක් ආවෙ මගෙ මූණට ඕක කියන්න?..
බලනව, දැන් මල්ලි හෙට ඇවිත් ඕක මට කිවුවොත් මොකද කරන්නේ?'

"මම ඇත්තනේ කිවුවෙ... බොරු කියන්න බැරි හින්දා.."

'තමුසෙ ඇත්ත කියපු එක ලොකු දෙයක්... ඒත් තමුසෙට අද ගෙදරින් එලියට යන්න බෑ'

පොඩි කාලයේ පටන් තාත්තා අපට දෙයක් කිවුවොත් ඒක ඉතින් කිවුවාමය...
කිසි ලෙසකින් වෙනස් නොවේ..

දැන් මොකද කරන්නේ?... 
'අනේ ලමයො..
මොකක්ද අර තාත්තට කිවුවේ...වෙන මොකක් හරි දෙයක් කියල යන්න තිබුනානෙ...'
සිදුවූ දෙයින් අම්මාද වික්ෂිප්ත වී සිටියාය...

දැන් අරයට කොහොමද මේක කියන්නේ? අද යන්න වෙන්නෙ නෑ නෙ..
අයියෝ මාත් කරගත්ත දෙයක්..

යන්න සූදානම් වූ ඇදුම පිටින්ම මම කාමරයට වැදුනෙමි.

ටික වේලාවකින් තාත්තා කාමරයට පැමිණියේය...

ආ මේක ගන්නව. දැන් ඔය ලෑස්ති වුන ගමන ගිහින් එනව..
මෙතන රුපියල් 5000 තියෙනව..

එන ගමන් ඩ්‍රයිවින් ලයිශන් ගන්න ට්‍රයල් එක දෙන්න ලර්නස් එකකට සල්ලි දීල එනව...
2000-2500 විතර යයි..

මතක තියා ගන්නව අද විතරයි එලියට යන්න පුලුවන් හරිද..'

ඇති යන්තම්... 
සුළු ප්‍රමාදයකින් ටවුමට ආවත් , ඒ වන විට ඇය පැමිණ තිබුනේ නැත...

නමුත් සුලු වෙලාවකින්... 
'රoග, නදීශ පොඩ්ඩක් පරක්කු වෙනව කිවුවා...' 

"ආ ඔය දෙන්නත් ආවද... "

ඇගේ හොද මිතුරියන් වූ චින්තා සහ නිලූෂි එසේ කියමින් මා අසලට ආහ..
'ඔයා මොකද රoග මේ දවස් වල කරන්නේ...'
"මොනව කරන්නද හලෝ කනව බොනව නිදාගන්නව ඇරෙන්න..."

'රිවිශන් ක්ලාස් නම් පටන් ගනී ඉක්මනටම නේද?'
"ඔව් දැනටමත් සමහර ඒව පටන් අරන්නේ තියෙන්නේ... "

ආ රoග, අර එන්නේ අරය...
බලන්න අපි කාපු කට්ට... එයාට නම් ගානක් වත් නෑ.. බලන්නකො හිනාවෙවී එන හැටි...

'ඔන්න රoග ඔයා ටිකක් බනින්න... '

"ඔව් ඔව් ... කොහොමත් මම ටිකක් බනින්න තමා ඉන්නෙ.."
"ඔයා ඇවිත් ගොඩක් වෙලාද?" අසමින් ඈ මා අසලට ආවාය..

නෑ.. මේ ඔයා එනකොටම තමා මාත් ආවෙ... මේ ඩබල නම් කලින් ඇවිත් තිබුනා...

'ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙනවා...'
මම කීවෙමි.

"මටත් තියෙනව අනේ... අපි කොහෙටද යන්නේ?"

'ඔයා අම්මට කිවුවේ කොහේ යනව කියලද?'
නිලූෂිගෙ ගෙදර යනව කියල...
"නිලූෂි, මෙයා ඔයාලගෙ ගෙදර යනව කියල ඇවිත් තියෙන්නේ..."

'එහෙනම් ඇත්තටම අපේ ගෙදර යමු...' 
 ලස්සන පන්සලක් එහෙම තියෙනවා... ඒකත් බලන්න යමු...


 "එහෙනම් අපි ඇත්තටම එහේ යමුද?" මම ඇගෙන් විමසීමි..

'හා... යo..'

ඒ ගමන මගේ ජීවිත ගමනේ තවත් ගමනක් නොවී කඩයිමක් වනු ඇතැයි මම කිසි විටෙකත් නොසිතුවෙමි....

Sunday, March 28, 2010

නදීශා 9

නදීශා 8මෙතන


ඇය දුරකතනය විසන්ධි කල පසු කිසිත් සිතා ගැනීමට වත් නොහැකි විය...
මොනවද මේ මෙයා මට කියන්නේ...

'එහෙනම් ඔයාට මාව ආයෙත් මීට් වෙන්න බැරි වෙයි...
මම තියනවා...'
ඒ වදන් පෙල දෝoකාර දෙන්නාක් මෙන් ඇසිනි...

"කවුද කතාකලේ?"
මම පියවි සිහිය ලැබුවේ තාත්තාගේ හඩිනි...
'ආහ්... මගෙ යාලුවෙක්'

එම පිලිතුර ප්‍රමාණවත් විය...

මා ගෙවූ දීර්ගතම රාත්‍රීන් අතුරින් එකක් ලෙස එය සටහන් විය..
නිදිවර්ජිතව විසදීම සදහා ගැටලුවක් විය..

'මොකක්ද මෙයා මේ එකපාරටම කිවුවේ...'

හරියන්නේ නෑ. ඉරිදට දහම් පාසලට එනව කිවුවනේ..
එතනදි  හම්බවෙලා අහන්න ඕනේ...

ඉරිදා දිනයේ ගෙදරින් එලියට බැසීමට පැහැදිලි හේතුවක් අවශ්‍ය නොවුනි...

අම්මේ.. මම අද මනෝජ්ලගෙ ගෙදර යනවා..
අපේ කට්ටිය එහෙට අද එනව කිවුවා..

මනෝජ්, හේෂාන්, තරිදු, මලීන්,පුන්සර... ආදීවූ මගේ මිත්‍රයන් ගැන අම්මා  දැන සිටි නිසා එය අස්වැසිල්ලක් විය.

කෝකටත් මනෝජයට කෝල් එකක් දාල කියන්න ඕනෙ.
හදිස්සියෙවත් කතා කලොත් එහෙම..

ඒ ආකාරයෙන් සිදුවිය හැකි සියලු ආකාරයේ සිදුවීම් සදහා පිලියම් යෙදීමි.

පන්සල ඇතුලට යන්නේ කොහොමද?

ඇරෙන කල් ඉන්න උනොත් එහෙම ලොකු කට්ටක් කන්න වෙන්නෙ..

මේ හරියෙ දන්න එකෙකුට ඉන්නෙ කසුන් විතරයි..
ඒත් ඌත් එක්කත් ලොකු සම්බන්ධයක් නෑ නෙ.

කෝකටත් ඌව හම්බවෙලා බලනවා..

හන්දියට ගොස් කිහිප දෙනෙකුගෙන් විමසීමෙන් පසුව කසුන්ගේ නිවස සොයාගැනීමට හැකිවින.

"අම්මට හුඩු.. රoගය.. මේ කොහෙද බන් මේ උදේම යන්නෙ..?"

'කොහේ යන්නද බන්.. උඹව හොයාගෙන තමා ආවෙ.'
"වරන් වරෙන් ඇතුලට..."
වැඩේ කරගන්න පුලුවන් වෙයි වගේ... මගේ සිත මිමිනීය..


තේ එකක් බොමුද? මම දැනුයි බන් නැගිට්ටෙ.

'තේ නම් ඕනේ නෑ බන්...'

"කොහොමද නදීශ එහෙම"

මම කියන්න කලින්ම මූ ඇහුවනෙ...
'ඒක තමා බන් මේ උබව හොයාගෙන ආවෙ...
ඉක්මනට ලෑස්තිවෙලා වරෙන්කෝ...'

"හරි මචන් මට විනාඩි 10ක් දීපන්.."

ඉතින් කියපන්කෝ... මගෙන් මොනවද කෙරෙන්න ඕනෙ?

මේ.., නදීශ දහම් පාසලේ උගන්නනව නේද?

"ඔව්නෙ බන්.. අද ඉරිදනෙ.
වරෙන් යන්න පන්සලට යමු."


'අවුලක් නැද්ද? මෙහේ මම දන්න එකෙක්ට ඉන්නෙ උඹ විතරයි..
හාමුදුරුවො මොනව හරි කියයි ද?'

"අපෝ නෑ.. උඹ බය නැතුව වරෙන්.. මම ඉතින් පන්සලේ හොද දායකයෙක් නෙ. හාමුදුරුවො මොකුත් කියන්නෙ නෑ..."


'මචන් මේ කරන උදව් වලට නම් උබට පින්..'

"අයියෝ ඕක මොකක්ද බන්.."
"මොකද ඒකිව හම්බවෙන්න බැරි උනාද?"

'ඔව් බන් දන්න වනෙ ඉතින්... දැන් පන්තිත් නෑ නෙ..'

"මචන්, රoගය, සමහර දවස් වලට ඒකිගෙ අක්කත් එනව උගන්නන්න.."



දහම් පාසල ඔහුගේ නිවසේ සිට ඇවිද යාහැකි දුරකින් විය...
කිසිදු පැකිලීමකින් තොරව ඇතුලට යා හැකි විය...


"මචන්, අදත් දෙන්නම ඉන්නව වගේ...
මොකද කරන්නේ?"


'නදීශගෙ පන්තිය කිට්ටුවට ගිහින් එමු.
එයා දකිනවනෙ එතකොට...'


මම සිතූ අයුරින්ම ඇය අප දුටුවාය.. නමුත් කිසිදු වෙනසක් පෙනෙන්නට නොතිබුනි.
මෙයා මේ මාව ගෙන්න ගන්න කියපු දෙයක්ද...



"අක්ක ඉන්න නිසා කතා කරන්න වෙන්නෙ නෑ..."

කතා කරන්න එපා.. අක්ක තාම දන්නෙ නෑ නෙ බන්...

"රoගය, උඹ අර අපෙ ඉස්කෝලෙ හිටපු අසේලව දන්නවද?"

'මොන අසේලද?'

"ඌ මචන් අපිට වඩා අවුරුද්දක් වැඩිමල්... උඹ ඌව දන්නව... අර ඉන්නෙ බන්.."

'ආ.. ඔව් ඔව්... මම දන්නව'

"වරෙන් ඌවත් හම්බවෙලා යමු..."

'හරි එහෙනම් ඌට කියමු අරයට මාව මීට් වෙන්න කියන්න කියල..'



ආ මල්ලිලා... මොකද මේ පැත්තේ?

මෙන්න මේ රoගයත් එක්ක ආව බන්...
කසුන් විසින් පිලිතුරු සපයන ලදී...

ඇත්තෙන්ම අසේල මම ද හොදින දන්නා අයෙකු විය..

අප දෙදෙනාම පාසල් නාට්‍ය පුහුණුවීම් වලදී මුණගැසී ඇත...


'මචන් අයියෙ, නදීශට පොඩි පණිවිඩයක් දෙනවද?
මාව ඉක්මනින් මීට් වෙන්න කියන්න..'
එතකොට එයා දන්නවා.

එයාගෙ අක්ක ඉන්න හින්ද කතාකරන්න බෑ නෙ..

ආ.. හරි මල්ලි මම කියන්නම්...
'ලොකු උදව්වක්'

කසුන අපි යමුද?

"හරි, යමන්කො හන්දියට, මටත් හන්දියට යන්න ඕනෙ."

'අනේ මචන් උඹ ලොකු උදව්වක් කලේ... වෙලාවෙ හැටියට ස්තූති කරනව ඇරෙන්න වෙන දෙන්න දෙයක් නෑ...'

"ආ ඒව ඔක්කොම හරි බන්."

"උඹ දැන් කොහෙද යන්නෙ?"

'මෙතනින්ම මනොජයගෙ ගෙදර යනව බන්..
මම ගෙදරට කිවුවෙ එහෙ යනව කියල...'

මගේ මිත්‍රයාටද සිදුවූ සියල්ල පවසා මම යලි නිවසට පැමිණියෙමි...


ඇයගෙන් ඇමතුමක් ලැබෙන තුරු බලා සිටිමි...

Wednesday, March 17, 2010

නදීශා 8

නදීශා 7මෙතන


එම අවසන් හමු වීමෙන් පසුව අප දෙදෙනාටම  2004 වසරේ උසස් පෙළ කඩයිමට මුහුණ දීමට සිදුවින.

එක් දිනයක විභාගය අවසානයේ නිවසට යාම සදහා මිතුරෙකුත් සමග සුපුරුදු ලෙසම ටවුමට පැමිණියෙමි.

"මචන්, අන්න අරයගෙ න0ගි ඉන්නවා...
අද ක්ලාස් එන්න ඇති.."
'කාගෙද බන්?'
"තොගෙ නදීශගෙ"
'කෝ කොහෙද?'
" උඹට නෑන පොඩ්ඩ බලන්න තියෙන හදිස්සිය..."
"නෑ යකෝ... නදීට exam කොහොමද දන්නෙ නෑ...
ඒක අහගන්න"
"අනික ඉතින් බලපන්... මෙච්චර ලස්සන නෑන කෙනෙක් ඉන්නකොට කාටද ආඩම්බර"
'ඔව් ඉතින් ඒක නම් ඇත්ත... උඹ නම් මාර ලකී මචන්...'
"හරි හරි වරෙන් යන්න...උඹවත් එයාගෙ ලගට එක්ක යන්නම්"

මින් පෙර දැක තිබුනද ඇය සමග කතා කරන පලමු අවස්ථාව මෙය විය...

"න0ගි... අක්කට exam කොහොමද? ලේසී කිවුවද?"
'ආ. අයියෙ, අක්කට සනීප නැති උනානෙ.
උන හැදුනා...exam එකට ගියත් හොස්පිටල් ඉදලා..'

"මොනවා... කවුරුවත් මට කිවුවෙ නෑනෙ..
වෙලාවට ඔයාව meet වුනේ..
දැන් කොහොමද එයාට..?"
'කවුරුවත් දන්නෙ නෑ... චින්තා අක්කත් දන්නෙ නෑ මම හිතන්නෙ..'
'දැන් ඉතිරි වෙලා තියෙන්නෙ chemistry විතරයි නේ..'

"මම දන්නව එයා කොහොමහරි හොදට ලියන්න ඇති...

හරි එහෙනම් ඔයා යන්න... අක්කට කියන්න ඉතිරි paper එකත් හොදට කරන්න කියලා.."

"අයියෝ මචන් අපරාදෙ බන්... මට මාර අප්සෙට් මේකට"

"එයා හොදට exam එකට මහන්සි උනා...
උඹ දන්නවනෙ එයා බ්‍රයිට් කියලා... බලපන් 3Aස් ගන්න තිබුණ චාන්ස් එක මිස් වෙයිද දන්නෙ නෑ..."

'හරි දැන් උඹ මේක දන්නෙ නෑ කියල අප්සෙට් ගන්න එපා...
exam ඉවර උන ගමන් කෙල්ලව බලන්න පලයන්...
උඹ දන්නවනෙ ගෙවල්... කලින් දවසක් ගියානේද?'

"ඔව් ඒක නම් හරි... ඒත් බ0 ... අනේ මන්දා මට හිතා ගන්න බෑ එයාට මොකද වුනේ කියලා.."

'හරි දැන් ගෙදර පලයන්... මෙතන ඉදිය කියල වැඩක් නෑ නෙ..'
විභාගයෙන් පසු කාටත් පොදු වූ ගන්ධබ්බ අවදිය උදාවිය... කරන්නට කිසිත් නොවීය.

ඇයට කතා කිරීමටද ක්‍රමයන් නොමැති විය..

එහෙත් එක් දිනක්...

නිවසේ දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබ්ණි.
එහි මෙසේ සටහන් වී තිබුණි...

"මම ඔයාව හොදින් දන්න කෙනෙක්... මේකට  'yes' කියලා reply කරන්න"

ඇති යන්තම්.. එයාලත් ගෙදරට phone අරන්... 
දැන් ඉතින් කතාකරන්න බැරි උනත් text එකක් හරි කොටා ගන්න පුලුවන්නේ...

'මේක අම්ම බිස්නස් වැඩ වලට ගත්තෙ... ඒක හින්දා වැඩිපුර තියෙන්නෙ අම්මා ගාව...'
ලැබුණු තවත් පණිවිඩයක එසේ සටහන් විය...
අපෝ මෙක ගත්තට වඩා හොදයි නොගත්තා නම්...

දිනක් සවස... වේලාව 4.30ට පමණ විය...

'හෙලෝ.. ර0ග ඉන්නවද?'
"ඔව් කතාකරනවා.... "
'මම චින්තා.. මේ මෙතන නදීශා ඉන්නවා... ඔහොම ඉන්න'

"හෙලෝ... ආ ඔයාට කොහොමද?"
'හොදයි...දැන් ඔයාට ටවුන් එකට එන්න පුලුවන්ද?'
"මේ දැන්..? ඔයාල ඔය කොහෙද ඉන්නේ? මේ වෙලාවෙ එලියට වත් බහින්න බෑ... මෙහේ හොදටම වහිනවා..."

'අපි ටවුමට කිට්ටුව ඉන්නේ.. 4.30 විතර වෙනකොට ටවුමට එන්න පුලුවන්...'

"දැන් නම් මට කීයටවත් එන්න දෙන එකක් නෑ... මෙහේ හොදටම වහිනවා..
අනික ආවත් 5 විතර වෙයි...මම එනකොට"

'එහෙනම් ඔයාට මාව ආයෙත් මීට් වෙන්න බැරි වෙයි...
මම තියනවා...'

එය මා කිසිසේත් බලාපොරොත්තු නොවූ පිළිතුරක් විය...

ඉදිරියට...

Wednesday, March 10, 2010

නදීශා 7

කතාවට කලින් දෙයක් කියන්න හිතුනා...
මේ කතාවෙ මම ඇතුලු සියලුම චරිත ඇත්ත ඒවා.
කිසිදු අසත්‍ය තොරතුරක් මෙහි සදහන් නොකරන නිසා අදාල පාර්ශව වලට කිසිදු හානියක් නොවන බව මගේ හැගීමයි.
 මේ කතාව ගලාගෙන යන ආකාරයේ යම් යම් දුර්වලතා සහිත ස්වබාවයක් තිබීමට පුලුවන්.
 ඒ මගේ සින්හල බස හැසිරවීමේදී මතුවන ගැටලුකාරී තත්වය නිසාය.
සිදුවූ  සියලුම දේ ඒ ආකාරයෙන්ම මෙහි සටහන් කිරීම ප්‍රායෝගික නොවන බව මගේ හැගීමයි.
අනෙක් කාරණාව නම් මේ කතාව ගොතා කීමෙන් මා හට කිසිදු ප්‍රයෝජනයක් නොලැබේ. මෙය ලියා තබනුයේ කියවන අයගේ හෝ අන් කෙනෙකුගේ අවධානය ලබාගැනීම උදෙසා නොව මා ලබූ අත්දැකීම මෙහි සිටින අය කියවන අය සමග බෙදාගැනීමට පමණි.

මේ ටික කියන්න හිතුනෙ  දැකපු කොමෙන්ටුවක් නිසා...


අනෙක් කාරණාව තමයි, මම බලාපොරොත්තුවුන කාලරාමුව ඇතුලත කතාව ලියාගන්න බැරිවුන එක... ඒකට නම් ඉතින් මේක කියවන අය මට සමාවෙන්න ඕනෙ.
අන්තිම අවුරුද්දෙ වැඩත් එක්ක ටිකක් විතර කාරිය බහුල වුනා... ඕක තමා කාරණාව...


හරි.. දැන් ආයෙත් කතාවට.

'මේ... ලස්සනයිද?'
"ආ ඔයා ඒක දාල නේද? 
ගෙදරින් එනකොට අම්මා දැක්කෙ නැත්ද?"
'නෑ.. එන්න ඔන්න මෙන්න කියලා දාගත්තා...'

ඇගේ උපන්දිනය වෙනුවෙන් මම තිළිණ කල පෙන්ඩන්ට් එක ඇය පැලදසිටිනවා දැකීම මට මහත් සතුටක් ගෙනදෙන්නක් විය.. ඉස්තරම්ම එකක් නොවූවද, මට තිබූ හැකියාවට සහ කාලයට අනුරූපව එය වටිනා දෙයක් විය. 
"හරි ලස්සනයි..."
'මේ ඒක නෙමේ...'
"ඒ පාර මොකක්ද?"
'නෑ ඉතින් exam එකෙන් පස්සෙ අපි මීට් වෙන්නෙ කොහොමද?'
"ම්.... ඔයා ඉතින් ශාමිලාගෙ ගෙදර යනව කියල එන්න..."

'හරි ඒත් ඉතින් ඒක හැමදාම කරන්න බෑනෙ...'
"එහෙනම් ඉතින් අනිත් දවසට නිලූශිගෙ  ගෙදර යනව කියල එන්න..."

'එතකොට ඊට පස්සෙ දවසෙ මොකද කරන්නෙ?'
"ම්.. එදාට නේද.... එදාට ඉතින් අපේ ගෙදර එනව කියල එන්න...
වැඩේ ඉවරයිනේ..."
"අවුලක් නෑ.. මම අපේ අම්මට කියල තියෙන්නේ..."

'හා... මොනවද ඉතින් ඔයා අම්මට කියල තියෙන්නේ?' 

"මෙහෙම කෙනෙක් ඉන්නවා එයාව කොයි වෙලාවක හරි ගෙදරින් පන්නපු ගමන් මම එයාව අපේ ගෙදරට එක්කන් එනව කියලා...." "එච්චරයි..."

'ආ.. දැන් ඔයා මේ බලාගෙන ඉන්නෙ මාව ගෙදරින් පන්නනකල් නේද?'

'එහෙම මාව පන්නන්නෙ නෑ හරිද... '
"අපෝ හරි හරි... එහෙනම් මම පන්නගෙන එන්නම් කෝ..."


"විහිලු නෙමේ ලමයා.. මම ඇත්තටම අම්ම නම් දන්නවා.."

'අම්මලට දැනෙනවනේ... එයාලට හොරෙන් අපිට මොකුත් කරන්න බෑ...'


ඉතිරි සති කිහිපය ගෙවීගිය අයුරු කොහෙත්ම සිතාගත නොහැකි තරම් විය...
සෙනසුරාදා පන්තිය පැවැත්වෙන අවසාන දිනය වනවිට කෙලින් සිටගත නොහැකිතරම් මම අසනීපව සිටියෙම්..


සෙනසුරාදා පන්තියේ අවසන් දිනයේ උදෑසන
ස්ථානය: මගේ නිවස


"අද ඔයා පන්ති යන්නම ඕනෑද?"
'ඔව් අම්මේ... අද නම් යන්න ඕනේ..'
"අනේ කොහොමද ලමයො මෙහෙම අසනීපෙන් යන්නෙ?"
'ඒ උනාට මම ගිහින් සර්ට කියල ඉක්මනින් එන්නම්...'
පන්ති ගමන වැලැක්වීමට දැඩි බලපෑමක් නොවින.


"මම හිතුවෙ ඔයා එන එකක් නෑ කියලා... දැන් කොහොමද ඔයාට?"
'එහෙම නවතිනවද මම?'
'තාම නම් හොද නෑ...'
"අනේ එහෙනම් පරිස්සම් වෙන්න..."

අසනීපෙ වැඩි උනොත් එහෙම...

හරි හරි ලමයො... හොදවෙයි... තව ටික දවසක් තියෙනවනේ..

"මේ දැන් ඔයා කොහොමද exam එකට යන්නේ?"
'ආ... අපේ ස්කූල් වෑන් එක යනවනේ...
කොළඹ යන ලමයි කතාකරල වෑන් එක දාගත්තා...'
" එහනම් කමක් නෑ.. දන්නවනෙ බස්වල යන්න ගියහම එපා වෙනවනේ..."
අපෝ.. ඒක නම් ඇත්ත...
මාව නම් ඉතින් තාත්තා ගෙනත් දායි...


"ඔයාට ක්ලාස් ඇරිල යන්න හදිසියක් නෑනෙ?
අපි පොඩ්ඩක් වෙලා ඉදලයමු හොදේ?"

'ම්...හා..'
'හැබැයි වැඩි වෙලානම් බෑ... ඔයාට අද සනීපත් නෑ..'




මතකයි නේද මම කියපුවා...
හොදට exam කරන්න...
ඉවරවෙලා මට ගෙදරට call එකක් දෙන්න... හොදේ...

දැන් පරිස්සමින් යන්න...

"ඔයත් හොදට exam කරන්න..."
"බේත්ටික වෙලාවට බොන්න.."
"අනික මම ඔයාට කිවුවෙ... දහම්පාසලේ මම දැන් උගන්නනවනේ... ඉතින් exam එකෙන් පස්සෙ මම ඉරිදට නම් දහම් පාසල් යනවා..."


'හරි ඔයාමට call එකක් දෙන්නකෝ...'
'ඊට පස්සෙ අපි මීට් වෙන්න විදියක් හදාගමු...'
"...දැන් පරිස්සමින් යන්න..."

ඉදිරියට...



LinkWithin

Related Posts with Thumbnails

~එස්. ඒ.~ ගැන