Pages

Wednesday, March 31, 2010

නදීශා 10

නදීශා 9 මෙතන 

ඇයගෙන් ඇමතුමක් ලැබෙන තුරු බලා සිටිනවා හැර කරන්නට කිසිත් ඉතිරි නොවින...

මේ අයුරින් දින කීපයක් ගත වින..
දිනක්...

'අයියේ ඔයාට කෝල් එකක්...'
"කවුද?"
'මම දන්නේ නෑ... මේ ගෑනු ළමයෙක් කතා කරන්නේ...'
එයා...  මගෙ සිත මිමිනීය...

'හෙලෝ... රoග, මම චින්තා...'

"ආ ඔව් කියන්න..."
'ඔයාට හෙට 10ට ටවුමට එන්න කියන්න කියල නදීශා කිවුවා...'

"හරි මම එන්නම් කියන්න."

ඇමතුම විසන්ධි වනවාත් සමග...

'කවුද කතාකලේ?'

"මගෙ යාලුවෙක්"

තාත්තාගෙන් බේරීමට පිළිතුර ප්‍රමාණවත් විය...

පසු දින උදෑසන....

'කොහෙද යන්න ලෑස්ති වෙන්නේ?'
තාත්තාගෙන් ප්‍රශ්ණයක් යොමුවින.

දැන් මොකද කරන්නේ... ඇත්තම කියනවද බොරුවක් කියනවද...

ඉතින් කොයි දේකටවත් ගෙදරට බොරු නොකරන හින්ද ඇත්තම කියනවා..

"මම යනවා පොඩ්ඩක් ටවුමට"
'මොකටද මේ හදිසියෙම යන්නේ?'
"හදිසියක්ම නෙමේ... මේ.. ගෑනු ලමයෙක් මීට් වෙන්න"

'මොකක්? ඈ මිනිහො.. කොහෙන්ද ඔච්චර හයියක් ආවෙ මගෙ මූණට ඕක කියන්න?..
බලනව, දැන් මල්ලි හෙට ඇවිත් ඕක මට කිවුවොත් මොකද කරන්නේ?'

"මම ඇත්තනේ කිවුවෙ... බොරු කියන්න බැරි හින්දා.."

'තමුසෙ ඇත්ත කියපු එක ලොකු දෙයක්... ඒත් තමුසෙට අද ගෙදරින් එලියට යන්න බෑ'

පොඩි කාලයේ පටන් තාත්තා අපට දෙයක් කිවුවොත් ඒක ඉතින් කිවුවාමය...
කිසි ලෙසකින් වෙනස් නොවේ..

දැන් මොකද කරන්නේ?... 
'අනේ ලමයො..
මොකක්ද අර තාත්තට කිවුවේ...වෙන මොකක් හරි දෙයක් කියල යන්න තිබුනානෙ...'
සිදුවූ දෙයින් අම්මාද වික්ෂිප්ත වී සිටියාය...

දැන් අරයට කොහොමද මේක කියන්නේ? අද යන්න වෙන්නෙ නෑ නෙ..
අයියෝ මාත් කරගත්ත දෙයක්..

යන්න සූදානම් වූ ඇදුම පිටින්ම මම කාමරයට වැදුනෙමි.

ටික වේලාවකින් තාත්තා කාමරයට පැමිණියේය...

ආ මේක ගන්නව. දැන් ඔය ලෑස්ති වුන ගමන ගිහින් එනව..
මෙතන රුපියල් 5000 තියෙනව..

එන ගමන් ඩ්‍රයිවින් ලයිශන් ගන්න ට්‍රයල් එක දෙන්න ලර්නස් එකකට සල්ලි දීල එනව...
2000-2500 විතර යයි..

මතක තියා ගන්නව අද විතරයි එලියට යන්න පුලුවන් හරිද..'

ඇති යන්තම්... 
සුළු ප්‍රමාදයකින් ටවුමට ආවත් , ඒ වන විට ඇය පැමිණ තිබුනේ නැත...

නමුත් සුලු වෙලාවකින්... 
'රoග, නදීශ පොඩ්ඩක් පරක්කු වෙනව කිවුවා...' 

"ආ ඔය දෙන්නත් ආවද... "

ඇගේ හොද මිතුරියන් වූ චින්තා සහ නිලූෂි එසේ කියමින් මා අසලට ආහ..
'ඔයා මොකද රoග මේ දවස් වල කරන්නේ...'
"මොනව කරන්නද හලෝ කනව බොනව නිදාගන්නව ඇරෙන්න..."

'රිවිශන් ක්ලාස් නම් පටන් ගනී ඉක්මනටම නේද?'
"ඔව් දැනටමත් සමහර ඒව පටන් අරන්නේ තියෙන්නේ... "

ආ රoග, අර එන්නේ අරය...
බලන්න අපි කාපු කට්ට... එයාට නම් ගානක් වත් නෑ.. බලන්නකො හිනාවෙවී එන හැටි...

'ඔන්න රoග ඔයා ටිකක් බනින්න... '

"ඔව් ඔව් ... කොහොමත් මම ටිකක් බනින්න තමා ඉන්නෙ.."
"ඔයා ඇවිත් ගොඩක් වෙලාද?" අසමින් ඈ මා අසලට ආවාය..

නෑ.. මේ ඔයා එනකොටම තමා මාත් ආවෙ... මේ ඩබල නම් කලින් ඇවිත් තිබුනා...

'ඔයාට කියන්න ගොඩක් දේවල් තියෙනවා...'
මම කීවෙමි.

"මටත් තියෙනව අනේ... අපි කොහෙටද යන්නේ?"

'ඔයා අම්මට කිවුවේ කොහේ යනව කියලද?'
නිලූෂිගෙ ගෙදර යනව කියල...
"නිලූෂි, මෙයා ඔයාලගෙ ගෙදර යනව කියල ඇවිත් තියෙන්නේ..."

'එහෙනම් ඇත්තටම අපේ ගෙදර යමු...' 
 ලස්සන පන්සලක් එහෙම තියෙනවා... ඒකත් බලන්න යමු...


 "එහෙනම් අපි ඇත්තටම එහේ යමුද?" මම ඇගෙන් විමසීමි..

'හා... යo..'

ඒ ගමන මගේ ජීවිත ගමනේ තවත් ගමනක් නොවී කඩයිමක් වනු ඇතැයි මම කිසි විටෙකත් නොසිතුවෙමි....

2 comments:

  1. ඉතින් ඊට පස්සෙ...

    ReplyDelete
  2. "ඒ ගමන මගේ ජීවිත ගමනේ තවත් ගමනක් නොවී කඩයිමක් වනු ඇතැයි මම කිසි විටෙකත් නොසිතුවෙමි......"

    අනේ සුදු පුතේ.. ඔය විදිහට කතාව නවත්තන්න එපා බං.. ඇඩෙනවා...

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails

~එස්. ඒ.~ ගැන