Pages

Wednesday, March 10, 2010

නදීශා 7

කතාවට කලින් දෙයක් කියන්න හිතුනා...
මේ කතාවෙ මම ඇතුලු සියලුම චරිත ඇත්ත ඒවා.
කිසිදු අසත්‍ය තොරතුරක් මෙහි සදහන් නොකරන නිසා අදාල පාර්ශව වලට කිසිදු හානියක් නොවන බව මගේ හැගීමයි.
 මේ කතාව ගලාගෙන යන ආකාරයේ යම් යම් දුර්වලතා සහිත ස්වබාවයක් තිබීමට පුලුවන්.
 ඒ මගේ සින්හල බස හැසිරවීමේදී මතුවන ගැටලුකාරී තත්වය නිසාය.
සිදුවූ  සියලුම දේ ඒ ආකාරයෙන්ම මෙහි සටහන් කිරීම ප්‍රායෝගික නොවන බව මගේ හැගීමයි.
අනෙක් කාරණාව නම් මේ කතාව ගොතා කීමෙන් මා හට කිසිදු ප්‍රයෝජනයක් නොලැබේ. මෙය ලියා තබනුයේ කියවන අයගේ හෝ අන් කෙනෙකුගේ අවධානය ලබාගැනීම උදෙසා නොව මා ලබූ අත්දැකීම මෙහි සිටින අය කියවන අය සමග බෙදාගැනීමට පමණි.

මේ ටික කියන්න හිතුනෙ  දැකපු කොමෙන්ටුවක් නිසා...


අනෙක් කාරණාව තමයි, මම බලාපොරොත්තුවුන කාලරාමුව ඇතුලත කතාව ලියාගන්න බැරිවුන එක... ඒකට නම් ඉතින් මේක කියවන අය මට සමාවෙන්න ඕනෙ.
අන්තිම අවුරුද්දෙ වැඩත් එක්ක ටිකක් විතර කාරිය බහුල වුනා... ඕක තමා කාරණාව...


හරි.. දැන් ආයෙත් කතාවට.

'මේ... ලස්සනයිද?'
"ආ ඔයා ඒක දාල නේද? 
ගෙදරින් එනකොට අම්මා දැක්කෙ නැත්ද?"
'නෑ.. එන්න ඔන්න මෙන්න කියලා දාගත්තා...'

ඇගේ උපන්දිනය වෙනුවෙන් මම තිළිණ කල පෙන්ඩන්ට් එක ඇය පැලදසිටිනවා දැකීම මට මහත් සතුටක් ගෙනදෙන්නක් විය.. ඉස්තරම්ම එකක් නොවූවද, මට තිබූ හැකියාවට සහ කාලයට අනුරූපව එය වටිනා දෙයක් විය. 
"හරි ලස්සනයි..."
'මේ ඒක නෙමේ...'
"ඒ පාර මොකක්ද?"
'නෑ ඉතින් exam එකෙන් පස්සෙ අපි මීට් වෙන්නෙ කොහොමද?'
"ම්.... ඔයා ඉතින් ශාමිලාගෙ ගෙදර යනව කියල එන්න..."

'හරි ඒත් ඉතින් ඒක හැමදාම කරන්න බෑනෙ...'
"එහෙනම් ඉතින් අනිත් දවසට නිලූශිගෙ  ගෙදර යනව කියල එන්න..."

'එතකොට ඊට පස්සෙ දවසෙ මොකද කරන්නෙ?'
"ම්.. එදාට නේද.... එදාට ඉතින් අපේ ගෙදර එනව කියල එන්න...
වැඩේ ඉවරයිනේ..."
"අවුලක් නෑ.. මම අපේ අම්මට කියල තියෙන්නේ..."

'හා... මොනවද ඉතින් ඔයා අම්මට කියල තියෙන්නේ?' 

"මෙහෙම කෙනෙක් ඉන්නවා එයාව කොයි වෙලාවක හරි ගෙදරින් පන්නපු ගමන් මම එයාව අපේ ගෙදරට එක්කන් එනව කියලා...." "එච්චරයි..."

'ආ.. දැන් ඔයා මේ බලාගෙන ඉන්නෙ මාව ගෙදරින් පන්නනකල් නේද?'

'එහෙම මාව පන්නන්නෙ නෑ හරිද... '
"අපෝ හරි හරි... එහෙනම් මම පන්නගෙන එන්නම් කෝ..."


"විහිලු නෙමේ ලමයා.. මම ඇත්තටම අම්ම නම් දන්නවා.."

'අම්මලට දැනෙනවනේ... එයාලට හොරෙන් අපිට මොකුත් කරන්න බෑ...'


ඉතිරි සති කිහිපය ගෙවීගිය අයුරු කොහෙත්ම සිතාගත නොහැකි තරම් විය...
සෙනසුරාදා පන්තිය පැවැත්වෙන අවසාන දිනය වනවිට කෙලින් සිටගත නොහැකිතරම් මම අසනීපව සිටියෙම්..


සෙනසුරාදා පන්තියේ අවසන් දිනයේ උදෑසන
ස්ථානය: මගේ නිවස


"අද ඔයා පන්ති යන්නම ඕනෑද?"
'ඔව් අම්මේ... අද නම් යන්න ඕනේ..'
"අනේ කොහොමද ලමයො මෙහෙම අසනීපෙන් යන්නෙ?"
'ඒ උනාට මම ගිහින් සර්ට කියල ඉක්මනින් එන්නම්...'
පන්ති ගමන වැලැක්වීමට දැඩි බලපෑමක් නොවින.


"මම හිතුවෙ ඔයා එන එකක් නෑ කියලා... දැන් කොහොමද ඔයාට?"
'එහෙම නවතිනවද මම?'
'තාම නම් හොද නෑ...'
"අනේ එහෙනම් පරිස්සම් වෙන්න..."

අසනීපෙ වැඩි උනොත් එහෙම...

හරි හරි ලමයො... හොදවෙයි... තව ටික දවසක් තියෙනවනේ..

"මේ දැන් ඔයා කොහොමද exam එකට යන්නේ?"
'ආ... අපේ ස්කූල් වෑන් එක යනවනේ...
කොළඹ යන ලමයි කතාකරල වෑන් එක දාගත්තා...'
" එහනම් කමක් නෑ.. දන්නවනෙ බස්වල යන්න ගියහම එපා වෙනවනේ..."
අපෝ.. ඒක නම් ඇත්ත...
මාව නම් ඉතින් තාත්තා ගෙනත් දායි...


"ඔයාට ක්ලාස් ඇරිල යන්න හදිසියක් නෑනෙ?
අපි පොඩ්ඩක් වෙලා ඉදලයමු හොදේ?"

'ම්...හා..'
'හැබැයි වැඩි වෙලානම් බෑ... ඔයාට අද සනීපත් නෑ..'




මතකයි නේද මම කියපුවා...
හොදට exam කරන්න...
ඉවරවෙලා මට ගෙදරට call එකක් දෙන්න... හොදේ...

දැන් පරිස්සමින් යන්න...

"ඔයත් හොදට exam කරන්න..."
"බේත්ටික වෙලාවට බොන්න.."
"අනික මම ඔයාට කිවුවෙ... දහම්පාසලේ මම දැන් උගන්නනවනේ... ඉතින් exam එකෙන් පස්සෙ මම ඉරිදට නම් දහම් පාසල් යනවා..."


'හරි ඔයාමට call එකක් දෙන්නකෝ...'
'ඊට පස්සෙ අපි මීට් වෙන්න විදියක් හදාගමු...'
"...දැන් පරිස්සමින් යන්න..."

ඉදිරියට...



2 comments:

  1. මේ කතාව සත්‍ය කතාවක් කියල මට තේරුනේ මුලදි මයි.. මොකද කතාව ගොතපු එකක් නම් ඒක තේරෙනවා.. නමුත් මේක කියවන කොට අමුතුම හැගීමක් දැනුන....

    ReplyDelete
  2. ලියාගෙන යන්නකො අපි කියවන්නම්

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails

~එස්. ඒ.~ ගැන