Pages

Wednesday, March 17, 2010

නදීශා 8

නදීශා 7මෙතන


එම අවසන් හමු වීමෙන් පසුව අප දෙදෙනාටම  2004 වසරේ උසස් පෙළ කඩයිමට මුහුණ දීමට සිදුවින.

එක් දිනයක විභාගය අවසානයේ නිවසට යාම සදහා මිතුරෙකුත් සමග සුපුරුදු ලෙසම ටවුමට පැමිණියෙමි.

"මචන්, අන්න අරයගෙ න0ගි ඉන්නවා...
අද ක්ලාස් එන්න ඇති.."
'කාගෙද බන්?'
"තොගෙ නදීශගෙ"
'කෝ කොහෙද?'
" උඹට නෑන පොඩ්ඩ බලන්න තියෙන හදිස්සිය..."
"නෑ යකෝ... නදීට exam කොහොමද දන්නෙ නෑ...
ඒක අහගන්න"
"අනික ඉතින් බලපන්... මෙච්චර ලස්සන නෑන කෙනෙක් ඉන්නකොට කාටද ආඩම්බර"
'ඔව් ඉතින් ඒක නම් ඇත්ත... උඹ නම් මාර ලකී මචන්...'
"හරි හරි වරෙන් යන්න...උඹවත් එයාගෙ ලගට එක්ක යන්නම්"

මින් පෙර දැක තිබුනද ඇය සමග කතා කරන පලමු අවස්ථාව මෙය විය...

"න0ගි... අක්කට exam කොහොමද? ලේසී කිවුවද?"
'ආ. අයියෙ, අක්කට සනීප නැති උනානෙ.
උන හැදුනා...exam එකට ගියත් හොස්පිටල් ඉදලා..'

"මොනවා... කවුරුවත් මට කිවුවෙ නෑනෙ..
වෙලාවට ඔයාව meet වුනේ..
දැන් කොහොමද එයාට..?"
'කවුරුවත් දන්නෙ නෑ... චින්තා අක්කත් දන්නෙ නෑ මම හිතන්නෙ..'
'දැන් ඉතිරි වෙලා තියෙන්නෙ chemistry විතරයි නේ..'

"මම දන්නව එයා කොහොමහරි හොදට ලියන්න ඇති...

හරි එහෙනම් ඔයා යන්න... අක්කට කියන්න ඉතිරි paper එකත් හොදට කරන්න කියලා.."

"අයියෝ මචන් අපරාදෙ බන්... මට මාර අප්සෙට් මේකට"

"එයා හොදට exam එකට මහන්සි උනා...
උඹ දන්නවනෙ එයා බ්‍රයිට් කියලා... බලපන් 3Aස් ගන්න තිබුණ චාන්ස් එක මිස් වෙයිද දන්නෙ නෑ..."

'හරි දැන් උඹ මේක දන්නෙ නෑ කියල අප්සෙට් ගන්න එපා...
exam ඉවර උන ගමන් කෙල්ලව බලන්න පලයන්...
උඹ දන්නවනෙ ගෙවල්... කලින් දවසක් ගියානේද?'

"ඔව් ඒක නම් හරි... ඒත් බ0 ... අනේ මන්දා මට හිතා ගන්න බෑ එයාට මොකද වුනේ කියලා.."

'හරි දැන් ගෙදර පලයන්... මෙතන ඉදිය කියල වැඩක් නෑ නෙ..'
විභාගයෙන් පසු කාටත් පොදු වූ ගන්ධබ්බ අවදිය උදාවිය... කරන්නට කිසිත් නොවීය.

ඇයට කතා කිරීමටද ක්‍රමයන් නොමැති විය..

එහෙත් එක් දිනක්...

නිවසේ දුරකථනයට කෙටි පණිවිඩයක් ලැබ්ණි.
එහි මෙසේ සටහන් වී තිබුණි...

"මම ඔයාව හොදින් දන්න කෙනෙක්... මේකට  'yes' කියලා reply කරන්න"

ඇති යන්තම්.. එයාලත් ගෙදරට phone අරන්... 
දැන් ඉතින් කතාකරන්න බැරි උනත් text එකක් හරි කොටා ගන්න පුලුවන්නේ...

'මේක අම්ම බිස්නස් වැඩ වලට ගත්තෙ... ඒක හින්දා වැඩිපුර තියෙන්නෙ අම්මා ගාව...'
ලැබුණු තවත් පණිවිඩයක එසේ සටහන් විය...
අපෝ මෙක ගත්තට වඩා හොදයි නොගත්තා නම්...

දිනක් සවස... වේලාව 4.30ට පමණ විය...

'හෙලෝ.. ර0ග ඉන්නවද?'
"ඔව් කතාකරනවා.... "
'මම චින්තා.. මේ මෙතන නදීශා ඉන්නවා... ඔහොම ඉන්න'

"හෙලෝ... ආ ඔයාට කොහොමද?"
'හොදයි...දැන් ඔයාට ටවුන් එකට එන්න පුලුවන්ද?'
"මේ දැන්..? ඔයාල ඔය කොහෙද ඉන්නේ? මේ වෙලාවෙ එලියට වත් බහින්න බෑ... මෙහේ හොදටම වහිනවා..."

'අපි ටවුමට කිට්ටුව ඉන්නේ.. 4.30 විතර වෙනකොට ටවුමට එන්න පුලුවන්...'

"දැන් නම් මට කීයටවත් එන්න දෙන එකක් නෑ... මෙහේ හොදටම වහිනවා..
අනික ආවත් 5 විතර වෙයි...මම එනකොට"

'එහෙනම් ඔයාට මාව ආයෙත් මීට් වෙන්න බැරි වෙයි...
මම තියනවා...'

එය මා කිසිසේත් බලාපොරොත්තු නොවූ පිළිතුරක් විය...

ඉදිරියට...

8 comments:

  1. මේ බ්ලොග් එක කීප විටක් දැක්කත් හරියකට කතාව කියවගන්න බැරි උනා. අද තමයි මෙතෙක් කොටස් ටික කියෙවුවෙ.
    දිගටම ලියන්න සුබ පතනවා මචන්.

    ReplyDelete
  2. matat beri unaa hariyata kiyawanna.
    mama ada gedara gohin kiya wannam.

    ela wagei

    ReplyDelete
  3. මං නම් කතාව මුල ඉඳලම කියෙව්ව..
    ඔහොම යනකො... මොකද වෙන්නෙ කියල අපිත් බලාගෙන ඉන්නෙ...
    සුබ පතනව මචං..
    දිගටම ලියන්න.

    ReplyDelete
  4. හුන්ඩුවක් ලියනව කියල හැමදාම බැන්න ට අද නං නියම තැනකින් කතාව නතර කරලා තියෙන්නේ... දිගටම ලියහං..

    ReplyDelete
  5. ලියන්න දිගටම කියවන්න කට්ටිය ඕනී තරම්

    ReplyDelete
  6. දිගටම ලියපන්කො. මමත් මේකට බුක්මාර්ක් එකක් දාලා තියෙන්නේ.....

    ReplyDelete
  7. ela machan
    digatama liyapan.

    mama kathawa iwara unama kiyawannam

    ReplyDelete
  8. අනෙ මට තාම මේ අක්තාව කියවනන් වෙලාවක් හොයා ගන්න බැරි උනා. . .ලබන සතියේ ඔක්කෝම ටික එකපාර කියනවා කියවනවාමයි . . .

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails

~එස්. ඒ.~ ගැන