Pages

Tuesday, April 6, 2010

නදීශා 12

නදීශා 11
සියලු දේ සිදුවී හමාරය....
නමුත් එක වරම ඇය මෙසේ වෙනස් වීමට නම් හේතුවක් තිබිය යුතුය...


නැවත දිනෙක  මාගේ වද කිරීම මත, ඇය මුණ ගැසීමට මට  හැකිවිය...

පුරුදු ලෙසම නොවූවත් ඇයත් සමග ටික වේලාවක් ගතකිරීමට හැකිවිය...

"අපි යමුද අපි මුලින්ම මුණ  ගැහුනු තැනට?"

'ම්.. ඉක්මනින් ගෙදර යන්න නම් ඕනේ...
කමක් නෑ.... යමු... ඒත් ටික වෙලාවයි..'

"ඔව් ඔයාව ඉක්මනින් මම යවන්නම්...."

ස්ථානය: "රස" නිවස
වේලාව: සවස 2.30ට පමණ.

"ඔයා මොනවද බොන්නේ?"
'කැමති දෙයක්'

ම්... අපිට ගේන්න ස්මැක් චොක්ලට් එකයි, ජින්ජ බ්යර් එකයි...
ඇගේ කැමතිම පානය ස්මැක් චොක්ලට් විය...

"නදීශා...
මට ඔයාට දෙයක් කියන්න තියෙනවා"

'මොකක්ද?'
"මම දන්නෙ නෑ ඔයා මේක අහල සතුටු වෙයිද අඩයි ද කියලා... ඒත් ...මේක මම මගේ ජීවිතයේ ගන්න අමාරුම තීරණය...."

'මම දැන් මට කියන්න තියෙන දේවල් කියල ඉවරයි...' 
මීට පෙර හමුවීමේ දී ඈ කීවාය....

කෙනෙකු බලෙන් මාවෙත රදවාගෙන ආදරය කිරීමේ හැකියාවක් නැත...

"අපි මේ විදිහට මුණ ගැහෙන අන්තිම දවස අද"

ඒ මොහොතේ ඇගේ මුහුණේ ඇදුනේ දුක් සහිත බවක්ද නැතහොත් සතුටක් ද යන්න මම අදටත් නොදනිමි...



නමුත් ඇයට ආදරය කල බව පමණක් දනිමි....

~නදීශා අවසානය~

10 comments:

  1. ඊට පස්සේ නදීශට මොකද උනේ එයා මොනවද කලේ කියල දන්නවද

    ReplyDelete
  2. ඔව් හැමදෙයක්ම.... දන්නවා..

    ReplyDelete
  3. හරිම දුක හිතෙන අවසානයක් මචං. උඹව දන්න යාලුවෙක් නිසා මං දෙයක් කියන්නම්. මං වෙලාවක උඹට කෝල් කරන්නම්.. දුක් වෙන්න එපා බං. ඕක මේ ලෝකෙ හැටි...

    ReplyDelete
  4. එකපාරටම හෙණ ගැහුවා වගේ උනා සහෝදරයා.
    නුඹට ජය පමණක් පතමි.

    ReplyDelete
  5. ජිවිතේ ඔහොම තමා අයියේ...
    සමහරු ඉන්නවා අපි මොනතරම් ආදරේ කලත් අපිව වත් අපේ ආදරේවත් තේරුම් ගන්න බැරි අය.
    ඔයා දුක් වෙන්න එපා....එයා දවසක තේරුම් ගනිවී ඔයා කව්ද කියලා

    ReplyDelete
  6. Chandika @ ..::E-KiCkS::.. :
    හෙළයා :
    මම :
    හැම දෙනාටම ගොඩක් ස්තූතියි...

    ReplyDelete
  7. This comment has been removed by the author.

    ReplyDelete
  8. හැමදාම කතාව කියෙව්වත් අද තමයි comment එකක් දාන්නේ, මට නම් මුකුත්ම හිතා ගන්න බැහැ මොනවා කියන්නද කියලා. නුඹට ජය.

    ReplyDelete
  9. මට නම් මුකුත්ම හිතා ගන්න බැහැ මොනවා කියන්නද කියලා

    ReplyDelete
  10. හෙළයා කිව්ව එක ඇත්ත එක පාරට හෙණ ගැහුව වගේ වුණා...
    මොනව කියන්නද කියල තේරෙන්නෙ නෑ...
    උඹ ගැන මට කණගාටුයි සහෝ...

    ලැබුවා වූ නව වසර...
    සාමය, සතුට සපිරි...
    ඔබේ සියළු පැතුම් ඉටුවන සුබ නව වසරක්ම වේවා !!!

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails

~එස්. ඒ.~ ගැන