Pages

Tuesday, April 6, 2010

"නදීශා" අවසානයට පසු...

"නදීශා"...මා ආදරය කල ඇය..


මෙය මීට වසර පහකට පමණ පෙර අවසන්වූ  ප්‍රේම කතාවකි...
එය මෙසේ සටහන් කර තැබීමේදී මෙතෙක් මෙය කියවූ කොමෙන්ටුවක් ඇතුලත්කල නොකල  සිoහල බ්ලොග් කියවනයේ සහ ලාoකීය සිතුව්ලි තුල සරණා සියලුම දෙනාට මගේ ස්තූතිය පිරිණමමි. විශේෂයෙන් වෙන් වෙන් වශයෙන් පිළිතුරු දීමට නොහැකිවීම  ගැන සමාවන්න

මෙහි අන්තර්ගතය තුල  සත්‍ය පමණක් ඇතුලත්වන නිසා මා මීට පෙර සදහන් කලාක් මෙන් කිසිදු අයෙකුට අගතියක් සිදුනොවන බව මගේ විශ්වාසයයි...
ඒනමුදු... සිදුවූ බොහෝ දේ මෙහි ඇතුලත්ව නැති බවද සදහන් කල යුතුමය….

මේ කතාව මෙසේ සටහන් කිරීමේදී මගේ මිතුරන් ඇතුළු ඇනොනිමස්ලා නැගූ  ප්‍රශ්නයක් විය...
එනම් මීට වසර ගන්නාවකට පෙර අවසන් වූ දෙයක් මෙසේ සටහන් කිරීමට හේතුව කුමක්ද යන්නයි..

ඕනෑම පුද්ගලයකුගේ ජීවිතය තුල ඔහුගේ හෝ ඇයගේ පළමු ආදරය තරම් ජීවිතයට දැනෙන දෙයක් නොමැති තරම්ය...එය සියලුම දෙනා අවිවාදයෙන් පිලිගනු ඇතැයි මම තරයේ විශ්වාස කරමි.
එම කාරණාව හැරෙන්නට වෙනත් කිසිදු සැලකිය යුතු තරමේ සාධකයක් නොමැත.

අවාසනාවකට මෙන් මම ඇයට තවත් එක් පුද්ගලයෙකු පමණක් වූවා යයි මම  දනිමි.
ඇය අසේලත් සමග සබදතාවක් පවත්වන බව පසුව මා දැනගත් හෙයිනි...
නමුත්.... ඔහුත් අද දවසේ විදවන පුද්ගලයෙකු බව නොරහසකි

"දේදුනු පාළම" වියුනු සටහන තුල පාඨකයන් ලෙස සිටින ඇයත් මමත් පුද්ගලිකව හදුනන අය මේ සියලු සිදුවීම් සම්බන්ධව සාක්ෂි දරනවා නොඅනුමානය..

අප දෙදෙනා පළමු වර මුණ ගැසෙන කාලසීමාවෙදී, ඇගේ oගී සමග යහලු වීමට පැමිණි අයකුගේන් බලපෑමක් දෙදෙනාටම එල්ලවී තිබිණ... පොදු  ප්‍රවාහනය තුල ගමන් කිරීමේදී පවා ඔවුන් දෙදෙනාටම මවගේ හෝ පියාගේ රැකවරණය ලැබීමට පවා සිදුවී තිබිණ..

පසුකාලයකදී නදීශාම, මේ බව මා සාමග පැවසුවාය...

එම කාල සීමාව තුල ඇයට ඇතිවන පිටස්තර බලපෑම් වලින් මිදීම සදහා  මා "පාවිච්චි" කලා දැයි මම නොදනිමි.

කෙසේ නමුදු,ඉතා සුන්දර මතකයන් සමුදායක් මාවෙත ඉතිරිකර නදීශා මගෙන් වෙන්වී ගොස් අවසානය...
ඇය නැවත මා වෙත නො එන බව සැබෑය….. නමුත්
ඇයට මා තුල හිමිවූ තැන,වෙනත් කිසිදු අයෙකුට  ලබානොදීමට මා තීරණය කර සහ කිසිවෙකුට ලබා ගැනීමට නොහැකි වී මේවන විට වසර 5ක් පමණ ගතවී ඇත...එහිදී ඇතිවූ බලපෑම තුලින් මිදීමට ඉතා අසීරු විය...


මෙය කියවන ඔබ තුල සම්බන්ධව විවිධ අදහස් පැවතිය හැක... කෙනෙකු එය අනුවන තීරනයක් ලෙසද, තවත් අයෙකු නුවනක්කාර තීරණයක් ලෙසද දැකිය හැක...
කාලය සියල්ල වෙනස් කරනු ඇත.... එතෙක්  බලා හිදිමි...


ඔබට සුබපැතුම්...










13 comments:

  1. මුල ඉඳන්ම කතාව කියෙවුවට අද තමා නිදහසේ දෙයක් ලියන්න වෙලාව ලැබුනේ.කිවුව කතාව ඇත්ත මචං.කාටවක්වත් ලේසියෙන් තමන් අවංකව කළ ආදරයක් අමතක කරන්න බැහැ.ඈ කළ දේ ගැන කවදාහෝ ඈ දුක් වේවී. ඒත් සහෝ ජිවීතේ ලැබෙන දේවල්වලට වඩා නොලැබෙන දේවල් වැඩි.හිත හොඳ කොල්ලෙක්ට කවදාකවත් වරදින්නේ නැහැ මචං.එක පාරක් පැරදුනාට හැමදාම පරදින්නේ නැහැ.ඔබට ජය.....!!!!

    ReplyDelete
  2. ගොඩක් ස්තූතියි මචං ...

    ReplyDelete
  3. මම ඔබේ සටහන කිය7ෙව්වට අද තමයි ප්‍රතිචාර දක්වන්නෙ. මේ ලියන මම එක පාරක් ප්‍රථම ප්‍රේමය ඒක පාර්ශවිකව කරල දුක් විඳල, දෙවන පරේමය හදිස්සියෙ අත හැරල ගිහිල්ලා , තුන් වෙනි පරේමයෙන් පස්සෙ severe depression කියන මානසික රෝගී තත්වයට ඇවිත් අවසානයේ ජිවියට , මට ගැලපෙන කෙනා නැවතත් හොයා ගත්ත කෙනෙක්. එක් කෙනෙක් විශ්වාස කරන්න බැරි වුනාට අනිත් අය හැම දෙනාම ගැන එහෙම හිතන්න එපා. ආදරයෙන් පරදින එකත් ජීවිතයට හොද අත්දැකීමක්. මොකද ඒ අත්දැකීමක් කරගෙන ජීවිතය ජය ගන්න පුලුවනි.

    ජය වේවා !!!!!

    ReplyDelete
  4. අද තමයි බ්ලොග් එක දැක්කෙ. කතාව මුල ඉදන් එක හුස්මට කියෙව්ව.
    මට මම උසස් පෙල කල කාලය මතක් උනා. මටත් ඔහොම උනා.

    එක පාරම " අපි මේ සම්බන්දෙ නවත්තමු " කිව්ව...

    ඒ කාලේ ආදරෙ අමතක කරන්න හරි අමාරුයි නේද මචන්.

    ReplyDelete
  5. අද තමයි බ්ලොග් එක දැක්කෙ. කතාව මුල ඉදන් එක හුස්මට කියෙව්ව.
    මට මම උසස් පෙල කල කාලය මතක් උනා. මටත් ඔහොම උනා.

    එක පාරම " අපි මේ සම්බන්දෙ නවත්තමු " කිව්ව...

    ඒ කාලේ ආදරෙ අමතක කරන්න හරි අමාරුයි නේද මචන්.

    ReplyDelete
  6. ඉස්සෙල්ලම ඇනොනිමසි විදිහට කමෙන්ට් කිරීම පිළිබදව සමාව අයදිනවා.....පුද්ගලික කාරනාවක් නිසා එසේ සිදුකිරීමට වන බව කරුණාවෙන් සලකන්න....

    මචං මමටත් උඔට වගේ ටිකක් සමාන අත්දැකීමක් තියේ....දැනට අවුරුදු 3කට පෙර එනම් 2007/02/03 දින මගේ පෙම්වතිය වු ඇය 2007/06/26 දින මගෙන් වෙන්වුවා...කෙටි කලක් මා සමග සිටියත් ඇය ම‍ගේ ප්‍රථම ප්‍රේමයයි...තවමත් ඇයට මම එදා මෙන්ම ආදරෙයි...ඇයත් උ‍බේ නදීශා වගේමයි.මට ඇය ලෝකයෙන්ම එක්කෙනෙක් වුවාට....ඇයට මාව ලොකයෙන් කෙනෙක් පමණක් වී ඇත....
    දුක අඩුත් නැත.උබේ අදහසේම සිටින මා තාමත් තනිකඩය.
    මට උබේ දුක දැනේ....මමත් ඔය දුක ඔය විදිහටම විදවමි.අවංකව ආදරය කර ලැබුනේ දුක පමණයි.නමුත් වංකව ආදරය කලේ නම් අපි දෙදෙනාම අද සතුටින්....
    අන්තිමට කියන්න තියෙන්නේ මට තවමත් කරන්න බැරි වුන දෙයක් වුනත් වෙන කියන්න දෙකුත් නෑ මචං.වැඩිය හිතන්න එපා...මොනා කරන්නද ඉතිං...
    සැමදා උ‍බේ සතුට රැදේවා...

    ReplyDelete
  7. nice machoooooo,
    math akagai GALA kiyapu deta..monawa wunat katawa so sad dr friend.good luck....

    ReplyDelete
  8. මේ කතාව මෙසේ සටහන් කිරීමේදී මගේ මිතුරන් ඇතුළු ‘ඇනොනිමස්ලා’ නැගූ ප්‍රශ්නයක් විය...

    ඔය එක ඇනියෙක් තමයි මම.. මම කිවුවනේ අන්තිමට මම කවුද කියනවා කියලා.. අර හැමදාම හුණ්ඩුවක් දානවට බැන්නේ මම තමයි.. :D කොහොම උනත් හැමදාම කුතුහලය දනවන තැනකින් කතාව නවත්තපුවාම ඉතුරු ‍ට්ක දැන ගන්න යි උවමනා උනේ...
    මුල ඉදලම මට තේරුනා මේක ඇත්ත කතාවක් කියලා... මේක ඔබට පමණක් නොව ගොඩක් අයට මේ සමාන අත්දැකීම් ඇති...

    ඔබට ජය...

    ReplyDelete
  9. hmmm...
    mama 1 digatama me kathawa kiyewa.
    mamath kelelk unata me loke godak kello ohoma thamai aiye.
    hitha hadaganna kiyana wachane uthare nownata wena karanna deyakuth nha ne.

    oyata jiweethe waradin nha aiye.

    ReplyDelete
  10. අද තමයි බ්ලොග් එක දැක්කෙ. කතාව මුල ඉදන් එක හුස්මට කියෙව්ව.මට මගේ O/L කල කාලය මතක් උනා. මටත් ඔහොම උනා.මං දන්නේ නැ කවුරුවත් මාව විස්වාස කාරවිද කියලා.මගේ ආදර කතාව පටන් ගත්තේ 2003.08.15,අවසන් උනේ 2009.05.07.මාත් උබ වගේම පළවෙනි අදාරේ නිසා අදටත් දුක් විදින කෙනෙක්.මටත් අසායි මගේ අදාර කථාව ලියන්න.අදටත් ඒ අවුරුදු මං 6ට ගොඩක් ආදරේ කරනවා.එයාට දැන් වෙන කෙනෙක් ඉන්නවා.මේ ලොකේ අවංකව ආදරේ කරපු කෙනෙක් සතුටින් ඉන්නවද මං දන්නේ නැ.කවුරුවත් විස්වාස නොකරාවි මං ඇය වෙනුවෙන් කළ දේවල් ඇහුවොත්.අවංකව ආදරය කරලා මට ලැබුනේ දුක පමණයි.නමුත් වංකව ආදරය කලේ නම් අපි දෙදෙනාම අද සතුටින්....මං උබට උපදෙස් දෙන්න සුදුසු නැ.එත් macho අම්මා,තාත්තා ගැන හිතලා හොදින් ජිවත් වෙයන්.අදවෙනතුරු හරි මං ජිවත් උනේ මගේ අම්මා,තාත්තා,යාලුවෝ නිසා.තනියෙන් ඉන්න එපා,යාලුවෝ එක්ක වැඩියෙන් ඉදපන්,හැමවේලෙම වැඩක් කරපන්.මං දන්නවා එයා මගේ ලගට ඇවිත් දවසක සමාව ගන්නවා.එ උබේ වගේම මගේ ආදරේ අවංක නිසා....

    ReplyDelete
  11. Mage comment 1 anit ayage comments walata wada tikak wenas.eya oyawa dala giye nikam nemey.wena boy kenek lagata yana ona nisay.enisa me kathawa liyana oya nasti karapu kaleth aparade kiyalay matanam hithene.oyata mehema duk wena tibuna wena balapamak nisa oyalage affair 1 natiwunanam.Enisa oya e gana duk wena eka moda kamak kiyalay mata hithene.

    ReplyDelete
  12. Anonymous 3:
    [said]
    Mage comment 1 anit ayage comments walata wada tikak wenas.eya oyawa dala giye nikam nemey.wena boy kenek lagata yana ona nisay.enisa me kathawa liyana oya nasti karapu kaleth aparade kiyalay matanam hithene.oyata mehema duk wena tibuna wena balapamak nisa oyalage affair 1 natiwunanam.Enisa oya e gana duk wena eka moda kamak kiyalay mata hithene.
    [/said]

    oyage pahadeili kireemata thnks.
    eath oya eya gena hariyata danne nea kiyala mama hithanawa.
    mokada eya ehema giya kena lagath dan nea...

    samahara wita oya mage gana danna kenek wenna athi. kelin katha karanna, mama oyata answer eka dennam. oya nodanna mama methana liyapu nathi godak dewal ekka. :D
    thanks for the comment.

    ReplyDelete
  13. "මිතුර, ඔබට දැනෙන ඒ දුක අප සියල්ලන්ටම පොදු දුකකි. කෙනෙකු ආදරය කල පසුව වින්දවෛ, තවත් කෙනෙක් තම ආදරය ප්‍රකාශ කිරීමට මත්තෙන් ම හදේ මතුවූ සුන්දර අදර මාලිගය සැනින් බිඳවැටෙනු කඳුළු පිරි දෑසින් බලා සිට වින්දවෛ. අප මේ ජීවත් වන සංසාරයේ එක නවාතැනක ඔබට හමුවුණු "නදීෂාවිය" ඔබට නැවත මුණ නොගසීවා යි..... ඔබගේ කැමැත්ත නොවිමසමින්ම මම ප්‍රර්ථනා කරමි.... "

    ReplyDelete

LinkWithin

Related Posts with Thumbnails

~එස්. ඒ.~ ගැන