Pages

Thursday, July 28, 2011

28/07/2011


මාස ගානකට පස්සෙ ලිපියක් පල කරන ලිපියක්... ගොඩක් වෙලාවට තියෙන වැඩත් එක්ක කියවනව ඇරෙන්න ලිපියක් දාන්න කාලයක් නෑ...
චූටි මහත්තයා,
  බිඟූ,
ගඩොල්,
මාරයා අයියා,
...:::E-කික්ස්::...
දුකා අයියව දැක්කෙ නෑ නෙ!

එහෙම බලන්න අමතක කලේ නෑ. අළුත් අයත් ගොඩක් ඉන්නවානෙව...

ඒ අතරම කියන්න ඕනෙ, මම දැනට වැඩකරන තැන ගැනත්...
දන්න අයත් ඇති, දන්නෙ නැති අයත් ඇති... නමින් කිවුවොත් පිරාමල් ග්ලාස් සිලෝන් පී එල් සී. 







රත්මලානෙ තියෙන වීදුරු බෝතල් හදන පැක්ටරිය කිවුවොත් දන්නව ඇති සමහර විට.
 ඒත් දැන් නම් ඒක තියෙන්නෙ හොරණ අපනයන සැකසුම් කලාපයේ. වෙබ් අඩවියට ගිහින් බලනවා නම් මෙතනින් යන්න...

දන්නෙ නැති අයට කෙරෙන දේත් කෙටියෙන් කියන්නම් කෝ... ඔය බ්ලොගර් කාරයො/කාරියො ඔක්කොමල බීම බීල තියෙනවනෙ? සුවඳ විලවුන් පාවිච්චි කරල තියෙනවනෙ. නිකමට බලලා තියෙනවද ඒවා අඩංගු වෙලා තියෙන බෝතලේ ගැන?

බෝතලේ අඩියෙ හරි වටේ හරි බැලුවම පෙනෙයි "පීජීසී" හරි "සීජීසී" (සීජීසී : සිලෝන් ග්ලාස් කම්පැණි. - කියන්නෙ පරණ නම  )
( මාර අයියා එහෙම ඕක දැකල නැත්ද හැබෑට??  )


ගොඩක් වෙලාවට දන්නෙ නැතුව ඇති.


ඒ වීදුරු බෝතල් නිෂ්පාදනය කරන්නේ අපි.
වසබෝතල්, බීම බෝතල්, විලවුන් බෝතල්, අරක්කු බෝතල්...ආදී මෙකී නොකී ඔක්කොම...
අනෙක් කාරනාව තමයි, ලඬකාවටම බෝතල් නිපදවන්න කියල තියෙන්නෙ මේ කොම්පැණිය විතරයි.
 මීට කලින් මේක ශ්‍රී ලඬකාණ්ඩුවට අයිතිව තිබුණු දෙයක්.. ඒත් දැන්නම් අයිතිය තියෙන්නෙ, ඉන්දියාවෙ පිරාමල් සමූහයට.

වීදුරු නිෂ්පාදනයට ඕනෙ කරන මූලික අමුද්‍රව්‍ය වන සිලිකා වැලි ගේන්නෙ නාත්තන්ඩියෙන්... වැලි සකස් කරන්නෙත් අප සමාගමටම අයිති ශාඛාවකින්.. ඉතින් ඒකත් වැඩි වියදමක් නැතුවම සිද්ධවෙනව..


වීදුරු බෝතලයක් නිපදවෙන ක්‍රියාවලියත් බොහොම සිත්ගන්නා සුළුයි... මේක බලන්න කැමති කෙනෙක් ඉන්නවා නම් ඉතින් ලිපියකින් ඉල්ලීමක් කලාම කාලවේලාවක් ලබාගන්න පුළුවන්...

විශේෂයෙන්ම ඉස්කෝලෙ යන නංගිලා මල්ලිලාට ඉතින් වැදගත් මයෙ හිතේ...
6 වසරෙන් ඉහල අය එනව නම් තමා වැඩිය හොඳ. මොකද ඊට වඩා පොඩි එවුන්ට මේක බැලුවට තේරෙන්නෙ නැනෙ.

අනික වීදුරු උණුකරන ප්‍රදේශය ගොඩක් උණුසුම්. (1500 සෙල්සියස් විතර උෂ්ණත්වයකින් තමා වීදුරු ද්‍රව වෙන්නෙ. )

 බලන්න ඒනව නම් ඉතින් මටත් උදව් කරන්න පුළුවන්... අවසරය අරන් දෙන්න.


දැනට ඇති වගේ...






LinkWithin

Related Posts with Thumbnails

~එස්. ඒ.~ ගැන