Pages

Friday, December 23, 2011

"රාත්‍රී ධාවනය"


මේ සටහන ලියල තියන්න ටිකක් පහු උනත් ලියල තියන්නම ඕනෙ දෙයක් කියල හිතුනා.. පහුගිය 17 කොළඹදී පැවැත්වුනු රාත්‍රී ධාවන තරඟ (නයිට් රේස් ) බලන්න යන්න අවස්ථාවක් ලැබුණා.(ලැබුණා කියල කිවුවට ගෙඩි පිටින්ම රුපියල් 2000ක් දීල ගියේ.) මමත් මගේ යාලුවෝ දෙන්නෙකුත් තමා ගියේ.. ඇතුලෙදි තවත් කීප දෙනෙක් සෙට් වුනා..  ටිකැට්ටු තුන ගත්තෙත් එදාම හවස 4ට විතර.

රේස් බලන්න අපට නියමිත ආසන වෙන් කරල තිබුන තැනට (ඉලෙක්ට්‍රික් පීකොක් කලාපය) යනකොට
රේස් පටන් අරන් තිබුනෙ.වෙලාවට නියමිත තැනට යන්න බැරි වුනේ මගේ ප්‍රමාදය නිසාම තමා... අනිත් උන් දෙන්න මට හොඳට දෙහි කැපුව...
  වී.අයි.පී. ටිකැට් වලට පිං සිද්ද වෙන්න එතනට ගියා මිසක්ක, මේ සම්මජාතියෙ යන්න වෙන්නෙ නෑ.( අපරාදෙ කියන්න බෑ අපේ පොලිස් මාමල ටිකැට් වලට නම් දෙයියන්ට වගේ සැලකුව.. වී.අයි.පී. නිසා )

මේ තියෙන්නෙ යමින් ගමන් ගහපු එකක්... ඒත් මේකෙ කාර් නම් නෑ.. පින්තූරෙ ගන්න කොට කාර් ගිහින් ඉවරයි

පේනවනෙ පින්තූරෙ ගහපු වෙලාව.. එතකොටත් අපි  මග..  මෙතන ඉදන් තමා ලම්බොගිනිය ගිය මුල්ම රේස් එක බැලුවෙ...

කොහොමින් හරි පීකොක් කලාපයට ගියා කියමුකෝ... නයිට් ක්ලබ් එකකට ගියා වගේ තමා.. ඉස්තරම් මත්පැන් බෝතලයක්.. රුපියල් වලින් 7000ක්!! කොහේ බොන්නද..!!
 50මිලි. රුපියල් 600ක මිලක් සටහන් කරල තිබුණා...
 බීර කෝප්පයක් 150ක්.. අනිත් කෑම බයිට් වලත් නොදෙවෙනි මිලක් සටහන් වෙලා තිබුණා..


මේ දාල තියෙන්නෙ අපේ කන ගාවින් යන කාර්



නොදැනුවත් කම හින්ද ද මන්ද, මේ රේස් යන අතරවාරෙ පාර එහා මෙහා පැනපු අයත් හිටියා.. පොඩ්ඩක් හරි එහා මෙහා උනානම් ඉතින් කෑලිත් නෑ තමා..
මොණර කලාපෙ දැවැන්ත තිර දාලත් තිබුණ..


මේ ඉන්නෙ උද්යෝගීමත් ප්‍රේක්ශකයො..



මෙන්න වේගෙන් යන කාර්...



තිබුණ රේස් ඔක්කොම ඉවර වෙනකොට පහුවෙනිදා උදේ 5.45 විතර වුනා.. තව පින්තූර ගොඩක් තියෙනව.. ඒවත් හෙමීට දාන්න හිතාන ඉන්නව..

 දැනට මේ ඇති වගේ..







LinkWithin

Related Posts with Thumbnails

~එස්. ඒ.~ ගැන