Pages

Monday, January 16, 2012

"ජෙට්ලයිනර්" - හිරු බසින මොහොතේ සවාරිය

2012 අළුත් අවුරුද්දෙ මුල්ම සටහන.


  ජෙට්ලයිනර් නැවේ ලබපු අත්දැකීම ගැනත් සටහනක් ...

ජෙට්ලයිනර් එක ගැන නම් මේ වෙනෙකොට නොදන කෙනෙක් නැතිතරම්. ඒත් ඒකෙ සවාරියක් එක්ක කාලය ගත කරන්න ලැබෙන්නෙ සීමිත පිරිසකට විතරයි. ඒ සීමිත පිරිසෙන් කෙනෙක් වෙන්න මටත් අවස්ථාව ලැබුණා.. මේ සටහන ඒ ලබපු අත්දැකීම සහ දැකපු දේවල් ගැනයි.

අප ආයතනයේ 2011 වසරට නියමිත, විධායක නිළධාරීන්ගේ සුහද හමුව පැවැත්වුනේ ජනවාරි 14 ජෙට්ලයිනර් නැවේ. මේක සහභාගී වුන හැමෝටම අළුත් අත්දැකීමක් වුනා.

නැවට ගොඩවෙන්න වෙලාව තිබුනේ හවස 4ට විතර. අපි ගිය වාහන නැවතුම්පලේ ඉදන් නැව දක්වා නොමිලේ ප්‍රවාහන සේවයක් නාවුක හමුදාව විසින් දාල තිබුනා... නැවට ගොඩවෙන හැම කෙනාගේම හැදුනුම්පත පරීක්ෂා කලාට පස්සෙ තමා අදාල උත්සවය තිබුණ තැනට යන්න පුළුවන් වුනේ.

මේ තියෙන්න ඒකෙ පින්තූරෙ... 


මේ තියෙන්න එතන ඉදන් බැලුවම වටපිටාව පේන හැටි..












මේ තියෙන්නෙ ඇතුලට එන අය මෙව්ව කරන්න දාල තිබුණ පින්තූර



වටපිට සිරි...







තව...





ඔන්න යන්න පටන් ගත්තා... මේ හෙමීට පටන්ගත්තෙ පැය එකහමාරක ගමනක්...





මේං... ඇංජිම






මේ තියෙන්නෙ නැවේ කප්පිත්තා ඉන්න තැන...


 ඔය උඩින් දාල තියෙන්න සමාන්‍යයෙන් නැව පාලනය කරන තැන. මේ පහල තියෙන පින්තූරෙ පෙන්නල තියෙන්නෙත්, හදිසි වෙලාවකදි නැව පාලනය කරන්න පුලුවන පාලක පුවරුව..

හදිසි වෙලාවකදි පාලනය කරන්න පුලුවන් තැන තියෙන්නෙ ප්‍රධාන පාලක ඉන්න තැනින් වම් පැත්තට වෙන්න..








දැන් වේගය "ක්නොට්ස්"(මුහුදු සැතපුම් ) 13.4යි

මේ තියෙන්නෙ, පාලනය කරන තැන ඉදන් බැලුවම නැවේ පිටිපස්ස පේන හැටි...


නැවේ ඉස්සරහම කෙලවරේ ඉදන් බැලුවම කපිතාන් ඉන්න තැන පේන්නෙ මේ විදියට....





මේ තියෙන්නෙ අපි යන අතරතුරේදි ඉර ගිලුනු හැටි....





ඉර ගිලුනට පස්සෙ වටපිටාව...



වටපිටාවට මැදිවුන මම...








අපිට මැජික් එහෙමත් පෙන්නුව... මේ ඉන්න වීදුරුව ඔලුවෙ තියාගෙන සූප්පුවෙන් කිරිබොන අපේ කොලිටි එකේ සහකාර කළමණාකාර "නවා"



පොඩි නැටුමකුත් දැම්ම...


රෑ 10 වෙනකොට තෑගි දීල, දිනුම් ඇදල , නටල, කාල බීල ඔක්කොම ඉවර වුනා...

සාමාන්‍යයෙන් 10ට නැවේ ගන්න උත්සව ඉවර කරනව...

ආපහු අපේ වාහන නවත්තපු තැනට එන්න රෑ 10 වෙනකොට බස් දාල තිබුණා...
අළුත් අවුරුද්දෙ ලැබුණ අලුත් අත්දැකීමක මතකයන් තැම්පත් වුනේ ඔන්න ඔය විදියට තමා...




10 comments:

  1. පට්ට ගමන..මමත් ගියා..අපිට නම් මැජික් පෙන්නුවේ නෑද්ද මන්ද...2011 ඔක්තොම්බර් වගේ මම නම් ගියෙ...ගිහිල්ලම බලන්න ඕනි නේද බන්...ඇතුලෙ බීම එහෙමනම් ටිකක් ගනන් සැර වැඩී... :D (බිව්වෙ එහෙම නෑ ඔන්න..ගාන ඇහුවා :p )

    ReplyDelete
  2. ගල්කිස්ස හරියට නැව යනවා නේද. දෙහිවල ගල්කිස්ස හරියට ගොඩක් දවස්වලට ඕක පේනවා.

    ReplyDelete
  3. @හරී: ස්තූතියි... ඔව් ඒක හොඳ අත්දැකීමක් ...

    @රෙෂාන් Chathuranga: ආ එහෙමද, ඔව් මචන්... ගිහින්ම බලන්න ඕනෙ තමා...

    ගනන් නම් දන්නෙ නෑ බන්.. අපිට සියල්ල නොමිලේ... :)

    @දූපත්: ඔව් පැය එකහමාරක්ම ගියා.. රෑ හින්ද ඉසව්ව හොයාගන්න බැරිඋනා..

    ReplyDelete
  4. හොඳ ෆන් එකක් අරන් තියනව. දැන කියා ගන්නත් ගොඩක් දෙ තිබිලා තියනවා නේද

    ReplyDelete
  5. සුලඟ කොහොමද සැප සනීප.... ඒ කාලේ ඉදලා හිටපු යාලුවෝ හොය හොයා යන ගමන් මේ....

    ReplyDelete
    Replies
    1. හොඳයි!!! බොහොම ස්තූතියි හොයල බැලුවට!!
      දැන් ඉතින් ලියන අය ගොඩක් ඉන්නවනේ... අපි ඉතින් පාඩුවෙ කියවනව...

      Delete
  6. Replies
    1. අහ්.. සෑම්! ස්තූතියි!

      Delete

LinkWithin

Related Posts with Thumbnails

~එස්. ඒ.~ ගැන